පවතින ක්‍රමය අනාදරනීය බව ඔහුගේ මේ වදන් තුළ සඟව තිබෙනවා. එය ක්‍රම විරෝධි දේශනයක් "පවුල" හා "විවාහය" පවතින්නේම ක්‍රමය පවත්වා ගන්නා උපකරණ ලෙස විවාහයේ පදනම අාදරය නම් එයට අනාදරනීය පවතින ක්‍රමය පවත්වා ගන්න උදව් කරන්න බෑ කියන පණිවුඩය මේ දේශනයේ තිබෙනවා.

මඟුල් පූජා දේශනාවට සැබෑ එළියක් දුන් මයිකල් කරි බිෂෝප් තුමා.

රාජකීයන්ගේ මඟුල් ගෙවන් ගැන ලියන එක අපේ කාර්යයක් නොවේ. එ් රාජකීය මඟුල් ගෙවල් වල ජේත්තුකාර නාස්තියම ක්‍රිස්තියානි ප්‍රේමයට එකඟ නොවන නිසා එපමණක් නොවෙයි රාජකීය බවම දේව රාජ්‍යයට පටහැනියි.

නමුත්, හැමෝම වගේ දන්න බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරයාගේ දෙවෙනි පුතා අප්‍රිකානු සම්භවයක් අැති අැමරිකානු කාන්තාවකගේ දියණියක විවාහ කරගැනීමේ මංගල පූජාවේ දේශනය ගැන යමක් සටහන් කිරීම මැනවැයි සිතුවා.

බිෂෝප් කෙනෙක් කසාද පූජාවට ගෙන්න ගනන ලංකාවේත් හුඟාක් අය කැමැතියි එංගලන්තයේ අැන්ග්ලිකානු සභාවේ විවාහයක් වන මේ රාජකීය මංගල්‍යයේ දේශනය කළේ අැමරිකාවේ එපිස්කෝපල් අැන්ග්ලිකානු සභාවේ මයිකල් බෘෘස් කරි නම් වූ කළු ජාතික බිෂෝප්වරයා. ඔහුට අාරාධනා කර තිබුණේ මනාල යුවල.

අතිශය රැඩිකල් බිෂෝප්වරයෙකු සේ සැලකෙන එතුමා ජාතිවාදයට එරෙහිව හඬ නඟන්නෙක්. එපමණක් නොවෙයි සමකාමි ප්‍රජාවට තම සභාව තුළ විවාහයට අවසර දීම නිසා සභාව තුළින්ම විවේචනය වලට මුහුණ දී සිටින්නෙක්.

එතුමාගේ කතාව මාටින් ලූතර් කිං පූජක තුමාගේ මට සිහිනයක් තිබේ කථාවෙන් අාභාශය ලැබු කථාවක් ලෙස අැතැමුන් හඳුන්වා තිබුණා. එතුමා තම කථාව අාරම්භ කර තිබුණේද මාටින් ලූතර් කිං ව උපුටා ගනිමින්.

අන්තර්ජාලයේ තිබෙන විවාහය ගැන ඉංග්‍රීසි කියමන් දෙක තුනක් උපුටාගෙන එහාට මෙහාට කරමින් හෝ බොරු පාණ්ඩිත්‍යක් පෙන්වා විවාහ දේශනා වලට විවාහයේ පදනම වන අාදරයේ සැබෑ හරය මතු කර දෙන්නට මේ දේශනය සමත්වෙනවා. ලෝකයෙන් වෙන්වුනු පවුලක් නෑ. ලෝකය හා නොබැඳුනු අාදරයකුත් නෑ. එතුමාගේ දේශනයේ ප්‍රධාන සාරය වන්නේ "අාදරයේ බලය" හා "අාදරයේ මාවතයි"

2018.06.22.09

"මාටින් ලූතර් කිං පැවසු විදිහට අපි සියළු දෙනා අාදරයේ බලය සොයා ගත යුතුයි. අපි එය සොයාගත් දවසට මේ පරණ ලෝකය වෙනුවට අලුත් ලෝකයක් ගොඩනගා ගත හැකියි."

ඔබ මුලින්ම අාදරයෙන් බැඳුණු මොහාෙත ගැන කල්පනා කරන්න. මුළු ලෝකයම ඔබ සහ ඔබේ අාදරය ලද කෙනා වටේ ගොඩනැගී තියෙන බව ඔබට දැනෙන්නට අැති. යෞවන ප්‍රේමයේ විරතක් නෙවෙයි. ඔිනෑම විදිහයක අාදරයට බලයක් තියෙනවා. ඔිනෑම හැඩයක අාදරයට බලයක් තියෙනවා අාදරය දැනෙන විශේෂ විදියක් තියෙනවා. ඔබ අාදරය ලබද්දී ඔබ එය දැනගනිද්දී කවුරුන් හෝ එබ ගැන හොයන බව තේරුම් ගනිද්දී ඔබත් එය පෙන්වද්දී ඔබට දැනෙනවා. එ්ක තමයි හරි කියලා, එහි මොකක් හො හැබෑ යමක් තියෙන බව එබට දැනෙනවා.

එ්කට හේතුවක් තියෙනවා. අපි ගොඩනැගිලා තියෙන්නේ අාදරයේ බලයෙන්. අපව නිර්මානය වෙලා තියෙන්නේ අාදරය එක්ක ජීවත් වෙන්න. අපි මෙතැනට එන්නේත් අාදරය නිසායි. මේ දෙදෙනාගේ අාදරය වටා අපි හැමෝම එකතුවෙනවා. 

සැබෑ අාදරය හමුවෙන තැන දෙවියන් දන්නා කෙනෙක් අාදරය දන්නා බව, මොකකද අාදරය කියන්නේ දෙවියන්, අාරයේ මාවත ජීවිතයේ මාවතයි. අාදරය අාත්මාර්ථකාමි නැහැ. ස්වාර්ථය වටා ගෙතී නැහැ. අාදරය කියන්නේ කැපකිරිම්, එවන් අාදරයක් ලෝකය වෙනස් කරනවා.

විසිවැනි සියවසේ ශ්‍රේෂඨතම මිනිසෙක් වන පියරේ ටෙල්හාඩ් ගින්දර ගැන කතාවක් කියනවා. තාක්ෂණික සහ විද්‍යාත්මක පැත්තෙන් ගින්දර සොයාගැනීම ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් බව, ලොක ශිෂ්ටාචාරය යථාර්ථයක් කරන්නට ගින්දර මහා උපකාරයක් වුණා. ගින්දර විසින් උණුසුම නිර්මාණය කරද්දී ලෝකයේ ජනගහන ව්‍යාප්තීය සීතල පෙදෙස් දක්වා සිදුවුණා. ගින්දර විසින් අාහාර සකස් කළා.

ගින්දර නැතිව ලෝකඩ යුගයක් නෑ. ගින්දර නැතිව යකඩ යුගයක් නෑ. ගින්දර නැතිව කාර්මික විප්ලවයක් නැහැ. ප්‍රවාහනයක් නැහැ. යේසුස් ජලය මතින් ගමන් කරපු බව කියනවා. එහෙත් මම අැමරිකාවේ සිට එංගලන්තයට අාවේ මුහුද දෙබෑ කරගෙන නෙවෙයි, ගුවන් යානයෙන්, ගුවන් යානය ගමන් කරන්නේ පාලනය කරන ලද ගින්දරවල බලයෙන්, ගින්දර බොහෝ දේවල් පහසු කළා. බොහෝ දේවල් වෙනස් කළා. අප ගින්දර සොයාගත්තාක් මෙන්, අාදරයේ බලය සොයාගතහොත් එය එළි ගින්දර සොයාගැනීමක් වේවි. 

බයිබලයේ මෙන්න මේ පොතේ මෙන්න මේ ඡේදයේ මෙන්න මේ වගන්තිය ලෙස උපුටා නොදැක්වූවාට මුළු දේශනයට ශුද්ධ වූ බයිබලයේ මත පදනම් ව ගොඩනැගි තිබෙනවා.

මොහොතක මවා ගන්න අාදරය මාවත වු විට අපේ පවුල් කෙබඳු ෙවේවිද ? අපේ ගම් හා නගර කෙබඳු වේවිද ? අපේ සමාජයක් කෙබඳු වේවිද ? අාදරය මාවත වූ විට අපේ අාණ්ඩු හා ජාතින් කෙබඳු වේවිද ? අපේ ව්‍යාපාර කෙබඳු වේවිද ?

අාදරය මාවත වූ වි දුප්පත්කම ඉතිහාසයට එකතු වේවි. අාදරය මාවත වූ විට මේ පෘතුවිය ක්ෂම භූමියක් වේවි.

අාදරය මාවත වූ විට කිසිම දරුවෙක් කුසගින්නේ නින්දට නොයාවි. අාදරය මාවත වූ විට අපි කඩු හා පළිහ ගංගා අද්දර වීසි කර දමාවි.

අාදරය මාවත වූ විට යුද්ධය තව දුරටත් නොතිබේවි.

අාදරය මාවත වූ විට අපි සැබැවින්ම එකිනෙකාට සලකාවි එකම පවුලක සහොද්ර සහෝදරයන් සේ.

අාදරය මාවත වූ විට යුක්තිය නොසිඳෙන දිය අැල්ලක් සේද ධර්මිෂ්ඨකම ගලා බසින දිය දහරක් සේද පවතිනු අැත.

මයිකල් කරි බිෂාෙප්වරයා විවාහයේ අරුත දේව රාජ්‍ය හෙවත් යහපත් ලෝකයක් උදා කිරීම හා සම්බන්ධ කරමින් එයට හිමි දෙව් අරුත මතු කිරීම ප්‍රශංසනීය. 

 

jesustodaysl 2 වන වසර 16 වන සතිය 2018 ජූනි 24

Comments powered by CComment