මරා දැමුනු පුස්තකාලය සේවකයින් හතර දෙනා කව්දැයි නොදනිත මගේ හදවතේ ලියැවි අැති මිනිසෙකු වේ. එ් පුස්තකාලයේ ගින්න දරාගත නොහැකිව ලය පැලී මිය ගිය මිනිසාය.

ගෙවුනු ජූනි 01 වනදා යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 37 ක් සපිරිනි. 1981 ජූනි 01 රාත්‍රියේ යාපනයේ පුස්තකාලයට ගිනි තැබුවෝ ගිනි බත් කළෝ පොත් පමණක් නොවේ. ගිනි තැබීම අතර තුර පුස්තකාලය ඉදිරිපිටදි වෙඩි තැබිම් ද සිදු විය. තම ජිවිතය සේ පුස්තකාලය අාරක්ෂා කළ සේවකයින් හතර දෙනෙකුටද එ් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් විය. මෙවර ඔවුන්ව සමරා පහන් දැල්වීමක් සිදුවීම පොත්පත්වලට අාදරේ කරන මිනිසුන් හදවතේද ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වීමක් විය.

යාපනයට යන සෑම විටම මා පුස්තකාලය අසලට යන්නේ පශ්චාත්තායීක හදවතිනි. "ත්‍රස්තවාදය" හඳුනා ගැනීම පිළිබඳ කතා කියන උතුරේ බොහෝ දෙනෙකු 1981 දී සිදු වූ මේ මහා ත්‍රස්තවාදය උතුරේ අරගලය අහිංසා මාවතින් ඉවතට තල්ලු කරන්නට බලපෑ බව කියන්නේ නැත. 

පොත පතට අැළුම් කළ දහස් ගණන් මිනිසුන් එදා මේ අපරාධයට එරෙහිව නැගී සිටියේ නම් ඉතිහාසයට වෙනස් විය හැකිව තිබුණේ නැද්ද ? විටක මට සිතෙයි. මරා දැමුනු පුස්තකාලය සේවකයින් හතර දෙනා කව්දැයි නොදනිත මගේ හදවතේ ලියැවි අැති මිනිසෙකු වේ. එ් පුස්තකාලයේ ගින්න දරාගත නොහැකිව ලය පැලී මිය ගිය මිනිසාය. ඔව් හූ නම් අාචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමාය.

මංජුල වෙඩිවර්ධනගේ "සුළඟට අවනතව" කාව්‍ය සංග්‍රහයේ "දාවිත්" නම් කවියට පසු වදනක් ලෙස එතුමා ගැන මෙසේ සටහක් තබා අැත.

"අාචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහි වූ භාෂා පඬිවරයෙකි. "ඉන්දු අාර්ය භාෂා" සහ පොදුවේ "භාෂා නිරුක්තිකය" පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍ර කරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ අාචාර්ය උපාධි කරන වකවානුවල අැරණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම කටයුතු කළේ තමන් ද අාදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේය. යාපනය පුස්තකාලය එ් අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31 වැනිදා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් අැතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනු දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතීශය කම්පාවට පත් වු ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ."

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

Comments powered by CComment