2018 ජනවාරි මාසය තුළ පමණක් මෝටර් සයිකල් 31709 අලවි හි තිබෙනවා. එ් කියන්නේ 1300 ක් පමන දවසකට විකිනෙනවා.

තාරුණ්‍යයේ සිහින අතර ප්‍රධාන තැනක් මෝටර් සයිකල් වලට හිමි වෙනවා. මෝ බයික් එකක් ! එ්ක ලොකු හීනයක්. අපේ ගම් පලාතේ අවුරුදු 19, හා 20 හා 22 තරුණයින් තිදෙනෙක් පසුගිය වසරක පමණ කාලය තුළ මෝටර් බයිසිකල් අනතුරු වලින් මිය ගියා.

දෙන්නෙක්ටම මෝටර් සයිකලය ලැබිලා තිබුනේ උපන් දින තෑග්ගක් ලෙස. අනෙකා රැකියාවේ පළමු පඩියෙන් ලීසිං දාලා මෝ බයික් එක අරැගෙන තිබුණා.

අපේ මාමා, මම මෝටර් සයිකලයක් ගන්න යනවා කිව්වම (අැත්තටම නම් අපේ අම්මා අරන් දෙන්න යනවා කිව්වම) "රෝද දෙකක් හයි කරපු මිනි පෙට්ටියක් අරන් දෙන්න මොකක්ද තියෙන හදිසිය. අවුරුදු 25 ක් පස්සේ අරන් දෙන්න" කියලා කිව්වම මට මළ පැන්නා.

එ්ත් මේ මරණ තුනම සිදු වුණු අවස්ථාවේ මට දැනුණා මාමා කියපු කතාව. අවුරුදු 25 ක් විතර වෙනකොට යම් පරිණතකමක් අැති වෙනවා. වීරකම් කරන්න හිතනවා අඩුයි. 

  • 2017 වසරේ ලංකාව තුළ අලවි වී අැති මෝටර් සයිකල් ගණන 344 380 ක්. එ් කියන්නේ දවසකට 1000 ක් පමණ මෝටර් සයිකල් මිලදී ගන්නවා.
  • 2018 ජනවාරි මාසය තුළ පමණක් මෝටර් සයිකල් 31709 අලවි හි තිබෙනවා. එ් කියන්නේ 1300 ක් පමන දවසකට විකිනෙනවා.
  • දැනට ලංකාවේ මෝටර් සයිකල් 40 15 779 තිබෙනවා. ( ලක්ෂ 40 පමණ) ලංකාවේ ජනගහනයෙන් පස් දෙනෙකුගේන් එක් කෙනෙකුට පමණ
  • මේ මෝටර් සයිකල් වලින් 1/3 ක් (136 0000 ක් පමන) ධාවනය වෙන්නේ රියදුරු බලපත්‍ර නොමැති අය අතින් බවත් ගණනය කර තිබෙනවා.

දවසකට මෝටර් සයිකල් අනතුරු නිසා තුන්දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා. පැට්‍රිල් ගහන්න සල්ලි නැති, ගෙදර දොර බොහා් කටයුතු කරන්න තිබෙන තරුණ, අපිට මෝටර් සයිකලයක් ගැනීම ජීවිතේ ප්‍රමුඛතාවයක් වී අැත්තේ අැයි ? හිතන එක ලොකු යාච්ඥාවක්.

ජනමාධ්‍ය විසින් මෝටර් සයිකලය අවශ්‍යතාවයක් බවට පත් කරලා. අපි ඊට ගොදුරු වෙලා.

අන්තිමට මිය ගිය අපේ යාළුවෝ මිය ගියේ හෙල්මට් එක අතේ අරන් ගිහින්. එ් මල ගෙදරට අාව තරුණ පිරිසෙන් 80% ක් පමන අාවේ මෝටර් සයිකල් වල හෙල්මට් නැතිව.

පාඩම් ඉගෙන ගැනීම තාරුණ්‍යයට අදාලයි. පාඩම් ඉගෙන නොගන්නා තාරුණ්‍යයක් සහිත රටකට අනාගතයක් ගේන්නේ නෑ.

ශ්‍රී ලංකාවට මේ තරම් මෝටර් සයිකල් අවශ්‍යද ? මේවා කෘතිමව ගොඩනැගු අවශ්‍යතාවයක්. රටට නැත්තේ මෙවැනි කාරණා ගැන හරවත් සංවාදයක් අැති කරන තරුණ ව්‍යාපාර. පවතින ක්‍රමය විසින් තාරුණයය බැඳ තබා ගන්නේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් තුළ. ක්‍රම විරෝධය තමයි ක්‍රිස්තියානියේ මූලිකම ලක්ෂණය. එ් නිසා කිතුනු තරුණ ව්‍යාපාරය තුළ මෙවැනි සංවාද ඉස්මතු කර ගැනීම යුගයේ ධර්මදානයක්.

jesustodaysl 2 වන වසර 12 වන සතිය 2018 මැයි 27

 

Comments powered by CComment