''ජාතිවාදය හා පටු චින්තනය කිසි විටකත් දිරිමත් නොකළ යුතුය. පටු අදහස් හා ක්‍රියාකාරිත්වෙයන් යුතු ජනතාවකගෙන් සමන්විත ජාතියක් කිසිදු විටක ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්වන්නේ නැත.මා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනත් බහුතරයේ මතය නිරතම නිවැරදි බව පිළිගන්නේ නැත.''

කිතුනු තරුණයෙකු පමණක් නොව  ඕනෑම තරුණයෙකු තරුණ වන්නේ ඔහු පුළුල් ව සිතීමට හැකි බවින් යුතු වු විට බව අපි මේ ලිපිපෙළ ආරම්භයේදීම සඳහන් කළේමු.

එය ඒ නිසා ඉතා යහපත් ලෙස මිනිසෙකු සතුවන ආත්මාර්ථකාමි ස්ව ආරක්ෂාකාමි හැඟීම සමඟ මනා ලෙස ගැලපී යන ‘ජාතිවාදය’ ගැන ඉසියුම්ව සිතා බැලීම තරුණ වීමට අවැසිය. පසුගිය කෙටි ලිපි දෙකෙන් අපි විමසා බැලූවේ ‘ජාතිවාදය’ ‘ජාකිතවාදය’ දේශපේ‍්‍රමය ගැන ලොව පුරා විද්වතුන්, දාර්ශනිකයන්,  ඵලකළ අදහස්ය.

අද අපි තවත් එවැනි අදහස් කීපයක් විමසා බලමු.

”ජාතිකවාදය මැද හිස් වු කට්ටකින් වට වී ඇත. ඒ නිසා එය  ඕනෑම දෙයකින් පිරවිය හැක” - ෆාන්ස් පැනන්

”ජාතිකවාදය තක්කඩියාගේ අවසන් තුරුම්පුවයි.” - සැමවුල් ජොන්සන්

”නූතනත්වය මගින් හටගත් අනෙකා කෙරෙහි ඇති නොරිස්සුමේ සාමුහික ප්‍රකාශනය ජාතිකවාදයයි.” - පෙඞ්රික් නිම්ෂ්

”අනිති භීතිකාව ජාතිකවාදය නැමැති හදවතේ කොට ඇත.” - කාල් ඞීච්වංචාව,

දූෂණය, අපරාධ සියල්ල අප රටේ දේශපාලකයින් වසාගන්නේ ජාතිවාදයට. ආගම්වාදය මුවා වී බව අපි දැක දැකත් නොදකින සත්‍යයයි. සොරකම් නොකල, වංචා නොකල, දේශපේ‍්‍රමින් ජාතිපේ‍්‍රමින් මේ රටේ දේශපාලනය තුළ සිටිනවාද ?

සැබැවින්ම අනෙකා පිළිබඳ අහේතුක භීතියක් සැම විටම ජාතිකවාදිය තුළ පවතී.

ඔබ තුළත් අන් ජාතින් ගැන අන් ආගමිකයින් ගැන භීතියක් තිබේද ?

අකමැත්තක් තිබේද ?

සිතා බලන්න.

අප මේ ලිපිය මුලදි උපුටා දැක්වූයෙ බටහිර බුද්ධිමතුන් කීප දෙනෙකුගේ අදහස් දැන් අපි පෙරදිග ඔව් අපගේ අසල්වැසි ඉන්දියාවේ ප්‍රථම අග‍්‍රාමාත්‍යවරයාගේ හඬට කන්දෙමු.

මහත්මා ගාන්ධි තුමන්ව ඝාතනය කළේ හින්දු අන්තවාදියෙකු විසිනි. ගාන්ධි තුමාගේ මරණය ගැන ජවහර්ලාල් නේරු කතා කරමින්,

”උන්මන්තයෙකු ඔහුගේ ජීවිතය පැහැර ගෙන ඇත. ඔව්, මට එ මිනිසා පෙනෙන්නේ උන්මන්තකයෙකු ලෙසය. පසුගිය කාලයේ දී ජනතාවගේ සිත් සතන් තුළට එන්නත් වු විෂ හොඳටම ප්‍රමාණවත්ය. අප එම විෂ සමඟ සටන් කර මුලිනුපුටා දැමීය යුතුය.'' 

ජවහර්ලාල් නේරු ගැටුම් නිමා කිරීමට මාවත ලෙස දුටුවේ සම අයිතියයි.

‘අප ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනංවා සෑම කෙනෙකු සඳහාම සම අවස්ථා විවර කරන විට ජාතිවාදයේ පටු දෘෂ්ඨිය දිය වී යනු ඇත. ’අපි සියල්ලෝම කුමන ආගමකට අයත් වූවද සමාන අයිතිවාසිකම්, වරප්‍රසාදය හා වගකිම් දරන ඉන්දියානු මාතාවගේ දරුවෝ වෙමු.'

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

 

 

 

Comments powered by CComment