jesustoday වෙබ් අඩවියේ තරුණ පිටුවේ පළවු “සංක්‍රාත්ති ලිංගිකයා හා එතියෝපියානු නපුංසකයා” ලිපිය. සාකච්ඡාව සඳහා නව දොරටුවක් විවර කිරිම කැයි අප වෙත අදහස් දැක් වු කීප දෙනෙකුම පවසා සිටියා.

 ඒ ගැන වැඩි දුරටත් සාකච්ඡා කිරීම සඳහා විවිධ ප්‍රශ්න හා අදහස් මතු කිරිම්ද සිදු වුනා.

සංක්‍රාන්ති ලිංගිකයන්ව අප පිළිගත යුත්තේ කෙසේද?

එතියෝපියානු නපුංසකයා පිළිබඳ ශූද්ධ ලියවිලි පාඨය ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයින්ට මෙන්ම සංක්‍රාන්ති ලිංගිකයාටද දේව රාජ්‍යයේ හිමිකම තිබෙන බව. “අසල්වැසියාට ප්‍රේම කිරීම’ යන පනත යටතට ඔවුන්ද ඇතුලත්.

 

මා මට මෙන්ම

මාගේ දෙවිදුන්ට

මෙන්ම

මගේ සංක්‍රාන්ති ලිංගික

අසල්වැසියාටද පේ්්‍රම කළ යුතුය.

මා මට මෙන්ම මගේ දෙවිදුන්ට

මෙන්ම

මගේ සමරිසි (සමලිංගික)

අසල්වැසියාටද ප්‍රේම කළ

යුතුය.

 

එකී ප්‍රේමය දැක් විය යුත්තේ කෙසේද ?

පළමුව අප ඔවුන්ව මානසික රෝගීන් හෝ පව් කරුවන් හෝ ලෙස හංවඩු ගැසීමෙන් වැලකිය යුතුය. ඔවුන් අපේ සහෝදර සහෝදරියන් සේ පිළිගත යුතුය.

ඔවුන්ගේ අනන්‍යතාවය පිළිගත යුතුය. ස්ත්‍රීන්ට පුරුෂයන්ට හිමි සියළු මානව හිමිකම් කිසිදු වෙනස් කිරීමකින් තොරව සංක්‍රාන්ති ලිංගිකයාටද හිමි විය යුතුය යන කරුණ වෙනුවෙන් අප හඬ නැගීය යුතුය.

සමරිසියන්ගේ ඉතිහාසය.

සංක්‍රාන්ති ලිංගිකයා යනු ලිංගිකත්වයේ වෙනස් ස්වභාවයකි. ඔවුන්ද විවිධකාර වේ. ඇතැමුන් පිරිමින් ලෙස උපත ලබා පසුව සම්පූර්ණයෙන්ම ලිංගිකවම ස්ත්‍රීන් බවට පත්වෙති. ඇතැමුන් එහි ප්‍රතිපක්ෂයයි. තවත් අය මුළුමනින් එසේ ලිංගමය ලෙස පරිණාමයට පත් නොවුනු අතර මැදි ලක්ෂණ ඵල කරන්නෝය. ලිංගේන්ද්‍රීය වශයෙන් ගත් කල ඔවුන් පුරුෂ හෝ ස්ත්‍රී වන නමුත් මානසික, කායික, ඓතිසික අධ්‍යාත්මික ගති ස්වභාවයන් තුළ විරුද්ධ ලිංගිකයා නියෝජනය කරයි.

අනිත් අතට අප මතක තබාගත යුත්තේ සෑම පිරිමියෙක් තුළම ස්ත්‍රී යැයි කියන ගති ලක්ෂණත් සෑම ගැහැනියක තුළම පිරිමි යැයි කියන ගති ලක්ෂණයන් යම් පමණකට තිබෙන බවය. සංක්‍රාන්ති ලිංගිකයා එහි කිසියම් වර්ධනීය තත්වයකි.

සම ලිංගිකයින් හෙවත් සමරිසි පිරිස් යනු ලිංගික නැඹුරුව අතින් වෙනස් පිරිසකි. ඔවුන්ද විවිධ වෙති. ඇතැමුන් ගැහැණු සමලිංගිකයින් වන අතර තවත් අය පිරිමි සමලිංගිකයින්ය. තවත් අය ද්වි ලිංගිකයින්ය. එනම් විරුද්ධ ලිංගිකයින් සමඟ මෙන්ම සම ලිංගිකයින් සමඟ ද ලිංගික සබඳතාවලට රිසි වන්නෝය.

සමරිසියන් ඇති වීම කෙරෙහි බලපෑ සමාජ සාධක රාශියක් ඒ පිලිබඳ කරන ලද පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.

වහල් යුගය තුළ පිරිමි වහලුන් එකට ගාල් කරමින් ඔවුන්ට විවාහ වීමට ඉඩකඩ අහුරමින් පවත්වා ගැනීම තුළ ඔවුන් අතර සමලිංගිකචර්යා වර්ධනය වු බවත් ඔවුන්ගේ එම චර්යා දැකීමෙන් ඇතැම් වහල් හිමියන් පවා ඊට පෙළඹුනු බවත් හඳුනාගෙන ඇත.

ඒ හැරුනු විට පිරිමින් පමණක් සිටින ගැහැණුන් පමණක් සිටින සිර ගෙවල් ස්ත්‍රීන් හා පුරුෂයන් පමණක් සිටින ආරාම, පුහුණු මධ්‍යස්ථාන, නේවාසිකාගාර ආදිය ද මේ සමරිසි පැවැතුම් වර්ධනය වීම කෙරෙහි බලපෑ බව සමාජ විiා පර්යේෂණ පෙන්වා දෙයි.

සියවස් ගණනාවක් තුළ කෙමෙන් වර්ධනය වු සමරිසි චර්යාවන් අද වන විට ජානමය ලෙස පවා සමරිසි නැඹුරුවක් වෙන පුද්ගලියින් යොමු කිරීමට හේතු වී ඇතැයි යන මතය නොසලකා හැරීය නොහැකිය.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන් පෙන්වා දෙන්නේද සභාව සියළු දෙනාම අන්තර්ග්‍රහණය කරන සභාවක් විය යුතු බවයි. එතුමා සමරිසි අය ගැන වරක් ප්‍රකාශ කළේ ඔවුන්ව විනිශ්චය කිරීමට තමා කිසිවෙක් නොවන බවයි. දෙවියන්ගේ දයාව සියල්ලටන් ලැබෙන බව ප්‍රතික්ෂේප කිරීමට අපට නුපුළුවන් බවයි.

කුලය, වර්ගය, ගෝත්‍රය පමණක් නොව ලිංගික නැඹුරුව මත හෝ කිසිවෙකුට වෙනස්කමක් නොකර සියළු දෙනා අන්තර්ග්‍රහණය කර ගනිමින් සභාව දේව රාජ්‍ය කරා ගමන් ගත යුතුය යන ප්‍රැන්සිස් සුදතුම් පිය මතයට සම්ප්‍රදායික කාඩිනල්වරු විරෝධය ඵල කළත් ශුද්ධ ලියවිල්ලේ ආලෝකය පෙන්වා දෙන්නේ එතුමාගේ මතය නිවැරදි බවයි. සමරිසි බව ප්‍රවර්ධනය කිරීම හෝ සමරිසීන්  හෙලා දැකීම අප විසින් සිදු කළ යුතු නැත.

jesutoday 31 සතිය 2017 ඔක්තෝම්බර් 01 

Comments powered by CComment