”මිනිසුන් අතර ජාති මමත්වය දියුණු නොකළ යුතුය. එය මිනිස් සිත්වලින් මකා දැමිය යුතුය. එය මිනිස් සිත්වලින් මකා දැමිය යුතුය. එය මුග්ධ හැඟිමකි. අශික්ෂිත වනචර ගුණයකි. තම රට, ජාතිය හෝ ආගම වෙනුවෙන් අපරාධ කිරීමට මිනිසුන්ට අනුබල දෙන ජාතිමමත්වය ශිෂ්ට මිනිසුන්ට නොහොබි

ජාතිවාදය පෝෂණය වන්නේ යහපත් යැයි පිළිගන්නා, ඒ නිසාම රටවල් විසින්, ජාතින් විසින්, ආගම් විසින් වුවමනාවෙන්ම ව්‍යාප්ත කරන මතවාද රාශියක් තුළිනි. ඒවා නම් දේශානුරාගය, දේශ නිකේෂිබව, ජාති මාවතකත්වය, ආගම ජාතිය භාෂාව රැක ගැනීම. ඉන් සමහරක්

මේ මතවාද අදහස් සිතුම් පැතුම් ව්‍යාප්ත කරන බොහෝ දෙනා ඒවා ව්‍යාප්ත කිරීමට යොදා ගන්නා අනෙකාට වඩා තම ජාතිය භාෂාව ආගම උසස් උතුම් වැනි කරුනු නිසා ඉබේම මේ මතවාද ජාතිවාදය ආගම්වාදය යන නරක වෙතට යොමු වෙනවා.

ගියවර අපි මේ යටතේ විමසා බැලූවේ තාගොර්තුමත් ජාතිවාදය ගැන දැක් වු අදහස් ඒවා ඉතා පැහැදිලිව අපිට ජාතිවාදියෙකු නොවීමට අවශ්‍ය දැක්ම සපයනවා. අද අපි තවත් මානවාදින් කීප දෙනෙකුගේ අදහස් වලට ඇහුම්කන් දෙමු.

”මිනිසුන් අතර ජාති මමත්වය දියුණු නොකළ යුතුය. එය මිනිස් සිත්වලින් මකා දැමිය යුතුය. එය මිනිස් සිත්වලින් මකා දැමිය යුතුය. එය මුග්ධ හැඟිමකි. අශික්ෂිත වනචර ගුණයකි. තම රට, ජාතිය හෝ ආගම වෙනුවෙන් අපරාධ කිරීමට මිනිසුන්ට අනුබල දෙන ජාතිමමත්වය ශිෂ්ට මිනිසුන්ට නොහොබි ඉතිහාසය පොත් ආදිය සම්පාදනය කර අහිංසක ළමයින්ට පාසල් වල ජාතිමමත්වය උගන්වනු ලැබේ. ආණ්ඩුවේ නිලධාරින් ජාතිමමත් විය පෙන්වන තරමට ඔවුන්ගේ තනතුරු උසස් වේ.”

-ලියෝ තෝල්ස්තොයි.-

අන්තවාද ප්‍රතිවිරැද්ධ අන්තවාදයක් උත්පාදනය කරයි. මෙය වර්ගය සම්බන්ධයක් විශේෂ වශයෙන්ම සත්‍ය වන්නේය.

එල්ස්ටර්න් ෆන්ටින්ටන්

ජාතිවාදය සැනසෙන සුන්දරියක් ලෙස පටන්ගෙන යක්ෂයෙකු ලෙස අවසන් වේ.

-කේ. ආර්. මිනොග්

අපි ප්‍රථමෙයන් විශ්ව වැසියන් වෙමු. ඉන්පසු පෘතුවී වාසියන් වෙමු. අප සතු එම සුවිසල් බව අත්හැර අපි ඉතා පටු වර්ගවාදයකට කොටුවීම යනු අප අපව විනාශකර ගැනීමකි. තරුණ බව නිසඟයෙන්ම පටුවාද බේද පිළිකෙව් කරයි. එහෙත් අප අතර බොහෝ තරුණ තරුණියන් පටුවාද බේද තුළ සිරවි සිටිති. ඉතිං ඔවුන් තරුණ නොවෙති. මේ අපගේ විසල් බව හා පු බව පිළිබඳ කදීම ප්‍රකාශයකි.

තමා ”කුමන රටක පුරවැසියකු දැ” යි ප්‍රශ්න කරනු ලැබු විට, තමා ”ලෝකයේ පුරවැසියකු ය” යි පිළිතුරු දුන් දාර්ශනිකයාගේ ප්‍රකාශය කරමි. කතුවරයාට වඩා විශාල ගෞරවයක් ලබා දෙන්නා වු හෝ පාඨකයාට විශාල ආස්වාදයක් ලබා දෙන්නා වු හෝ ප්‍රකාශයක්, පුරාතන කාලයේ සියලූ ප්‍රකට ප්‍රකාශයක් අතර නොමැත. එම ප්‍රකාශය ම කිමට හැකි හෝ තමාගේ හැසිරිම අනුව එවන් වෘත්තියකට ගැළපෙන්නා වු හෝ අය සිටින්නේ මොන තරම් අතලොස්සක් ද ?

අපි දැන් බෙහෙවින් ම ඉංග්‍රිරීසිකාරයන් බවට, ප්‍රංශකාරයන් බවට, ඕලන්තදාරයන් බවට, ස්පාඤ්ඤකාරයන් බවට හෝ ජර්මන්කාරයන් බවට පත්ව සිටින්නෙමු ද යත්, අපි තවදුරටත් ලෝකයේ පුරවැසියෝ නොවෙමු. අප දැන් එක් ස්ථානයක ස්වදේශිකයන් හෝ එක් නොවැදගත් සමාජයක සාමාජිකයන් හෝ වනනමෝද යත්, ලෝකයේ පොදු පුරවැසියන් ලෙස හෝ මුළුමහත් මිනිස් වර්ගයා ම සම්බන්ධ වන එම උතුම් සමාජයේ සාමාජිකයන් ලෙස හෝ අපි අපව තවදුරටත් නොසලකන්නෙමු.

jesustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25