ජාතිවාදින්ගේ ගින්නෙන් ඝාතනය වු මොහොමඞ් බාසින්ගේ මුහුණු පොතේ තේමාව “ එක ජාතියක් - එක කණ්ඩායමක්” .'One Nation – One Team' විය. ඒ අරුතින් ඔහු ජාතිවාදය වෙනුවට ජාතික සමගිය අපෙක්ෂා කළ තරුණයෙකි. එහෙත් ජාතිවාදි ගින්නට ඔහු ද දැවී ගියේය.

ජාතිවාදය ඇත්තෙකු තරුණයෙකු නොවේ. තරුණ සිතක් යනු සියලු පටු බෙදිම් ඉක්මවා ගිය පැහැසර සිතකි.
ඔබ තරුණ ද ? එසේ නම් ඔබේ තරුණ බව මැන බලන්න.
ඔබ තුළ ජාතිවාදි සිතුවිලි තිබේද ?
ඔබ තුළ ආගම්වාදි සිතුවිලි තිබේද ?

තිබේ නම් ඔබ සිතින් තරුණයෙකු නොවේ.
මහනුවර දීගන මුස්ලිම් කඩ ගිනි තැබීමේදි දැවි මිය ගිය මොහොමඞ් බාසික් නම් 27 හැවිරිදි මුස්ලිම් තරුණයා ගැන කම්පා වන තරුණ තරුණියන් විමසා බැලිය යුත්තේ තම තරුණකමේ ස්වභාවයයි.

ජාතිවාදින්ගේ ගින්නෙන් ඝාතනය වු මොහොමඞ් බාසින්ගේ මුහුණු පොතේ තේමාව “ එක ජාතියක් - එක කණ්ඩායමක්” 'One Nation – One Team'. විය. ඒ අරුතින් ඔහු ජාතිවාදය වෙනුවට ජාතික සමගිය අපෙක්ෂා කළ තරුණයෙකි. එහෙත් ජාතිවාදි ගින්නට ඔහු ද දැවී ගියේය.

මේ යුගයේ තාරුණ්‍යයට දෙව් දහමක් ගොඩනගා ගැනීමේදි ජාතිවාදය පිළිබඳ ගැඹුරු සංවාදයක් ඇති කරගැනීම අත්‍යාවශ්‍ය වේ.

ජාතිවාදය පිළිබඳ විවිධ මතවාද ගැන විමසා බලමින් ඒ ගැන කිතුනු දැක්ම හඳුනා ගැනීමට අපි මෙතැන් සිට උත්සාහ කරමු.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් ව්‍යාපාරය තුළ ජාතිවාදය පරාජය කිරීමේ ගැඹුරු ආධ්‍යාත්මිකත්වයක් සහිත පුළුල් දැක්මක් ඇති නායකයින් නොසිටියේය. ඒ නිසාම ජාතිවාදයට එරෙහිවු මතවාදයක් ජනතාව අතර ගලා ගියේ නැත. එහෙත් ඉන්දීය නිදහස් සටන තුළ එවැනි නායකයින් කීප දෙනෙකුම ක්‍රියාකාරි විය. රවින්ද්‍රනාත් තාගෝර්, මහත්මාගාන්ධි, අම්බෙඞ්කා, ජවහර්ලාල් නේරු ඉන් කීප දෙනෙකි.

තාගොර් තුමාගේ දැක්ම

“ජාතිකවාදයෙන් නැගීමත් සමඟ මිනිසා මිනිසාගේ දැවැන්ත තර්ජනය බවට පත්ව සිටි. ඒ හේතුවෙන් නිරතුරුවම මතුවන සන්ත්‍රාසය ජාතිකවාදය අනවරත තර්ජනයක් බවට යලි යලිත් පමුණුවයි.

මෙය කොතරම් ඇත්තක්ද ? ලොව පුරාම මිනිස් වර්ගයාගේ තර්ජනය බවට පත් ව ඇත්තේ මිනිසාම නොවේද? ඊට හේතු වී ඇත්තේ ජාතිවාදය නොවේ ද? ආගම්වාදය නොවේද?

ජාතිකවාදය වු කලි සමස්ත ජනතාවක් පටු පරමාදර්ශයක් වෙනුවෙන් පුහුණු කිරීමකි. එය ඔවුන්ගේ මනස ග්‍රහණයට ගත් විට සදාචාර පරිහානිය සහ බුද්ධි අන්ධභාවය වෙත ඔවුන් තල්ලු වී යාම නියතය

ශ්‍රී ලංකාවේ සදාචාර පරිහානිය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වී ඇත්තේ ජාතිවාදය නොවේ ද? අපේ මිනිසුන් බුද්ධි අන්ධභාවයට කොතරම් පත්විද යත් කිසිදු පදනමක් නැති වඳපෙති වැනි දැ අදහන අය බවට පත්ව සිටිති.

ජාතිකවාදයේ උරගල මත ඇතිල්ලීම මගින් සියලු සාවද්‍ය ක්‍රියා නිවැරදි කළ හැකි යැයි මේ කාලයේ අප අතර සිටින බොහෝ දෙනෙකු සිතති. එහෙත් එය මිථ්‍යාවකි.

ජාතියේ නාමයෙන් අහිංසාවාදි බුදු දහම, ප්‍රේමයේ කිතු දහමේ සාමයේ ඉස්ලාම් දහම අද ප්‍රචණ්ඩත්වය සඳහා භාවිතා වේ. ජාතිය වෙනුවෙන් එය නිවැරදි යැයි අප රටේ උගත් බුද්ධිමතුන්, ආගමික නායකයින් පවා කල්පනා කරන බව පෙනේ. එහෙත් එය මිථ්‍යාවකි. ආගම අවභාවිතා කිරිමකි. බුද්ධියට නිඟා කිරීමකි.

ජාතිවාදීන්ගේ ප්‍රධාන ගති ලක්ෂණයක් වන්නේ වැරදි මගින් වේවා මුසාවාද මගින් වේවා තම ජාතිය නොවැදගත් ලෙසද ඔප්පු කර පෙන්වීමය

අපේ රට තුළ මේ දේ කොතෙක් නම් සිදු වේද ? සිංහල ජාතිය උතුම් ජාතිය දෙමළ ජාතිය ජරා ජාතිය ගලේ ගහගිය මරා දාපිය වැනි කවි පුංචි කාලයේදි අප මුවගට එක් වන්නේ මේ අනුවය.

“අපි ජාතිවාදය පරම සත්‍යය ලෙස වන්දනාමාන නොකරනවාය යන සාධකය තුළ අපගේ ජාතික එකමුතුභාවය රැඳී ඇත”

සියලු ජාතින් මෙතනට පැමිණිය යුතුය. එක්සත් රටක් ඉන් මෙපිට බිහි නොවේ.

“රටවල් අතර ද රටවල් තුළද වාදබේද ඇති කිරිම පහසු කාරියක් වීම අවාසනාවකි. එහෙත් ඒවා එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයකි.”

දැන් අප රට මුහුණ දී සිටින්නේ ඒ අපහසු කාර්යටය.

”මානව හිතවාදිත්වයේ අරමුණ වන්නේ පුද්ගලිකවාදි, ජාතිකවාදය යැයි උපකල්පනය කිරීම නොමඟ යෑමකි. අප නිවැරදි මතයෙහි තරයේ පිහිටා සිටිය යුතුය. ජාතිකවාදයට වඩා මානව හිතවාදය නිශ්චිතවම වඩා වැදගත්ය.”

අද අවශ්‍ය වන්නේ ඉනුත් ඉදිරියට යාමය. මානව හිතවාදයටත් වඩා විශ්වීයවාදය වඩා වැදගත් කොට එනම් සියලු ජීවින් හා පැවැත්ම වැදගත් කොට සැලකිය හැකි දැක්මක් වඩා වැදගත්ය.

 6cac3e4af71ab8dda6dba234a97e4887 Jesus today Youth

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18