හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ද දැන සිටියා යැයි පැවසෙන ගන්සයිඞ් නම් භූගත කඳවුරක් තුළදි නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් විසින් කොළඹ, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කීපයකින් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමෙන් අනතුරුව ඝාතනය කළ බව කියන තරුණයින් 11 දෙනෙකු පිළිබඳ ඉදිරිපත් වී ඇති සාක්ෂි ගැන කියවද්දී හඳවන දරාගත නොහැකි ශෝකයකින් පිරියයි. එවැනි කෲර ඝාතකයින්ට දඩුවම් කිරීම රණවිරු දඩයමකැයි කියමින් ජාතිවාදය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ කිසිවෙක් ක්‍රිස්තු තාරුණයා ඉදිරියේ නම් කිතුනු තරුණයෙකු නොවේ.

කුමන හේතුවක් නිසා හෝ එවැනි කෲර කටයුතු කළ ඒවාට ඉඩදුන් පිරිසක් සඳහා ඉදිරිපත් වීම දෙවියන්ට කරන නින්දාවකි. පහත දැක්වෙන්නේ අපරාධ පරීක්ෂණ නිලධාරින් කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරා දැමු බව කියන තරුණයන් රඳවා සිටි ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ කන්සයිඞ් භූගත කඳවුර ගැන මාධ්‍යවේදින් හමුදේ දැක් වු කරුණුය.

ගන්සයිඞ් භූගත කඳවුර.

ඒ ළමයි රඳවාගෙන හිටපු ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් කියන භූගත කඳවුරට අපි ගියා. ඒක ඇතුළේ හුස්ම ගන්න බෑ. ඒ අමාරුවත් එක්කම පොළව රත් වෙලා එන රස්නේ නිසා ඒ කේ මනුස්සයෙකුට තියා තිරිසන් සතෙකුටවත් ජීවත් වෙන්න බෑ. අපි ඒක නිරීක්ෂණය කරන්න ගියේ ගින්දර පත්තු කර කර. මොකද එකක් ඒක ඇතුළේ විස දුම්, අනික විසකුරු සර්පයේ, වවුල්ලු ලක්ෂ ගාණක් ඒක ඇතුළේ ජීවත් වෙනවා. වවුල්ලුන්ටත් විසකුරු සර්පයන්ටත් විතරක් ඉන්න පුළුවන් තැනක, ඉර එළියක්, හුස්ම ගන්න පුළුවන් වාතයක් නැතිව හිරකරන් හිටපු ළමයි, මිනිස්සු කොයි තරම් සුසුම් හෙළන්න ඇති ද ?

මේ අපරාධ කරපු අයට නීතියෙන් වගේම ස්වභාවදහමට එකතු වුණු ඒ සුසුම්වලිනුත් බේරෙන්න බැරිවේවි. උසාවියත්, ස්වභාවදහමත් ඒ අයට දඩුවම් දේවී. අපරාධ පරීක්ෂකයන් විදියට අපි නීතිය වගේම ස්වභාවදහමත් විශ්වාස කරනවා. කෙනෙක් අපිට හිනාවෙන්න පුළුවන්. ඒක විශ්වාස නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මේ අපරාධය ගැන අපි ළඟට ඇවිත් කියන්න වුණෙත් ඒවා කරපු අයටමයි.

ඊට පස්සෙයි මේ අපරාධ වගේම මේකත් එක්කම කරපු තවත් අපරාධයක් අපි විiානුකූලව සොයාගත්තේ. ඒ අයමයි එකානෙකා ගැන සාක්ෂි දුන්නේ. කවුද ඒ තරුණයන්ව පැහැරගත්තේ, කවුද එක්කන් ගියේ, කවුද රඳවාගෙන හිටියේ, කොහේද රඳවාගෙන හිටියේ. කවුද ඒවාට අණ දුන්නේ, කවුද වාහන ගත්තේ, කවුද කප්පම් ඉල්ලුවේ, කවුද තරුණයන්ව මැරුවේ, කවුද ? ඒ සිරුරු කොටස් පැටෙව්වේ, වගේම ඒ තරුණයන්ට ගෙවල්වලට කතා කරන්න දුරකථන දුන්නේ, සබන් කෑල්ලක ගෙදර අංකේ ලියවගත්තේ වගේම හැම දෙයක්ම කිව්වෙත්, සාක්ෂි දුන්නෙත් මේ අයමයි. මේ අය එක්ක හිටපු අයමයි. ඒක නිසයි අපි ස්වභාවදහම එක වෙලාවකදි විශ්වාස කරන්නේ. ඒ අය කරපු අපරාධ ඒ අයටම නොහිතපු විදියට කියන්න වුණා.

ඒ ඒ අයට එරෙහිවම පාපොච්චරණය කරන්න වුණා. ඒ කඳවුරුවල හිරකරන් ඉඳල පස්සේ මරාදාපු අය වගේම ඒ අයගේ පවුල්වල උදවිය තම තමන් අදහන ආගම් අනුව කෝවිල් පන්සල් වල හලපු සුසුම් සවභාවදහමත් එක්ක එකතු වෙලා මෙහෙම වෙන්න ඇති කියලා අපිට හිතන්න වෙනවා සමහර තැන්වලදි, අපි අපරාධ විiාව අනුව, මේ අපරාධය සහ අපරාධකරුවන් ගැන කරුණු අධිකරණයට ඉදිරිපත් කළා. සාක්ෂි සහිතව ඔප්පු කරලා සැකකරුවන් අත්අඩංගුවට ගත්තා. නමුත් රාජ්‍ය සේවකයන් විදියට මේ පරීක්ෂන කරගෙන යද්දි අපිට බලපෑම් එන්නේ රාජ්‍ය පාලකයන්ගෙන්මයි. කලින් අය පරීක්ෂණ කරන්න දුන්නේම නෑ. මේ අය කරන්න ඉඩදීලා බාධා කරනවා. ඒත් මේ අපරාධ අපි යට ගැහුවොත් ස්වාභාවදහම අපිටත් එරෙහි වෙයි කියන සිතුවිල්ල අපි තුළ තියෙනවා. අපි වරදක් කළොත් අපිටත් ඒ දඬුවම් ලැබේවි.

ඉස්සරහින් ජේසු පිහිටයිද පසුපසින් සිංහලේ යැයිද ගසාගනිමින් ජේසුවාදයත් ජාතිවාදයත් එකක් කරන තරුණයින්ට සැබෑ අධ්‍යාත්මයක් සපයන්නේ නැත්නම් ජාතියේ නාමයෙන්, රණවිරු වීරියෙන් මෙවන් අපරාධ තවත් සිදුවනු ඇත.

jesustoday 52 සතිය 2018 පෙබරවාරි 25 

Comments powered by CComment