වයඹ පලාත් එක්තරා දේශපාලකයෙක් ගුරුවරියකව දණ ගැස්සුවේය. යහපාලන ජනපති ඒ දේශපාලකයාට ආසන සංවිධායක කමක් දුක්නේය.

ඉතිං දැන්

 

ජනපතිලේ සවියෙන් ඌව පළාතේ මහමැතියා විදුහල්පතිනියකව දණගස්වා ඇත. මෙහෙව් නායකයින් සිටින රටක ගුරු ගෞරවය රකින සිසු පරපුරක් බිහි විය හැකිද ?

ඡන්දය මුව විට සිදුවු මේ සිදුවීම ඉදිරියේ ජනපති නිහඬව සිටි අතර විදුහල්පතිනිය ද තර්ජනවලට යටත්ව එවැන්නක් සිදු නොවු බව මුලදි කීවාය.

පසුව ඇ සත්‍ය ප්‍රකාශ කල අතර මහමැතිවරයා සතු වු අධ්‍යාපන ඇමතිකම හලා පොලිසි අත් අඩංගුවට ගෙන ඒ මොහොතේම නිදහස් කර හැරිමේ රංගනය ඡන්දය වෙනුවෙන් සිදු විය.

“දැක්කනේ අපේ යහපාලනය ඇමතිකම ගැලවූවා. උසාවියට ඉදිරිපත් කළා” ජනපති වහාම ඡන්ද ප්‍රචාරයේ යෙදුනේ එසේ කියමින්ය. එහෙත් ඔහු තවම මහ ඇමතීය. අස් කිරීමේ හෝ අස්වීම් නැත. ජනපතිගේ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මේ මහමැතියා වෙනුවෙන් කැපවිය.

කිතුනු තරුණයෙකු ලෙස මට ඇත්තේ මේ ජනපති මහමැති මන්ත්‍රී හෝ නිලධාරිනිය ගැන ප්‍රශ්නයක් නොවේ. මේ අයගේ කෙරුවන් ඉවසා සිටින පොදු ජනයා ගැනය.

මේ දණ ගැස්වීම යනු හුදෙක් විදුහල්පතිවරයෙක්ව ගුරුවරුයෙක්ව දණ ගැස්සීමක් පමනක් නොවේ. ජාතිවාදි පීඩාවක් සිදුකිරීමකි. ඒ ස්ත්‍රීන්ව පීඩාවට පත් කිරීමකි.

මේ මහ ඇමතිට හෙට දවසෙත් ඡන්ද දෙන මිනිසුන් සිටින තාක් කල් පුරවැසියන් යනු දේශපාලකයින් විසින් දණගස්වා දඩුවම් දෙන යටත් වැසියන් පිරිසක් වීම වැලැක්විය නොහැකිය.

කිතුනු තරුණ පරපුර කිතු තුමාගේ ඉගැන්වීමට විරුද්ධ මෙවැනි ක්‍රියා ඉදිරියේ නිහඬව සිටීම නම් ගලීලයේ මහ ඇදුරාණන්ට කරන නිගරුවකි. කිසිදු කිතුනු පාසලක් මෙයට සාමුහිකව විරෝධය දැක්වූයේ නැත.

කිතුනු ගුරුවරු යැයි පිරිසක් සිටිනවානම් ඔවුන්ට මේ වගේ කරුනු ඉදිරියේ ගොළුවත රැකීය නොහැකිය. එහෙත් ගොළුවතම මිස දිවැසිවර හ ඬක් නම් නො ඇසිනි.

 

jesustoday 49 සතිය 2018 පෙබරවාරි 04

 

Comments powered by CComment