ඉතියෝපියානු නපුංසකයා හා සංක්‍රාන්ති ලිංගිකයින් - 5

ගිය සතියේ න්‍ැිමිඑදා්හික වෙඞ් අඩවියට ශෙනු පෙරේරා “සංක්‍රාන්ති ලිංගික අසල්වැසියන් පිළිබඳ මතක” ගැන ලියු සටහන අපි එක් කළේ මේ සාකච්ඡාවට ඉදිරියට ගෙනියන්න එය උපකාරි වනු නිසාමයි.

අපේ වෙබ් අඩවිය ‘ඉරිදා සංග්‍රහය’ ක් ලෙස යාවත්කාලීන වන නිසාම එය බොහෝ දෙනෙකු පරීශීලනය කරන්නෙ ඉදිරිදා දවසේ. ඉතිං ගිය ඉරිදා දෙසැම්බර් 17 වෙබ් අඩවියේ ලිපිය කියවු තරුණ පරිශීලකයෙක් අපට කථා කරලා කිව්වේ එදා ලක්බිම පුවත්පතේ මේ විෂයට අදාල ලිපියක් තිබෙන බව. ඒ ලිපියේ පිටු භාගයක්ම වෙන් කොට තිබුනේ මාතෘකාව සඳහායි.

n

ඉහත ශීර්ෂ පාඨයම අපට පෙන්වා දෙන්නේ ප්‍රධාන ජනමාධ්‍ය පවා ඒවාට ලියන තරුණ පිරිස පවා අපගේ සංක්‍රාන්ති ලිංගික අසල්වැසියා දෙස බලන්නේ කොයිතරම් පටු විදිහට ද කියන කාරණය. 

චිත්‍රපටියේ රඟපාන කොට පිරිමියෙක් සම්මානය ගන්න කොට ගැහැනියක්

අරුම පුදුම කථාවක්.

වැනි යෙදුම් ඒ පටුබව පෙන්වනවා.

Jesustodaysl හි ඉතියෝපියානු නපුංසකයා හා සංක්‍රාන්ති ලිංගිකයා කියන ලිපි පෙළ පරීශීලනය කළ අය දන්නවා මේ සංක්‍රාන්ති ලිංගිකත්වය කියන්නේ අරුම පුදුම දෙයක් නෙවෙයි කියලා. ඒක බොහෝම ස්වභාවික දෙයක්.

මේ ලිපියට පසුබිම් වෙන්නේ 2017 සාක් සිනමා උළේලේදි හොඳම නළුවා සම්මානය ගැහැනියකට ලැබීම මේ ලැබීම ගැන විශාල ආන්දෝලනයක් ඇති කරන්නේ කව්ද? ඇත්තටම යථාර්ථය තේරුම් ගන්න බැරි වු පිරිසක් කියලා තමයි අපට කියන්න වෙන්නේ

හොඳම නළුවා සම්මාන ලැබෙන්නේ චිත්‍රපටියක හෝ නාට්‍යයක ‘පිරිමි’ චරිතය හොඳින්ම රඟපාන පුද්ගලයාව විය යුතුයි. එහෙම නැතිව ඒ චරිතය රඟ පෑ කෙනාගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට නොවෙයි. ලිංගිකත්වය අනුව පුරුෂයෙක් වන මේ ලියුම්කරුත් හොඳම නිළිය සම්මානය ලබාගනෙ තිබෙනවා. පිරිමි ළමයින් ඉන්න පාසලක නාට්‍යයක ගැහැනු චරිතයක් රඟපෑම වෙනුවෙන්. චරිතයටද ? ස්ත්‍රී පුරුෂ සමාජභාවයටද ? සම්මාන දෙන්නේ කියන එක සිනමා ජූරි මන්ඩලවලට දැන් සාකච්ඡා කරන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව හොඳම නළුවා හොඳම නිළිය තෝරනවා නම් දැන් අපිට අසන්න තියෙන ප්‍රශ්නය තමයි චරිත රඟපාන සංක්‍රාන්ති ලිංගිකයින්ට සම්මාන පිරිනමන්නේ කොහොමද ? ඒ සඳහා වෙනම සම්මානයක් පරිනමනවාද ? කියන ප්‍රශ්නය.

දැන් අපි නැවත හැරෙමු භූමි නරෙන්ද්‍රගේ ප්‍රශ්න වෙත. සම්මානය භූමි ට හිමි වුයේ විසාකේස චන්ද්‍රසේකරගේ සයපෙති කුසුම චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙන් එහිදි හොඳම නළුවා සම්මානය එම චිත්‍රපටියේ ප්‍රධාන චරිත රඟ පෑ තිදෙනෙකුට හිමි වුනා. දසුන් පතිරණ, ජොහාන් අප්පුහාමි හා භූමි හරේන්ද්‍ර ඒ තිදෙනායි.

ප්‍රශ්නය මතුවන්නේ අනෙක් දෙදෙනා ගැන නොවෙයි භූමි ගැනයි. මේ චරිතය රඟපාන කාලේ භූමි හරෙන්ද්‍ර සංක්‍රාන්ති ලිංගික ලක්ෂණ සහිතව ජීවත් වු කෙනෙක්. හැබැයි මූලික වශයෙන් භූමි ව ඒ කාලේ හඳුනා ගැනුනේ පිරිමියෙකු ලෙස. නමුත් ඒ වන විටත් භූමි ලිංගික විපර්යාසයට අදාල හෝමොන ප්‍රතිකාර ලබමින් සිටියා. ඉතිං චරිතය රඟපාලා අවුරුදු 7 කට විතර පස්සේ භූමි ට සම්මානය ලැබෙද්දී භූමිගේ ලිංගිකභවයේ ස්වරූපය ‘ස්ත්‍රී’ බව.

දෙවියන්ගේ ඇහින් බලන විට නම් අපිට මේ සම්මානය පිරිනැම්මේත් ලබා ගැනිමේත් කිසිදු වරදක් පේන්නේ නෑ. ඒ නිර්භීත තීන්දුව ගත් ජූරි සභාවට අපගේ ස්තූතිය පිරිනමන්න අවශ්‍යයි.

භූමි මේ සම්මානය ලබා ගනිමින් කියු දේ එනම් “මුළු මහත් සංක්‍රාන්ති ලිංගික සමාජයම ලැබු ජයග්‍රාහනයක්” යන්න නිවැරදි බවයි අපගේ අදහස.

ඉතිහාසය පුරා බොහෝ විට සිදුවුනේ සංක්‍රාන්ති ලිංගිකයිනගේ චරිතය චිත්‍රපටි තුළ හෑල්ලුවට හාස්‍යයට ලක් කිරීම. එය පැහැදිලිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්. දීපා මේතාගේ වෝටර් චිත්‍රපටියේදි අපි දුටුවා හෑල්ලු කිරිමෙන් ඔබ්බට යමින් සංක්‍රාන්ති ලිංගිකයින් චිත්‍රපටියේ කතාවට අනුකූල ලෙස ඇතුලත්ව තිබෙනවා. එය දියුණු භාවිතාවක්.

භූමි ට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ ඇතැම් පිරිස්ද චෝදනා කර තිබුනා සම්මානයට ලෝභ වී ඔවුන්ව පාවා දුන් බවට නමුත් පැහැදිලිව ඇය එය භාර ගැනීම ඉතා නිවැරදි හා නිර්භීත ක්‍රියාවක්. එය විශේෂයෙන් මේ කාරණයේදි හරිම නපුරු, හරිම ගතානුගතික විදිහට කල්පනා කරන මිනිසුන් ඉන්න අපේ රටේදි එය ඉතා හොඳ මැදිහත් වීමක්.


jesustoday 43 සතිය 2017 දෙසැම්බර් 24

 

Comments powered by CComment