ඉතිං අර අවුරුදු දොලහයේදි දහතුනේදි ඇති වන හැඟිම් සිතුවිලි එක්ක අවුරුදු 15 ක් 18 ක් අරගල කර කර ඉන්න එක ලේසි ද ? නෑනේ. ඒක තමයි අපේ ටීන් සෙට් එකේ සමහරු අහන්නේ දෙවියන් අපිට මෙහෙම කළේ අපි මොනවරදක් කළාටද කියලා.

ඇත්තටම මේ වයසේදි පුතාලත් ලොකු ළමයි. ඒත් “ලොකු ළමයෙක් වෙනවා” කියලා ගෑණු ළමයින්ට වගේ කථාවක් නැති නිසා ‘පුතාලා ලොකු ළමයි කියලා හඳුනාගත්තේ නෑ මේ වයසේදී.

මේ සියල්ල තුළ මතුවන පොදු පණිවුඩය තමයි එකම අරමුණකින් එකතු වෙනවා නම් සියලු බේද ඉවතලා ජීවිතය වැදගත් කොට සලකා ක්‍රියා කරනවා නම් ලෝකය තුළ ජිවිතය විකසික කරන්න පුළුවන් කියන දේ. මේ ළමයි 12 වගේ මුළු මානව සම්මුතියම අද සිටින්නේ ලේසියෙන් ජීවිතය බේරාගන්න බැරි පවතින ක්‍රමය නැති උමං මාර්ගයේ අතරමං වෙලා. ඉන් මානව සම්මුතියෙන් මුදවා ගන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ වගේ, සැබෑ ගෝලීය මෙහෙයුමකට පමණයි. 

ඇත්තටම අපි විශේෂ අවශ්‍යතා ඇති අපේ සොයුරු සොයුරියන් ගැන කතා කරන විදිහ පවා වැරදි බව අපට වැටහුනා. අපේ ආකල්ප වෙනස් වෙන්නට මේ ගමන හේතු වුනා. ස්නෙහයේ අත්වල ඇත්තටම අත්වැලක් වුනේ අපට අප ඔවුන්ට රැගෙන ගිය ද්‍රව්‍යමය ආධාරවලට වඩා සිය දහස් ගුණයක ආධ්‍යාත්මික පෝෂණයක් ඔවුන් අපට දුන් බව අපට පසක් වුණා.

"ඉස්කෝලේ කියන්නෙත් සමාජයේම කාෙටසක්. සමාජයේ තුල පාතාලය වැඩි වෙනකොට ඉස්කෝල වලත් පාතාල ලක්ෂණ වැඩිවෙනවා" රිස්විගේ පිංතූර දෙකක් අපේ කතාබහේදි හුවමාරු වුණා. එකක් නව යව්වනයට පොදු සුන්දර බව විදහා පාන ව්ලාසිතාකාරි ඡායාරූපයක්. දෙවැන්න ඔහුගේ අහිංසක ළමාකම කදීමට පෙන්වන්නක්.