‘ශුද්ධාත්මලේපනයට ආ ළමා අම්මා’ ගැන කතා කරලා විසිර ගිය අපේ සෙට් එක ඊළඟ දවසේ හමුවුනාම මතු වුනෙත් ඒ වගේම කතාවක්.

අපේ සෙට් එකේ ඉන්න සසදි මට වමනේට වගේ කියලා කිව්වා. ගත් කටටම අපේ එකෙක් කිව්වා “වමනේ දාන්නේ බලාගෙන ඉස්කොලේ වමනේ දැම්මොත් නම් අස්වීමේ සහතිකය ෂුවර්”
පසුගිය දවස්වල අපේ රටේ සිද්ධ වෙච්ච හරිම කනගාටුදායක සිද්ධියක් තමයි ඉස්කෝලේදි වමනේ දැම්ම 10 වසරේ ගැහැණු ළමයෙක්ව විදුහල්පති හා ගුරුවරු එකතු වෙලා පාසලෙන් අස්කරලා ගෙදර එවීම.

 

“ඒ මොකො බං ඒ” ඒ ස්ටෝරි එක නොදන්න අපේ එකෙක් ඇසුවා.

ඒ ඉස්කෝලේ ඉන්න ගුරු මෑණි පියවරුන්ගේ අලුත්ම සොයා ගැනීමක් මචං. වමනේ දැම්මට එකම හේතුව බබෙක් හම්බ වෙන්න සිටීම ඒ තමයි ඒ අයගේ නවතම විiාත්මක සොයා ගැනීම.
අපිට ජෝක් එකක් වුනාට ඒ කෙල්ල දිවි නසා ගත්තේ නැති එක ගැන අපි සතුටු වෙන්න ඕනි.
ඇත්ත. මාර දුක හිතෙන ස්ටෝරි එකක්. කෙල්ල වමනේ දාලා තියෙන්නේ බඩගින්නට. දුප්පත් ළමයෙක්.
කව්ද ඉතිං කියලා තියෙන්නේ බබෙක් හම්බ වෙන්න කියලා. ඒ වයසේම වෙන ළමයෙක් තමයි ටීචර් කෙනෙකුට එහෙම කියලා තියෙන්නේ.
“ඉතිං ටීචර්ලායි ඒක ප්‍රින්සිපල්ට කිව්ව. ප්‍රින්සිපල් ගුරු මවක්. ඒ හැමෝම ප්‍රසව හා නාරි විශේඥයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව නිගමනය කළා. අස්වීමත් දීලා ගෙදර යැව්වා.
ගම ගිනි තිබ්බා. අන්තිමට ඒ කෙල්ලට ඉස්පිරිතාලේ නැවතිලා පරික්ෂණයකට මුහුණ දීලා තමන් එසේ නොවන බව ඔප්පු කරන්න සිද්ධ වුනා.
“කෙල්ල ලස්සන ඇති අනිත් වුන්ට ජේ වැන්නැති”
“ගුරුවරුත් ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අය වෙන්න ඇති”
අපි හිතමු ඇත්තටම එහෙම දෙයක් කියලා. ඒත් ගුරු මව්පියන්ගේ යුතුකම අස්වීමේ සහතිකය දීලා ගෙදර යවන එකනම් එතන ගුරු කමවත් මව්පියකමවත් නෑ.
මේ වගේ සිද්ධි නිසා තමයි සමහරුන්ට ජීවිතය එපා වෙන්නේ. ඇත්තටම ඒ කෙල්ලව අගය කරන්න ඕනි මෙ තත්වයට මුහුණ දීම ගැන.
ඔව් ඒ කෙල්ල පුංචි දේවල් වලට දිවි නසා ගන්නා අයට දෙන්නේ හොඳ පණිවුඩයක්.
අපි ගියවර කතා කළා වගේම මෙවන් අත්දැකිම් වලට මුහුණ දෙන අපේ වයසේ කෙල්ල කොල්ලෝ ගැන සානුකම්පිතව බලන්න පුරුදු වෙන්න ඕනි.
අනුකම්පාව ආදරය රැකවරණය වෙනුටව අපහාසය අනාදරය කොන් කිරිම, අත් හැරිම ලැබීම තුලින් මෙවන් යොවුන් ජීවිත විනාශයට යොමු කිරිම මහා පාපයක්.


jesustoday 36 සතිය 2017 නොවැම්බර් 05