ඒ ගැන කරපු පරීක්ෂණ සමඟ හෙළිදරව් වුනේ නවීන තාක්ෂණය යොදාගෙන ලක්ෂ ගාණක් වියදම් කරලා අයථා ලෙස සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් හොර වැඩ කරලා ලකුණු ගන්න උත්සහ කිරීම.

2018.12.07.13

ගියවර අ.පො.ස උසස් පෙළ විභාගය ගැන ජනමාධ්‍යයේ ප්‍රධාන පුවත වුනේ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට වීම.

ඒ ගැන කරපු පරීක්ෂණ සමඟ හෙළිදරව් වුනේ නවීන තාක්ෂණය යොදාගෙන ලක්ෂ ගාණක් වියදම් කරලා අයථා ලෙස සාමාන්‍ය භාෂාවෙන් කියනවානම් හොර වැඩ කරලා ලකුණු ගන්න උත්සහ කිරීම. මේ මාතෘකාව අපේ ටීන් සෙට් එක අතරත් කථා බහට ලක්වුණා.

“ඒ සර් මහා පට්ට මෝඩයෙක්” “ලක්ෂ 10 අරගෙන නිකං හිටියානම් මේක මාට්ටු වෙන්නේ නෑ”

“ තන්හාව වැඩිකමට තවත් හම්බ කරන්න හැදුවා”

මුළු සිද්ධිය හෙළි දරව් වුනේ ගුරුවරයා තම ටියුෂන් පංතිය වර්ධනය කරගන්න විභාග ප්‍රශ්නයක් (තමාට අදාල ශිෂ්‍යාගෙන් තාක්ෂණ උපකරණ හරහා ලැබුනු) ඇතුලත් කරලා නිබන්ධනයක් බෙදු නිසා.

’‘මම නම් කියන්නේ ඒක එහෙම වුනු එක හොඳයි”

“ඔව්, දෙවියෝ පෙන්නුවා වගේ. නැත්නම් ඔය වැඬේ කවදාවත් අහුවෙන්නේ නෑ”

“ගුරුවරයාට වඩා මම නම් වරද කියන්නේ ඒ ළමයාගේ තාත්තාට”

“ඇත්ත. එයා තමයි මේ වැරදි වැඬේ කරන්න තමන්ගේ පුතාවත් ගුරුවරුන්වත් යොදා ගත්තේ”

තාත්තා කෙනෙක් කළ යුත්තේ පුතෙකුට කොපි කරන්න එපා, හොරකම් කරන්න එපා කියලා හරි මඟ ගෙනියන එකනේ.

’‘තම පුත්‍රයා මනා ලෙස ඇති දැඩි කරන්න එහි ඵල නෙලා ගන්නේය” (ශු. බයිබලය)

’‘මම හිතන්නේ තාත්තාගේ මෝඩකම මෙච්චර තාක්ෂණික දැනුමක් තියෙන ළමයට ඒ පැත්තෙන් යන්න ඉඩ දුන්නානම් ඉවරනේ”

’‘මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ විභාග පාස්වුනේ නැත්නම් අපේ අභාගේ. ඒ නිසා මිනිස්සු මොනා හරි කරලා ගොඩ යන්න බලන්නේ”

අපේ කෙනෙක් එහෙම කිව්වම තමයි අපේ සාකච්ඡාවේ නියම තැනට ආවේ.

“කොපි කරලා, හොර වැඩ කරලා විභාග පාස් වෙන එක මොන තත්වය යටතේ වුනත් හරිද ?” “ඒක ක්‍රිස්තියානියද ?”

ඔන්න ඔය ප්‍රශ්නේ ආවාම කට්ටිය ටිකක් නිහඬ වුණා. අපි දන්නවා අද හුඟාක් වෙලාවට විභාග වලදි කොපි කරනවා. කිතුනු දරුවොත් ඒ වැඬේ කරනවා. ඒක හරිද ?

’‘ඕක හිතන්න දෙයක් නොවෙයි. කොපි කරන එක වැරදියි. සොරකම් නොකරව ! කියන පනතට සම්පූර්ණයෙන් විරුද්ධයි”

හොරට විභාග කරනවා කියන්නේ ඇත්තටම අපි අපිටත්, අපි දෙවියන්ටත් ද්‍රෝහි වෙනවා කියන එක. අනික ඒක අහුවුනාම ජීවිතය කාලකන්නි වෙනවා. මුළු ජීවිත කාලයම තමන් ගැන ලැජ්ජාවක් එක්ක ගත කරන්න වෙනවා.

“හොර වැඩ සමිදුන්ට පිළිකුළක්. හරි දේ සමිදුන්ට ප්‍රීතියක්” කියලා උපදේශකයාගේ පොතේ තියෙනවා.

“දැහැමිකමින් නිදොස් මිනිසාගේ ජීවිත ගමන පහසු වේ. අදමිටුකමින් අදමිටුවන්ගේම වැටීම සිදුවේ. අවංක අය සිය දැහැමිකමින් ගැලවෙති. එහෙත් ද්‍රෝහියෝ සිය කූටෝපාය වලටම ගොදුරු වෙති” (ශුද්ධ වු බයිබලය)

Jesustodaysl 2 වන වසර 39 වන සතිය 2018 දෙසැම්බර් 09

Comments powered by CComment