ශුද්ධාත්ම දීමනා ඉල්ලද්දි හුඟ දෙනෙක් ඉල්ලන්නේ ‘ප්‍රඥාව’ ‘තේරුම් ගැනීම’ ‘දැනුමැතිකම’ ‘දැනගැන්ම’ වගේ දේවල්. විශේෂයෙන් නව යොවුන් අයට වැඩිහිටියෝ පෙන්වා දෙන්නෙත් ඒ දීමනා ඒ මොකද නව යොවුන් විය අධ්‍යාපන අවිදියක් නිසා.

“සැබෑ ධෛර්ය වන්නේ ජීවත්වීමට ඇති ධෛර්යයි” එකි කියමන කොයිතරම් අරුත්බර දැයි අපේ ටීන් සෙට් එක අතර කතා බහ වුනේ පසුගිය සති කීපය තුළ වාර්තා වුනු යොවුන් දිවිනසා ගැනිම් ගැන කතා බහ කරද්දීයි.

කිතුනු නව යව්වන යව්වනියන් පිරිසක් ලෙස ජීවත් වීමට ඇති ධෛර්යය ගැන අපි කතා බහ කළා.

‘ධෛර්ය’ අපි සලකන්නේ ශුද්ධාත්ම දීමනා හතෙන් එකක් ලෙසය.

“ඇත්තම කිව්වොත් මටත් නැත්තේ ධෛර්ය. හොඳටම දන්නවා ඇතැම් දේවල් වැරදියි. ඒත් ඒ වැරදි දේ අත් හරින්න ධෛර්යක් නෑ. නැවත නැවත ඒ වැරැද්දම කරනවා”
අපේ කෙනෙක් එහෙම කියද්දි තවත් කෙනෙක් ඊට එක් වුණේ මේ විදිහට.

‘ඒක නම් ඇත්ත. ප්‍රඥාව තේරුම් ගැනීම, දැනගැන්ම, දැනුමැතිකම කියන දීමනා තිබුණත් ධෛර්ය නැති කමින් අපි හුඟ දෙනෙක් හරි දේ කිරීම අත්හරිනවා”

‘කෙනෙක් ජීවිතය නැති කරගන්න හේතුවම තිබෙන තවත් කෙනෙක් ජීවිතයට මුහුණ දෙන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන ධෛර්ය නිසාය’

‘සියළුම දෙනා මඟ හරිද්දී. අත්හරිද්දී තමන් නොබියව නොසැලි අත් නොහැර සිටීමට තරම් ධෛර්යක් මිනිසෙකුට ඇති කර ගන්න පුළුවන්’

ජේසුට මේ ධෛර්ය තිබුණා. ගෝලයෝ අත්හැර දමද්දි, පාවා දෙද්දී, මිනිස්සු ඇණ ගසද්දි, මූණට කෙළ ගසද්දී, උන්වහන්සේ තම අරමුණ, ස්ථාවරය අත්හැරියේ නෑ.

ශුද්ධාත්ම දීමනා ඉල්ලද්දි හුඟ දෙනෙක් ඉල්ලන්නේ ‘ප්‍රඥාව’ ‘තේරුම් ගැනීම’ ‘දැනුමැතිකම’ ‘දැනගැන්ම’ වගේ දේවල්. විශේෂයෙන් නව යොවුන් අයට වැඩිහිටියෝ පෙන්වා දෙන්නෙත් ඒ දීමනා ඒ මොකද නව යොවුන් විය අධ්‍යාපන අවිදියක් නිසා.

ඒත්, වර්ථමානයේදි නව යොවුන් අපි හැමෝටම ඉතාම අවශ්‍ය දීමනාවක් වන්නේ ‘ධෛර්ය’

ධෛර්ය වගා කර ගන්නට අධිශ්ඨාන ශක්තිය හා වීර්යය අවශ්‍යයි. ඒ සඳහා විවිධ අභියෝග තුළ වැඩ කිරීමට යොවුන් අපිට අවස්ථාව තිබිය යුතුයි.

මට මතක් වෙන්නේ පෝලියෝ රෝගය නිසා කවදාවත්ම ඇවිදින්න බෑ කියු ඩිල්මා රුඩොල්ෆ් පසු කළෙක එකම ඔලිම්පික් තරඟාවලියකදි රන් පදක්කම් තුනක් දිනාගත් ප්‍රථම කාන්තාව බවට පත් වු සැටි.

ඇය මෙහෙම කියා තිබෙනවා. “මාව පරීක්ෂා කරපු වෛiවරු කිව්වේ මම ආයේ කවදාවත්ම ඇවිදින්නේ නැති වෙයි කියලා. ඒත් මගේ අම්මා මට කිව්වා මට ඇවිදින්න පුළුවන් වෙයි කියලා. මං අම්මට කිව්ව දේ විශ්වාස කළා. මම දක්ෂ ධාවන ශිල්පියෙක් වෙන සිහිනයට ගමන් කළා.”

Jesustodaysl 2 වන වසර 35 වන සතිය 2018 නොවැම්බර් 11 

 

Comments powered by CComment