සෙල්ෆි මගින් සිදු කරන්නේ පුද්ගලයා තුළ ප්‍රදර්ශන කාමය මතු කිරීමයි. තමා තමාව ප්‍රදර්ශනය කිරීමට පෙළඹීමයි. ඉස්සර ඡායාරූපයකට පෙනී සිටීමට මිනිසුන් දැක්වූයේ ලැජ්ජාවකි. දැන් තමන් තමන්ගේම නිරුවත් ඡායාරූප පවා ගෙන අන්තර්ජාලයට මුදා හැරීම දක්වා තත්වය වර්ධනය වී ඇත.

"සෙල්ෆි ගන්න ගිය තරුණ වෛද්‍යවරයා මා කෙළි ඇල්ල ළඟදි මරුට"

"සෙල්ෆි ගන්න ගිය සොයුරන් දෙදෙනා දුම්රිය බිලි"

මේ පසුගිය සති දෙක තුළ අප රටේ ජන හදවත් සසල කළ සිදුවීම් දෙකකි. සිදුවීම් දෙකේදීම මිය ගිය අය තරුණ හා යොවුන් අයවෙති.

තරුණ වෛද්‍යවරයා වසර පහක වෛද්‍ය අධ්‍යාපනයෙන් පසු ලෝකයට විශාල සේවයක් කළ හැකි ව තිබු අයෙකි. සොහොයුරන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරාද පස් වසරක අධ්‍යාපනය නිමවා පැමිණියෙකි. ඔහුටද රටට තම පවුලට සුවිසාල සේවයක් කළ හැකි තත්වයට පැමිණියෙකි. බාල සොයුරා පාසල් සිසුවෙකි.

සෙල්ෆි හෙවත් තමා හෝ තමන් විසින්ම තමන්ගේ ඡායාරූප ගැනීම අප රට තුළ ජනප්‍රිය වූයේ වසර දෙකක පමණ කාලයක් තුළය. සෙල්ෆි ගසද්දී මිය ගිය ගණන මේ වන විට විස්ස ඉක්මවා ඇත.

නව යොවුන් අය අතර සෙල්ෆි උන්මාදය සීඝ්‍රයෙන් පැතිර යන බව පෙනෙන නිසාම අපේ ටීන් සෙට් එකේ කතා බහ සෙල්ෆි උන්මාදය දෙසට යොමු විය.

මේ මරණ දේව කැමැත්තද? අප අතර මතු වූ පළමු ප්‍රශනය එයයි. සියළු දෙනා ඊට එකම පිළිතුරක් දීම අපේ ටීන් සෙට් එකේ සංවාදය වලින් ලද ප්‍රතිඵලයකි.

"නෑ. ඒ මරණ දේව කැමැත්ත නොවේ"

දෙසොයුරන්ගේ මරණයේ බාල සොයුරාගේ හිස දුම්රියේ රැඳී ගම්පහ දක්වා ගොස් තිබුණි. මේ සා දුක්ඛිත තත්වයක් ඇතිවීම නිසි ලෙසවත් දේව කැමැත්ත නොවේ.

සෙල්ෆි මගින් සිදු කරන්නේ පුද්ගලයා තුළ ප්‍රදර්ශන කාමය මතු කිරීමයි. තමා තමාව ප්‍රදර්ශනය කිරීමට පෙළඹීමයි. ඉස්සර ඡායාරූපයකට පෙනී සිටීමට මිනිසුන් දැක්වූයේ ලැජ්ජාවකි. දැන් තමන් තමන්ගේම නිරුවත් ඡායාරූප පවා ගෙන අන්තර්ජාලයට මුදා හැරීම දක්වා තත්වය වර්ධනය වී ඇත.

තමන්ගේ සුවිශේෂි වැදගත්කමක් නිසා තව කෙනෙක් තමන්ගේ ඡායාරූපයක් ගෙන මාධ්‍ය තුළ ඵල කිරිම හා තමන් තමන්ගේ ඡායාරූප ඵල කිරිම වෙනස් තත්වයක් දෙකකි.
අද ඇතැම් රටවල් සෙල්ෆි ගන්නා උපකරණ තහනම් කිරිමට පවා කටයුතු කර ඇත්තේ සෙල්ෆි උන්මාදයේ බරපතල ආදීනව නිසාය.

තමන්ට තමන්ගේ ඡායාරූපයක් ගැනීමේ පහසුකමක් තිබීම හොඳ දෙයකි. නමුත් එම පහසුකම අත්‍යාවශය අවස්ථාවක ඉතා අත්‍යාවශ්‍ය වුවමනාවක් වෙනුවෙන් භාවිතා කිරිම මිස එය වඳුරන්ට දැලි පිහිය ලැබුණා සේ භාවිතා කිරිම දේව කැමැත්ත නොවේ.

වෙළඳ පොළ විසින් අපට යොමු කරනු ලබන ප්‍රදර්ශනාකාමි මනෝභාවයට හසුවීම ශුද්ධාත්මයාණන්ගෙන් ඈත්වීමේ ප්‍රතිඵලයකි. නවීන පහසුකම් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට නම් අපව ශූද්ධාත්ම ආලෝකය අවැසිය. ප්‍රඥාව තේරුම් ගැනීම අවැසිය.

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28



 

Comments powered by CComment