ම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනැම කෙනෙක් තුළ ඇතුලාන්ත බුද්ධියක් වර්ධනය වෙනවා කියලා. අද ගොඩාක් මාධ්‍යයත් මතු පිටින් ඔබට පෙන්වන දේවල්ට වඩා බොහෝ දේ ඔබට ලබා දෙන්න හොඳ පොත් සමත් වෙනවා.

බැලු බැල්මට එකම දෙයක් ගැන වගේ වුනාට මේ කථා කරන්නේ වෙනස් වැඩ දෙකක් ගැන ගුරුවරියක් තම පන්තියේ ළමයි ගැන කතා කරන අතර මෙහෙම කිව්වා.

"මේ ළමයි හරියට කියවනවා"

"මේ ළමයි මෙලෝ දෙයක් කියවන්නේ නෑ"

වත්මන් නව යව්වනය කියවීම පිළිබඳ දැක්වන උනන්දුව ඉතා අඩුයි. ඒගොල්ලෝ මුහුණු පොත ඇතුළු අන්තර්ජාලයේ සැරි සැරීම තමයි කරන්නේ” වැඩිහිටියන් ගුරුවරුන් නිතර නිතර කියන කතාවක් ඒ.

අපි හිතුවා මුහුණ පොතේ නිර්මාතෘ ලවා කියවීම ගැන නව යව්වන යව්වනියන්ට කතාවක් දෙන්න...

සකර්බර්ග් ඒ ගැන කියන්නේ මොනවාද? අපි දැන් ඇහුම් කන් දෙමු.

"මම නම් කියවනවා. කියවන එක වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි විකාර කියවන එකයි. පොත් පත් කියවන එකයි. කරන්නේ ඒ දෙකෙන් දෙවෙනි එක. පොත්පත් කියවන එක. කාර් එකේ යන කොට. තේ එකක් බොන වෙලාවට, නිදා ගන්න කලින් මම පොත් කියවනවා. හැබැයි එ වෙලාවට ලෝකයේ භාගයක්ම ඉන්නේ ෆේස්බුක් එකේ."

ඇයි එයා පොත් කියවන්නේ. ඒ ගැන මාක් සකර්බර්ග් 2015 ආරම්භයේදි මෙහෙම කිව්වා. අපි දැන් ඔහුට නැවත ඇහුම්කන් දෙමු.

2015 වර්ෂයේදි මගේ අභියෝගය වන්නේ සෑම සති දෙකකට වරක්ම අලුත් පොතක් කියවීම. විවිධ සංස්කෘතින්, විවිධ විශ්වාසයන් විවිධ විශ්වාසයන් විවිධ මිනිස් හැසිරිම් සහ තාක්ෂණයට අදාල පොත් කියවීමට මම බලාපොරොත්තු වෙනවා. මට බොහෝ දෙනා විවිධ අභියෝග එල්ල කර තිබුණා. විවිධ කාර්යයන් ගැන, එහෙත් මම හිතුවා පොත් කියවීම අභියෝගයක් ලෙස භාරගන්න.

මම හිතනවා පොත් කියවීම ඔස්සේ ඕනැම කෙනෙක් තුළ ඇතුලාන්ත බුද්ධියක් වර්ධනය වෙනවා කියලා. අද ගොඩාක් මාධ්‍යයත් මතු පිටින් ඔබට පෙන්වන දේවල්ට වඩා බොහෝ දේ ඔබට ලබා දෙන්න හොඳ පොත් සමත් වෙනවා.

2018.10.10.06

ඔබට මෙහෙම කියන්නේ කව්ද? ෆේස්බුක් ජාලයේ නිර්මාතෘවරයා. එයා කියන්නේ මිනිස්සු ෆේස්බුක් එකේ රස්තියාදු වුනාට එයා නම් එහෙම නොවි පොත් කියවන බව.

සකර්බර්ග් ෆේස්බුක් ආරම්භ කරන කොට 26 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. නමුත් ඔහු 2015 තම පොත් කියවීමේ වර්ෂය ලෙස නම් කරන කොට ඔහු ලෝකයේ 16 වෙනි පෝසතා. 2016 වර්ෂය අවසාන වන විට ඔහු ලෝකයේ 3 වෙනි පෝසතා. ඒක අතුරු කතාවක්.

2015 වසරේ ඔහු ෆේස්බුක් හි සැරිසරන එක නවත්තලා පොත් කියවීමට යොමුවුණා. සෑම දෙසතියකට වරක් ඔහු කියවු පොත පමණක් ඔහු ෆේස්බුක් පිටුවට එක් කලා.

’‘කියවීම ගැන කතා කරන්න සකබර්ග් ව අදාල කරගත්තේ ෆේස්බුක් හි සැරිසරන අයට එහි නිර්මාතෘවරයාගෙන්ම සැබෑ වටිනා දේ මොකක්ද කියලා කියා දෙන්න.”

සකර්බර්ග් කියවන්නේ බොළඳ නවකතා හෝ හුදු වින්දනය දනවන කතා නොවන බවත් මතක් කළ යුතුයි.

ඒ වගේම ඔහුගේ පොත් කියවීම 2015 වසරට සීමා වූවක් නොවන බවත් කියන්නටම ඕනි. කියවීම කියන්නේ යාච්ඥාවක්. යාච්ඥාවක් ලෙස කියවිය යුතු පොත් ගැන යොවුන් ඔබට වරින් වර හඳුන්වා දෙන්න අපි කල්පනා කරනවා.

Jesustodaysl 2 වන වසර 31 වන සතිය 2018 ඔක්තෝම්බර් 14

 

Comments powered by CComment