අපි දන්නවා ‘ජීවිතය විනාශ නොකරව’ කියලා පනතක් තිබෙනවා. ජීවිතයට ආදරය කරන්න. ජීවිතය රැක ගන්න නම් යම් අධ්‍යාපනයක් ලැබීය යුතුයි. ඉතිං ඒක මඟ හරින එක පාපයක් නොවේද?

පාසල් ශිෂ්‍යයෙක් පාඩම් නොකරන එක පාපයක්ද? කියන ප්‍රශ්නය අපේ ටීන් සෙට් එකේ කතා බහේදි මතු වුනා. ඒ කතාව ඇදිලා ආවේ වාර විභාගයේ ලකුණු ගැන කතාවකින්. ආගම විෂයට හැරුනම අනික් හැම විෂයක්ම ෆේල් වුනු අපේ යාළුවෙක් නිසා.

“මට ඉස්කෝලේ යන්න හිතෙන්නේ නෑ” එයා එහෙම කිව්වා.

“උඹ පාඩම් කරා නම් උඹට ඔහොම වෙන්නේ නෑ” තව කෙනෙක් කිව්වා.

“පාඩම් කරන එක මට පෙන්නන්න බෑ”

“අපි පාඩම් කරන්නම ඔිනද?’ ‘ඉගෙන ගන්නම ඕනද ?

ප්‍රශ්න ගොඩාක් මතු වුනා. මේ ප්‍රශ්න ගැන කතා කරන්න අපේ යාළුවන්ම ඇද ගෙන අපි දෙව්මින් සර් ව හම්බ වෙන්න ගියා.

“ඔබ ශිෂ්‍යයෙක් නම් පාඩම් නොකිරීම පාපයක්”

දෙව්මින් සර් අපේ ප්‍රශ්නට දුන්න උත්තරය ඒකයි.

“ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් ලෙස අපි ජීවිතේ යම් කාලයක් ගෙවනවා නම් ඒ කාලය තුළ ඉගෙනීම යනු අපේ මූලික වගකීමක්. ඒ වගකීම ඉටු නොකිරීම පැහැදිලිම පාපයක්.
‘මම ගුරුවරයෙක්. එතකොට මම උගන්වන්නේ නැත්නම් මම කරන්නේ පාපයක්”

අපි දන්නවා ‘ජීවිතය විනාශ නොකරව’ කියලා පනතක් තිබෙනවා. ජීවිතයට ආදරය කරන්න. ජීවිතය රැක ගන්න නම් යම් අධ්‍යාපනයක් ලැබීය යුතුයි. ඉතිං ඒක මඟ හරින එක පාපයක් නොවේද?

අනිත් අතට අපි අපේ මව්පියන්ට සංග්‍රහ කරන්න ඕනි කියලා පනතකුත් තිබෙනවානේ. මේ කාලයේදි අපේ දෙමව්පියන්ට දිය හැකි ලොකුම සංග්‍රහය තමයි අපට හැකි උපරිම විදිහට ඉගෙනුම් කටයුතු කරන එක.

මතක තියාගන්න ඉගෙනුම් කටයුතු කිව්වම ක්‍රීඩාව, පාසලේ, පල්ලියේ, පන්සලේ, සමිති සමාගම්වල වැඩ කරන එක, තමාගේ හැකියා වර්ධනය කරගන්න එක. ඒ සියල්ලත් අයිතියි. ඒ එක්කම පොත පතේ වැඩටත් යම් ප්‍රමාණවත් කාලයක් වැය කරන්න ඕනි.

ශිෂ්‍ය අවධිය තුළ පාඩම් නොකිරීම වරදක් වෙන්නේ ඔන්න එය කිව්ව පසුබිම තුළ. එය අපගේ යුතුකමක්, වගකීමක් පැහැරහැරීමක් වගේම අපි අපිටම කරගන්නා අවැඩක්.


Jesustodaysl වන වසර 30 වන සතිය 2018 ඔක්තෝම්බර් 07

 

Comments powered by CComment