මිනිස්සු ඇයව ලෝකයේ කැතම, විරූපිම යුවතියක ලෙස නම් කරද්දී ඇය පොතක් ලියනවා ‘ලිසි ලස්සනයි’ කියලා. එය කොයිතරම් ප්‍රබල පිළිතුරක්ද? එතනින් නොනැවති ඇය තව පොතක් ලියනවා ‘ඔබ ඔබ වගේ ලස්සන වෙන්න’ කියලා.

ගියවර අපි කතා බහ කළේ ‘පෙනුම’ ගැන, වෙළඳපොල විසින් මවන ප්‍රතිරූප සමඟ තමාගේ පෙනුම ගැන හිතලා විශාදයෙන් පෙලෙන නව යව්වනයන් පවා අද නිතර හමුවෙනවා.

ඉතිං, එවැනි බොහෝ දෙනෙකුට අභියෝගයක් වන තරුණියක් ගැන සටහනක් තමයි මෙවර නව යොවුන් කතා බහට එක් කරන්නේ. ඇගේ නම ලිසි වැල්ස්වර්ක්.

ලිසි කියන්නේ මස් දියවීම නැමැති දුර්ලභ රෝගයට ගොදුරු වූ දරුවෙක්. මේ නිසාම ඇය ළමා වියේ සිටම පෙන්නුම් කළේ විරූපි බවක්. බැලු බැල්මට රැළි වැටුනු දිරාගිය වයසක කෙසඟ ස්වභාවයක් තමයි ඇයට උරුම වුනේ.

2018.09.28.03

නව යව්වනියක වෙද්දී ලිසිටත් අන් අයට වගේ තමාගේ පෙනුම ගැන හිතෙන්න ඇති. ලිසිට වඩා ලිසිගේ පෙනුම ගැන කරදර වුනේ අනිත් මිනිස්සු.

දවසක් ලිසි අන්තර්ජාලයේ සැරිසරද්දි ඇය දකිනවා ඇය ගැන වීඩියෝ පටයක්. ඒකේ සඳහන් වෙලා තිබුනේ "ලෝකයේ අවලස්සනම (විරූපිම) යුවතිය" වශයෙනි.

ලිසි මේක දැකලා හුඟාක් කලබල වුනා. ඔබ හිතන්න පුළුවන් ඇය ඇය ගැන කම්පා වෙන්න ඇති කියලා. නමුත් ලිසි කලබල වුනේ අම්මා තාත්තා ගැන, ඔවුන් මේක දැක්කම කොච්චර දුක හිතාවීද කියලා ලිසිට හිතුනා. ලිසිට ඕනි කළා අම්මා තාත්තාව ශක්තිමත් කරන්න.

මේ වීඩියෝ පටයට දස දහස් ගණන් ප්‍රතිචාර තිබුණේ ‘කාලකන්නී කෙල්ලේ මැරියං’ ‘මේකිව පුළුස්සා දම පියව්’ ‘සිය දිවි නසා ගනින්’

ලිසි මේ කිසිවකින් කම්පා වුනේ නෑ. ඇය අලුත් ජීවිතයක් පටන් ගන්න ඒ සියල්ල උපකාරයක් කරගත්තා.
අද ඇය ලොව ජනප්‍රිය ධන චින්තන දේශිකාවක්. ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක්., උපදේශකවරයෙක් ලෝකයේ ඉහල අලවියක් ඇති ග්‍රන්ථ කතුවරියක්.

2018.09.28.04

මිනිස්සු ඇයව ලෝකයේ කැතම, විරූපිම යුවතියක ලෙස නම් කරද්දී ඇය පොතක් ලියනවා ‘ලිසි ලස්සනයි’ කියලා. එය කොයිතරම් ප්‍රබල පිළිතුරක්ද? එතනින් නොනැවති ඇය තව පොතක් ලියනවා ‘ඔබ ඔබ වගේ ලස්සන වෙන්න’ කියලා.

ඉතිං බලන්න ‘පෙනුම’ ගැන තිබෙන සම්මත මතය පුපුරුවා හරිමින් ලිසි ජීවිතය තුළ නැඟී සිටින ආකාරය එවැනි ශක්තිමත් හදවතක් ඔබ තුළත් තිබෙනවා. ලිසි තමාව භාරගන්නවා. තමාට ආදරය කරනවා.

2018.09.28.07

ඉතිං බලන්න ‘පෙනුම’ ගැන තිබෙන සම්මත මතය පුපුරුවා හරිමින් ලිසි ජීවිතය තුළ නැඟී සිටින ආකාරය එවැනි ශක්තිමත් හදවතක් ඔබ තුළත් තිබෙනවා. ලිසි තමාව භාරගන්නවා. තමාට ආදරය කරනවා.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 30

 

Comments powered by CComment