"අද දිනය මගේ තරුණ විය ආරම්භ කරන දිනයයි. එම දිනය සැමරිමට මා මෙහි පැමිණියේ දිගු කලක් පුරා මේ සරණාගත ජනතාව අත්හැර දමා තිබෙන ලෝකයට ඔවුන්ගේ හඬ ගෙන යාමටත් අවුරුදු 14-18 අතරේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන පාසල විවෘත කිරිම මගින් අධ්‍යාපන අයිතිය පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙනයාමටත්ය."

මලාලා යනු කවරෙක්දැයි ඔබට පැයක් ඇත්නම් ඔබ ලෝකය පිළිබඳ අවදි මනසක් නැති යව්වනියකි, යව්වනයෙකි.

මලාලා යුසුෆ් සායි යනු ලෝකයේ ළා බාලතම නොබෙල් ත්‍යාග ලාභිනියයි. 2014 වර්ෂයේ සාමය පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇයට පිරිනමන විට ඇයගේ වයස අවුරුදු 16කි. තවමත් උසස්පෙළ හඳාරන 19 හැවිදිරි මෙම යව්වනියව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම නියෝජිත වරියක් ලෙස පත්කරන ලදී. ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධන කිරීම සාම නියෝජිතවරියක ලෙස ඇයට පැවරි ඇති කාර්යයි.

2018.09.14.08

මලාලා යනු පාකිස්ථානු ජාතික ඉස්ලාම් නව යව්වනියකි. පාකිස්ථානයේ ගැහැනු ළමුන්ට අධ්‍යාපන අයිතිය අහිමි කරමින් තලේබාන් සංවිධානය ගෙනගිය මර්ධනයට එරෙහිව අන්තර්ජාලය හරහා අත්දැකීම් බෙදාගනිමින් ඇය ලෝක අවධානය එම ප්‍රශ්නය වෙත යොමු කළාය. එවකට ඇය යන්තම් 13 හැවිරිදි නව යව්වනියකව සිටියාය.

බාලිකා පාසල් පුපුරුවා හරිමින් පාසල් යන ළමුන් ඝාතනය කරමින් ගෙනගිය ව්‍යාපාරයට විරුද්ධව ලෝක ජන මතයක් ගොඩනැගීමට ක්‍රියා කළ නිසාම 2012 වර්ෂයේදි පාසල් ඇරි නිවසට එන අතර ඇය තලේබාන් වරුන්ගේ වෙඩි පහරට ගොදුරු වුවාය. ඉන් ජීවිතය ගලවා ගත් ඇය දැන් බිතානය ජිිවත්වන්නිය.

2018.09.14.06

අන්තර්ජාලය, මුහුණු පොත,ආදිය තුළ අතරමං වු ජිවිතය නාස්ති කරන වත්මන් බහුතර නව යව්වන යව්වනියන්ට මලාලා ආදර්ශයකි. දෙවිඳුන් අපට ජිවිතය දී තිබෙන්නේ අර්ථවත් ලෙස ජිවත් වෙමින් අප සහෝදර ජනයාට සේවය කිරිමට බව මලාලා අපට පෙන්වා දෙයි. ඇය තම ක්‍රියාවන් ගැන ප්‍රකාශ කරන්නේ ඇගේ ඇදහිල්ල අනුව අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත ඇය ඉටු කරන බවයි.

පසුගිය වසරේ තම 18 වෙනි උපන් දිනය ලෙබනනයේ වෙසෙන සරණාගත සිරියානු දරුවන් සමඟ ගත කළ ඇය එහිදී තමාට නොබෙල් තාග්‍යයෙන් ලද මුදල් වැය කරමින් එම සරණාගත ළමුන් වෙනුවෙන් පාසලක් ද විවෘත කළාය. එහිදි ඇය දැක්වු අදහස් බිදකි මේ.

"අද දිනය මගේ තරුණ විය ආරම්භ කරන දිනයයි. එම දිනය සැමරිමට මා මෙහි පැමිණියේ දිගු කලක් පුරා මේ සරණාගත ජනතාව අත්හැර දමා තිබෙන ලෝකයට ඔවුන්ගේ හඬ ගෙන යාමටත් අවුරුදු 14-18 අතරේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන පාසල විවෘත කිරිම මගින් අධ්‍යාපන අයිතිය පිළිබඳ පණිවිඩය ලෝකයට ගෙනයාමටත්ය."

"මා මෙහි සිට ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙඩි උණ්ඩ වෙනුවට පොත් හා අධ්‍යාපනය සදහා මුදල් ආයෝජනය කරන ලෙසයි."

උපන් දින සැමරුමට තමා හෝ අර්ථයක් දීමට නව යොව්න් ඔබ උත්සහා කරනවාද? මලාලා වැනි නව යෙව්වනියක් වීමට ඔබටත් කැදවීමත් තිබේ.

Jesustodaysl වන වසර 28 වන සතිය 2018 සැප්තැම්බර් 16

 

Comments powered by CComment