එතකොට වැඩිවියට පත්වීම අසිරිමත් ක්‍රියාවක්. ඒකට දිව්‍යමය අරුතක් තිබෙනවා. අපි හැමෝම ස්ත්‍රියකගේ ඒ වැඩිවියට පත්වීමේ ක්‍රියාවලියට දෙවිදුන්ට තුති දිය යුතුයි. අපි මේ ලොවට ආවේ ඒ ක්‍රියාවලිය නිසා.

ඇත්තටම අපේ ටීන් සෙට් එකට එදා හමුව සෑහෙන අල්ලලා ගියා. ඒ නිසා අපි තීරණය කලා හැම සතියේම පැය දෙකක් අපේ ජීවිතේ ගැන කතා කරන්න. සර් එන්නත් පොරොන්දු වුණා.

හුඟාක් වෙලාවට අපි කතා කරන්නේ අනුන් ගැන. අපි ගැන කථා කරන්නේ නෑ. කතා කරත් අපේ කතා බහේදි අපි අපේ ඇදහිල්ල එක්ක ඒ කතාබහ සම්බන්ධ කරන්නේ නැ.

ඇයි දෙවියන් අපිට මෙහෙම කරන්නේ? කියන ප්‍රශ්නය තව හුඟාක් ගැඹුරට යන ප්‍රශ්නයක් බව අපිට තේරුනා.

‘සර් කිව්වනේ අපේ ශාරීරික වෙනස්කම් වලට දිව්‍යමය අරුතක් තියෙනවා කියලා. ඒක ගැන තව ටිකක් කතා කරමුද?”

“ගෑනු ළමයෙක් වැඩිවියට පත් වෙනවා කියන්නේ එයාගේ ශරීරය තුළ ස්ත්‍රී බීජ (ඩිම්බයක්) නිෂ්පාදනය වෙන්න ගන්නවා. ඒ ස්ත්‍රී බීජ නිසා තමයි දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එමගින් ඇය උතුම් මව් පදවියට සූදානම් කෙරෙනවා”

ගැහැනු දරුවෙක්ගේ ශරීරයේ නිපදවන ඒ ස්ත්‍රී බීජය පුරුෂබීජයක් සමඟ එක් වී දරුවෙක් පිළිසිදුනේ නැත්නම් ඒ ස්ත්‍රී බීජය කිසියම් දින ගණනකට පසු ගැහැණු ළමයාග් ශරීරයෙන් පිටවෙනවා. එසේ පළමු වරට සිදුවුනු දිනය තමයි ගෑනු දරුවෙක් වැඩිවියට පත් වුනා කියන්නේ.

එතකොට වැඩිවියට පත්වීම අසිරිමත් ක්‍රියාවක්. ඒකට දිව්‍යමය අරුතක් තිබෙනවා. අපි හැමෝම ස්ත්‍රියකගේ ඒ වැඩිවියට පත්වීමේ ක්‍රියාවලියට දෙවිදුන්ට තුති දිය යුතුයි. අපි මේ ලොවට ආවේ ඒ ක්‍රියාවලිය නිසා.

“වැඩිවියට පත්වුණාම සිදුවන හැම වෙනසටම ඒ වගේ අර්ථයක් තියෙනවාද?"

‘ඔව්, ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වුනාම වෙන අනිකුත් ශාරිරික වෙනස්වීම් ගැන හිතන්න. ඇයගේ පියයුරු වර්ධනය වෙනවා. ඒ අනාගතයේ මවක් ලෙස දරුවාව මව් කිරෙන් පෝෂණය කරන්න. ඇයගේ උකුල පුළුල් වෙනවා. ඒ අනාගතයේදි මවක් වෙද්දි දරු ප්‍රසුතියට පහසුවෙන්න. ඒ වගේ හැම දෙයටම දිව්‍යමය අරුතක් තිබෙනවා.

මේ නව යෞවනියකගේ ප්‍රශ්නයක්.

2018.08.16.04

හැබැයි ඔබ මතක තියාගන්න ඕනි. හැම ළමයෙක්ගෙම මේ ශාරීරික වෙනස් වීම් එකම විදිහට එකම කාලයක වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. බහතෝරද්දී, මුනින්දාද්දී, දණ ගාද්දී පවා එකිනෙකා අතර කාල වෙනස්කම් තියෙනවා.

ශරීරයේ ප්‍රමාණය, හැඩය, පියයුරු වල ප්‍රමාණය ආදි කිසිවක් නිසා දිව්‍යමය අරුත වෙනස් වෙන්නේ නෑ. එකම වැදගත් සාධකය නිරෝගී බව හා පෝෂණය ගැන අපි උනන්දු වීම. ලෝකයේ ඉතා කෙසඟ ඉතා මිටි ගැහැනු ළමයටත් නිසි පෝෂණයක් තිබෙනවානම් තම දරුවා පෝෂණය කරන්න අවශ්‍ය මව් කිරි නිපදවනවා. ඒ නිසා උස, මිටි, කෙට්ටු මහත වැනි සාධක මත තම ශරීරය ගැන අධි තක්සේරුවක් හෝ අවතක්සේරුවක් කරන්න හොඳ නෑ. වෙළඳ පොල ශරීරය ගැන ඇති කරන වැරදි අදහස්වලින් මනස නිදහස් කර ගන්න එක ඉතා වැදගත්.

නිරෝගී ශරීරයක් පවත්වා ගන්නා. උසට සරිලන බරක් පවත්වා ගන්න වැනි සෞඛ්‍ය විද්‍යාත්මක දේවල් විතරයි වැදගත්.

‘සමහරු ගැහැනු ළමයි තමන්ගේ මාසික ඔසප් වීම මහා කරදරයක් ලෙස හිතෙනවා’

‘ඒක නම් හොඳ දෙයක් නොවෙයි. තම ශරීරයේ ඇති වන මේ වෙනස ආදරයෙන් බාරගන්න අවශ්‍යයි. එහි දිව්‍යමය අරුත තුලින් ඒ දෙස බලන්න අවශ්‍යයි’

‘එතකොට පිරිමි ළමයින්ගේ ශරීරයේ වෙනස්කම්වලටත් ඒ දේ අදාලයිනේද?

අනිවාර්යෙන්.

jesustodaysl 2 වන වසර 24 වන සතිය 2018 අගෝස්තු 19

Comments powered by CComment