වැඩිවියට පත්වුනාම එක දෙයක් මතක තබා ගන්න ඕනි. ඒ තමයි ඔබගේ ශරීරය තුළ මවක් වීමේ, පියෙක් වීමේ හැකියාවක් තිබෙන බව, නමුත් එය පූර්ණ හැකියාවක් නොවෙයි ශරීරයෙන් පමණයි. මනසින් අධ්‍යාත්මයෙන් මවක්, පියෙක් වෙන්න ශාරිරික වර්ධනයට අමතරව තවත් මානසික, චෛතසික ආධ්‍යාත්මික වර්ධනයන් අවශ්‍යයි.

නව යොවුන් කථා

 කුණාටු සමයේ අනාථ නොවීමට 
                           හරවත් නව යව්වනයට දෙව් දහමක්

 

ඇයි දෙවියන් අපිට මෙහෙම කෙරුවේ? කියන ප්‍රශ්නයට පිළිතුරක් හොයාගෙන අපේ ටීන් සෙට් එක දෙව්මින් සර්ව හම්බ වෙන්න ගියා. පහතින් සටහන් කරලා තිබෙන්නේ සර් අපි එක්ක බෙදාගත්තු අදහස්.

මිනිස් ජීවිතය විතරක් නොවෙයි. ගහකොළ සතා සිව්පාව ගැන හිතුවමත් ඒවාට උපතක් තිබෙනවා. ඉන් පස්සේ ටික ටික වර්ධනය වෙනවා. ඒ තමයි දෙවියන්ගේ සැලසුම. දෙවියන් ගැන අදහන්නේ නැති අය ඒක තේරුම්ගන්නේ ලෝක ස්වභාවය කියලා.

ඉතිං කළලයක් - බිළිඳෙක් - ළදරුවෙක් - ළමයෙක් ලෙස වර්ධනය වන අපි ඊළඟට නව යව්වනයෙක්, නව යව්වනියක් වෙනවා.

අවුරුදු 10 පහුවෙනකොට අපගේ ශරීරය තුළ හෝර්මෝන වර්ධනය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි වැඩිවියට පත් වෙනවා. ලොකු ළමයෙක් වෙනවා.

ගෑනු ළමයි පිරිමි ළමයින්ට කලින් ලොකු ළමයි වෙනවා. ඒ නිසා තමයි හතේ, අටේ පන්තිවලදි ගෑනු ළමයි පිරිමි ළමයින්ට වඩා ලොකු මහත් වෙලා ඉන්නේ.

හැබැයි මතක තියාගන්න පිරිමි ළමයිනුත් ලොකු ළමයි වෙනවා. වැඩිවියට පත්වෙනවා. හැබැයි ගෑනු ළමයින්ට වඩා ටිකක් පහුවෙලා. ඒකත් දෙවියන්ගේ සැලසුම. ලෝක ස්වභාවය.

ඒ හැම එකටම අර්ථයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඒ දේවල් සිද්ද වෙන්න ඇරලා තියෙන්නේ අර්ථයක් ඇතිව. ඒ අර්ථය අපි සොයාගත්තේ නැති වුනාම තමයි ප්‍රශ්න පිට ප්‍රශ්න.

ඉතිං අවුරුදු දොලහ, දහතුන වෙනකොට දෙවියන් අපි තුළ ඇති කරන මේ වෙනසේ අර්ථය කුමක්ද? අපේ ප්‍රශ්නය තමයි ඒක. අපි පිළිතුරු සොයන්නේ ඒ ප්‍රශ්නයට.

ඒකේ අර්ථය තමයි ටිකෙන් ටික ලොකු වෙලා අනාගතයේදි මවක් පියෙක් වෙන එක. වැඩිවියට පත් වුනාම අපි යෞවනයට මිසක් තරුණ බවට පත්වෙන්නේ නෑ. ලොකු ළමයෙක් වීම ආරම්භයක් මිසක් අවසානයක් නොවෙයි. ඒකෙ අදහස ඔබ තරුණ වෙන්න පටන් අරන්. අවුරුදු හත අටක් තුළ ඔබ ටිකෙන් ටික කාන්තාවක් බවට, පිරිමියෙක් බවට පත්වෙනවා.

වැඩිවියට පත්වුනාම එක දෙයක් මතක තබා ගන්න ඕනි. ඒ තමයි ඔබගේ ශරීරය තුළ මවක් වීමේ, පියෙක් වීමේ හැකියාවක් තිබෙන බව, නමුත් එය පූර්ණ හැකියාවක් නොවෙයි ශරීරයෙන් පමණයි. මනසින් අධ්‍යාත්මයෙන් මවක්, පියෙක් වෙන්න ශාරිරික වර්ධනයට අමතරව තවත් මානසික, චෛතසික ආධ්‍යාත්මික වර්ධනයන් අවශ්‍යයි. අන්න ඒකට තමයි මේ නව යොවුන් විය. වර්ථමාන සමාජ තත්වය තුළ ඒ කාලය ඕනාවටත් වඩා දීර්ඝවෙලා. ඒත් මතක තියාගන්න නව යොවුන් වියේ ඔබ මවක් පියෙක් වීමට සුදුසු නෑ.

ලොකු ළමයෙක් වුනාම හැඟීම් ඉක්මනට වෙනස් වෙනවා. සමහර විට ඒවා ඔයා තුළ අසහනයක්, අවුලක්, එපාවීමක්. කලකිරිමක් පවා ඇති කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ හිතේ තියාගන්නේ නැතිව හොඳ වැඩිහිටියෙක්ගෙන් ඒ ගැන මඟ පෙන්වීමක් ගන්න එක ඕගොල්ලෝ එකතු වෙලා මේ ගැන මා එක්ක කතා කරන්න ආව එක හුඟාක් හොඳයි.

සර්ට බැරිද අපේ ශරීරයේ වෙන වෙනස්කම් වල අර්ථය තව ටිකක් පැහැදිලි කරන්න. "ඇත්තම කිව්වොත් මුන් මට විහිළු කරනවා. උඹේ හඬ කෙල්ලන්ගේ වගේ කියලා" ඔව් සර් මුං මටත් කියනවා අඩෝ කොටා තොට නම් කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ කියලා”

හොඳයි අපි ඒ ගැන කතා කරමුකෝ.

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

Comments powered by CComment