ඉතිං අර අවුරුදු දොලහයේදි දහතුනේදි ඇති වන හැඟිම් සිතුවිලි එක්ක අවුරුදු 15 ක් 18 ක් අරගල කර කර ඉන්න එක ලේසි ද ? නෑනේ. ඒක තමයි අපේ ටීන් සෙට් එකේ සමහරු අහන්නේ දෙවියන් අපිට මෙහෙම කළේ අපි මොනවරදක් කළාටද කියලා.

 නව යොවුන් කථා

 කුණාටු සමයේ අනාථ නොවීමට
                           හරවත් නව යව්වනයට දෙව් දහමක්


දෙවියන් වහන්සේ ආදරය, ලිංගික ආශාවන් ඇති කරන හෝමෝන වයස අවුරුදු 20 න් විතර පස්සේ අපි තුළ ඇති කළා නම් අපේ ටීන් සෙට් එක මේ තරම් ජීවිතේ ඇණගන්නේ නෑ.

අවුරුදු දොලහ දහතුන වෙනකොට වැඩිවියට පත්වෙනවා. හෝමෝන ක්‍රියාකාරිත්වය එක්ක විවිධ හැඟීම් සිතුවිලි පහල වෙනවා. නීතියේ 18 යි කිව්වට ආදරය කරන්න "විවාහ වෙන්න අවුරුදු විසි එකක්වත් වෙන්න ඕනා කියලා වැඩිහිටියෝ කියනවා. තව සමහරු කියන්නේ මේ කාලේ හැටියට නම් අවුරුදු 25 ක් වත් වෙන්න ඕනලු හරි තීරණයක් ගන්න පුළුවන් විදිහට මනස වැඩෙන්න.

A/L කරලා ඉවර වෙනකොට 19 යි. කැම්පස් ගිහිල්ලා රස්සාවක් කරලා කසාද බඳිනකොට අවුරුදු 28 ක් විතර වෙලා. ඉතිං අර අවුරුදු දොලහයේදි දහතුනේදි ඇති වන හැඟිම් සිතුවිලි එක්ක අවුරුදු 15 ක් 18 ක් අරගල කර කර ඉන්න එක ලේසි ද ? නෑනේ. ඒක තමයි අපේ ටීන් සෙට් එකේ සමහරු අහන්නේ දෙවියන් අපිට මෙහෙම කළේ අපි මොනවරදක් කළාටද කියලා.

“මෙවැනි හැඟීම් සිතුවිලි ගලාගෙන එන ස්විච් එක අවු 21 න් විතර පස්සේ ඕන් කරලා දැම්මානම් අපිත් ගොඩ රටත් ගොඩ” කියලත් අපේ ටීන් බ්‍රෝ ලා කියනවා.

එතකොට ඉතිං යමක් කමක් හිතන පතන අපේම සමහර බ්‍රෝලා කියන්නේ “දෙවියන්ට වරදින්න විදිහක් නෑ බොලව්. අපි තමයි කොහේ හරි වරද්ද ගැන තියෙන්නේ” කියලා. ඒකත් ඇත්ත වෙන්න පුළුවන් කියලා කිව්වම අපේ එකෙක් කියපි එහෙනම් දෙවියන් අපිට මෙහෙම කෙරුවේ ඇයි කියලා කියපං බ්‍රෝ.

ඒ ගැන කතා කරන්න එන සතියෙත් අපි හමුවෙමු.

jesustodaysl 2 වන වසර 22 වන සතිය 2018 අගෝස්තු 05

 

Comments powered by CComment