නව යව්වනය හා අධ්‍යාපනය ගැන අපේ ටීන් සෙට් එක රවීන්ද්‍ර ගුරුතුමා එක්ක කළ සාකච්ඡාවේදියි මේ අදහස් මතු වුනේ.

නව යොවුන් විය ජීවිතයේ ඉගෙනුම් කාල පරිච්ඡේදය ලෙස සැලකෙනවා. ඔව්, ශ්‍රී ලංකාවේද ද්විතීය අධ්‍යාපනය නිමාවන්නේ නව යව්වනයේදි. සාමාන්‍යයෙන් ද්විතිය අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ලෙස සලකන්නේ උසස් පෙළ සමත්වීමයි.

උසස් පෙළ පංතියට එන විට පාසල් පද්ධතියෙන් වැඩිපුරම හැලෙන්නේ එහෙමත් නැත්නම් පාසල් ගමන අත්හරින්නේ කොල්ලෝද කෙල්ලෝද ? සර් අපෙන් විමසුවා.

උත්තරය - කොල්ලෝ

2016 උසස් පෙළ විභාගය ඇසුරින් ශ්‍රී ලංකාවේ නව යොවුන් ජනගහනය තුළ සිටින ගැහැණු ළමයි හා පිරිමි ළමයින්ගේ අධ්‍යාපන තත්වය වටහා ගන්න ඔබටම පුළුවන් කියලා සර් ඒ තොරතුරු අපිට පෙන්නුවා.

                                                   පිරිමි                                      ගැහැණු

විභාගයට පෙනී සිටින ගණන                   89798                                    122067

විභාගය සමත් ගණන                            48774                                    85464

විභාගය සමත් ප්‍රතිශතය                         54.3%                                    70%

සියළු විෂයන් අසමත් ගණන                    10586                                    7516

සියළු විෂයන් අසමත් ප්‍රතිශතය                11.74%                                    3.46%

A 3 ගත් ගණන                                   2242                                     4226

A 3 ගත් ප්‍රතිශතය                                2.5%                                    3.46%

මේ තොරතුරු මගින් පෙන්වා දෙන තත්වය කුමක්ද ?

  • ගැහැණු ළමයි 100 දෙනෙකුගෙන් 70 දෙනෙකු විභාගය සමත් වෙද්දී පිරිමි ළමයි 100කගෙන් විභාගය සමත් වන්නේ 54 දෙනෙකි. පිරිමි ළමයින්ගෙන් භාගයක් පමණ විභාගය අසමත් වෙයි.
  • ගැහැණු ළමයි 100කගෙන් 6 දෙනෙක් පමණ විෂයන් තුනම අසමත් වෙද්දි පිරිමි ළමයි 100කගෙන් 12 දෙනෙක් පමණ විෂයන් තුනම අසමත් වෙනවා.

මේ සංඛ්‍යා දිහා බැලුවම ඉතා පැහැදිලියි. කොල්ලෝ පිස්සු නටනවා. කෙල්ලෝ ඉගෙන ගන්නවා කියන එක.

මේ කතාව අහලා අපේ ටීන් සෙට් එක හොල්මන් වෙලා. අපේ සෙට් එකේ ඔක්කෝම කොල්ලෝ. “මාර වැඩක් නේ බං මේක. තව කාලයක් යනකොට අපි ඔක්කෝටම කෙල්ලෝ යටතේ වැඩ කරන්න වෙනවා”

අධ්‍යාපනය ගැන විතරක් නොවෙයි. සිරගතවුවත් ගැන හිතුවත් බේබද්දන් ගැන ගන්නත්. අපිට පේන්නේ කොල්ලෝ තමයි ඊට විශාල ලෙස ගොඳුරු වී සිටින්නේ. කොල්ලෝ පිස්සු නටනවා. ජීවිත අවුල් කරගන්නවා කියන තත්වය ඉතාම අභාග්‍ය සම්පන්නයි.

අපේ ටීන් සෙට් එක අතර මේ ගැන මතු වු කථා බහ හොඳ බලපෑමක් වුනා කියලයි මට හිතුනේ. “ඇයි මචං අපි එහෙම වෙන්නේ”

“අපි මේක සීරියස් ගන්න ඕනෑ”

“ඔව් මචං ස්ටඩිස් මීට වඩා කරන්න ඕනා”

“කෙල්ලන්ට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ.”

කොල්ලෝ මේ වලෙන් ගොඩ එන්නේ ඕනි. ඒක කරන්න පුළුවන්.

 

jesustoday 33 සතිය 2017 ඔක්තෝම්බර් 15