ඇත්තටම මේ වයසේදි පුතාලත් ලොකු ළමයි. ඒත් “ලොකු ළමයෙක් වෙනවා” කියලා ගෑණු ළමයින්ට වගේ කථාවක් නැති නිසා ‘පුතාලා ලොකු ළමයි කියලා හඳුනාගත්තේ නෑ මේ වයසේදී.

අපේ සමාජය ළමා මව්වරු ගැන කථා කරන්නේත් ඉතා අඩුවෙන්. ළමා තාත්තලා ගැන නම් කතා නොකරන තරම්.

අද අපේ ටීන් සෙට් එකේ කතා බහට නිමිත්ත වුනේ ළමා පියවරු ඒකට ම පොට සෑදුනේ අපේ දෙන්නෙක් Confirmation පංති යෑම. Confirmation ලබන ළමයි හා දෙමව්පියන් දෙගොල්ලෝම සහභාගි වුනු අන්තිම දේශනය.

ඒ දේශනය කළ දේශකයා තාත්තලා කීප දෙනෙකගෙන් ඇහැව්ව ඔබට ඉන්නේ ලොකු ළමයෙක්ද පොඩි ළමයෙක්ද කියලා. තාත්ලා ඔක්කෝමගේ උත්තරේ වුනේ “පොඩි ළමයෙක්”

ඊට පස්සේ අම්මලා කීප දෙනෙක්ගෙන් ඇහැව්වම උත්තරේ “ලොකු ළමයෙක්”

ඒ උත්තරේ දීපු තාත්තලාගෙන් ඇහැව්වම ඔබට ඉන්නේ පුතෙක්ද? දුවෙක්ද? කියලා. ‘පුතෙක්’ කිව්වලු. අම්මලාගෙන් ඇහැවවම "දුවෙක්" කිව්වලු.

මේ දූලා පුතාලා ඔක්කෝම 10 හා 11 ශ්‍රේණිවල

දූලා ලොකු ළමයි වෙන්නත් පුතාලා පොඩි ළමයි වෙන්නත් හේතුව මොකක්ද?

ඇත්තටම මේ වයසේදි පුතාලත් ලොකු ළමයි. ඒත් “ලොකු ළමයෙක් වෙනවා” කියලා ගෑණු ළමයින්ට වගේ කථාවක් නැති නිසා ‘පුතාලා ලොකු ළමයි කියලා හඳුනාගත්තේ නෑ මේ වයසේදී.

2018.07.27.09

ඔන්න ඔහොම තමයි එදා දේශනය පටන් අරන් තියෙන්නේ.

අපේ ටීන් සෙට් එකේ කතා බහේදි  පිරිමි ළමයි ලොකු ළමයි වීම ගැන කතා කරලා තිබුණ නිසා අපේ උන් දෙන්නා හෙන පොරවල් වගේ උත්තර දීලා.

“ඒත් මචං කොල්ලෝ ගොඩාක් ඔය සබ්ෂේට් එක ගැන දන්නේ නෑ.”

“ඒක ඇත්ත. මම අපි කථා කරපු දේවල් ගැන කිව්වම අපේ පංතියේ උන් මාර ඉන්ටරස්ට්”

“ළමා මව්වරු තරමට නැතත් ළමා පියවරුන් අපේ සමාජයේ ඉන්නවා”

“ලංකාවේත් ඉන්නවාද ?”

“ඔව්, එදා ඒ වගේ කීප දෙනෙක් ගැන කිව්වා”

“ඇයි දැන් එහා පාරේ.... තාත්තා කෙනෙක්නේ. තාම ඉතිං 18 වුනා විතරනේ මචං”

“සාපෙළෙන් පාසල අත්හැරලා කීයක් හරි හම්බ කරන රස්සාවල් වලට යන සමහර කොල්ලෝ ඉක්මනින් කසාද බඳිනවා. තවත් සමහරු තමන්ට හැගෙන දැනෙන ලිංගික හැඟීම් යාලු කෙල්ලෝ එක්ක අත්හදා බලන්න ගිහින් දන්නේම නැතිව තාත්තලා වෙනවා” 

විද්‍යාත්මකව ගත්තත් පිරිමි ළමයෙක් තාත්තෙක් වෙන්න සුදුසු වෙන්නේ ගෑණු ළමයකුටත් වඩා වයසට ගිහින්. ඒක නිසා තමයි කෙල්ලෝ ලොකු ළමයි වන වයසට වැඩි වයසකදි කොල්ලෝ ලොකු ළමයි වෙන්නේ.

ඇත්තටම Confirmation පංතියට ඔය මාතෘකාව ගෙනාව ඒක නම් නියමයි. පරිනත කිතුනුවන් වෙන්න නම් ලිංගික පරිණතය ගැනත් අවබෝධයක් තිබීම වැදගත් නිකම්ම ශුද්ධාත්ම දීමනා ගැන විතරක් ඉගෙන ගෙන මදී.

 

jesustodaysl 2 වන වසර 21 වන සතිය 2018 ජූලි 29

Comments powered by CComment