"ඉස්කෝලේ කියන්නෙත් සමාජයේම කාෙටසක්. සමාජයේ තුල පාතාලය වැඩි වෙනකොට ඉස්කෝල වලත් පාතාල ලක්ෂණ වැඩිවෙනවා" රිස්විගේ පිංතූර දෙකක් අපේ කතාබහේදි හුවමාරු වුණා. එකක් නව යව්වනයට පොදු සුන්දර බව විදහා පාන ව්ලාසිතාකාරි ඡායාරූපයක්. දෙවැන්න ඔහුගේ අහිංසක ළමාකම කදීමට පෙන්වන්නක්.

අපේ ටීන් සෙට් එකේ පාසල් කීපයකම ශිෂ්‍ය නායකයෝ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක් හා ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් ඉන්නවා. මෙවර අපේ කථා බහ ශෝක ප්‍රකාශයක් බවට පත්වුනේ ශෝකි පුවතක් නිසයි. එකී ශෝකි පුවත වුනේ හලාවත සමරවාන මුස්ලිම් මහා විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාව තවත් සිසුන් හතර දෙනෙකුගේ පහරදීමකින් ජීවිතාක්ෂයට පත්වීම.

2018.07.07.07

"එ් නවයක් ගන්න හිටිය දරුවා. පල්ලියේ අාගමික කටයුතු වලටත් මුල් තැන ගන්නා මගේ දරුවාට මෙහෙම අපරාධයක් කළේ අැයි ?"

මොහොමඩ් රිස්වී මොහොමඩ් ෆයිසුල් නම් මේ 16  හැවිරිදි නව යව්වනයාගේ මව එසේ හඬ වැලපුණු ව මාධ්‍ය වාර්තා කර තිබුණා. ජූනි 13 වනදා රාත්‍රීයේ පල්ලියේ මෙහෙයකට සහභාගී වී ගෙදර එවිත් සිටි රිස්වීව වටකරගෙන පොල්ලකින් පහර දී තිබෙන්නේ ඔහුගේම පාසලේ ළමුන් හතර දෙනෙක්. 

පහර දුන් පිරිසේ ප්‍රමුඛ්‍යා මීට පෙරත් මෙවැනි ක්‍රියා සිදු කර තිබෙනවා. නමුත් එ් අවස්ථාවලදි විදුහල්පතිවරයාට පැමිණිලි කළත් විදුහලට කැළලක් වන නිසා එය නොසලකා හැර තිබෙනවා. 

"අපේ ස්කෝලවල තියන පට්ට ගොන් පාට් එකක් තමයි ඉස්කොලේ කීර්තිනාමය කිය කියා වැරදි හංගෙන එක"

"අැත්ත මචං අන්තිමට දැන් කීර්තිනාමය රැකුනද ? ජීවිතයක් බිලි වුණා විතරයි"

"අපේ ඉස්කෝලෙන් එකෙක් බිලු ෆිල්ම්ස් ගෙනල්ලා අහුවුණා. ඔික හොයන්න ගියොත් ඉස්කෝලෙට හොඳ නෑ කියලා වැඩේ ප්‍රින්සිපල් ෂේප් කළා. ටික දවසක් යන කොට පංතියේ 90%ක්  එ්වා බලන තැනට පත් වුණා."

අපේ කථාවට එකතුවුණු අපේ සොයුරියක් කිව්වේත් එ් ගොල්ලන්ගේ ඉස්කෝලෙත් ප්‍රශ්න විසඳන්නේ නැතිව හංගන නිසා ප්‍රශ්න කුණුවෙලා කියලා. 

"මට මතක් වෙන්නේ සාන්ත යුප්‍රෙසියාගේ කියමනක්. "එක ජීවිතයක් මුළු ලෝකයට වඩා වටිනවා" කීර්තිනාමය රැක ගන්න ජීවිත බිලිදෙන මට්ටමට පාසල් පත්වෙන එක ගැන අපි කාටද කියන්නේ ?

අපේ ශිෂ්‍ය නායිකා සහෝදරි එ් ටික කිව්වේ සැබෑ වික්ෂෝපයෙන්.

"ශිෂ්‍ය නායක තම ලැබුණටත් ඊර්ෂයා කරන ධර්ම ද්වීපයක් මේක" 

"පල්ලි පන්සල් කොච්චර ගියත් මුර්ග ගති අත අරින්න බැරි අය ඉන්නවා"

"ඉස්කෝලේ කියන්නෙත් සමාජයේම කාෙටසක්. සමාජයේ තුල පාතාලය වැඩි වෙනකොට ඉස්කෝල වලත් පාතාල ලක්ෂණ වැඩිවෙනවා"

රිස්විගේ පිංතූර දෙකක් අපේ කතාබහේදි හුවමාරු වුණා. එකක් නව යව්වනයට පොදු සුන්දර බව විදහා පාන ව්ලාසිතාකාරි ඡායාරූපයක්. දෙවැන්න ඔහුගේ අහිංසක ළමාකම කදීමට පෙන්වන්නක්.

අපේ සහෝදරියක් ලියු සටහනකින් මේ කථාබහට අදට නැවතීමේ ලකුණ තියනවා.

හිතාදර මලනුවනි

පල්ලියේ දණගසා හිස නමා 

අල්ලාහ්ට ඔබ කීවේ

මොනවාද ?

වරම් ඉල්ලුවද අම්මාගේ

එ් නමයේ සිහිනයට

පණ දෙන්න

පාසලේ දඩබ්බර කොල්ලන්ගේ 

උසුළු විසුළු වලින්

සහෝදර සිසුවියන් රැක ගන්න.

මොහොමඩ් නබි තුමා වාගේම

යහපතම හැමදාම කරන්නට

 

මතක් වුණා මට

මමත් ප්‍රධාන ශිෂ්‍යනායිකා 

වූ දිනය.

යහළුවන්ගේ අත්පොළසන්

ගුරුවරුන්ගේ සුබ පැතුම්

පාසල් මව කෙරෙහි 

අසිමිත අාදරෙන්

පිරියන හදවතක්

ඔව් ඔබත් විඳින්නැති

හැකි සියලු ශක්තියෙන්

වගකිම දරන්නට 

අාභරණයක් කරනොගෙන 

පදක්කම

ඔබ සිතින් එ් දිනේ

පිළිවදන් දෙන්න අැති

ඉතිං එ් ප්‍රතිඥා 

බොල් සුළඟේ පාව යයි

 

විදුලි පහන් නිවෙන කොට

තනිකාෙට වටකොට 

පහර දෙන විට කොයිතරම්

රිදුනාද ඔබේ ගත

තර්ජනෙයන් නිහඬ වී

වේදනා දරන විට

කොයිතරම් රිදුනාද

නුඹේ සිත

 

එ් සියලු වේදනාවලට වැඩි 

වේදනාවක් දැනිය යුතුයි

මේ අපේ සමාජෙට 

පාසල් සිසුන්ම පාසල්

සිසුන්ව මරන තැනට

මේ රට ගෙනාවේ කව්රුන්ද ?

 

ඔබ මළවුන් ළඟට 

තවකෙක් සිරගෙදරට

වී දෙන්නම් දරුවෝ

ළමයි, ශිෂ්‍යයෝ

අපේ වයසේ අපේ පරපුරේ.

සැබෑ නායකයෝ අහිමි වූ

අපේ වැනි රටක 

ශිෂ්‍යනායකයෝද

ගුටිකා මරණයට පත්වීම

අරුමයක්ද ?

සුරලොවේ සිට  කෑ ගසා

කියාපන් මළවුනි

හැබෑ විපර්යාකාරක නායකයෝ

අවැසි බව මේ රටට

jesustodaysl 2 වන වසර 18 වන සතිය 2018 ජූලි 08

Comments powered by CComment