දින තුන පුරාවට "අපි, මිනිස්සු" එකම ජාතියක් කියලා දැනුනා. නටන, ගයන, දුවන, පනින, දඟලන හැඩය එකම මිනිස් හැඩයක් නේද ? භාෂාවේ විවිධත්වය හැරුනම අන් සෑම විටම එකම ශරීරයක්, එකම හදවතක්, එකම විඳිමක්, ඔව් එකම මිනිස් රිද්මයක්.

අපේ ටීන් සෙට් එකේ තුන්දෙනෙක්ට සිරා චාන්ස් එකක් හම්බ වුණා. Jesustoday Youth Group එක සංවිධානය කළ "අාදරය හා ජීවිතය උදේසා එක්වෙමු" වැඩ සටහනට සහභාගී වෙන්න.

මේ වැඩ සටහන උතුරේත් දකුණේත් යොවුන් පිරිස් එකට හමු වූ දින තුනක්. යුද්ධයේ අවසන් කාලය තුළ තම ළමා විය ගෙවු හතලිස් පස් දෙනෙක් උතුරින් පැමිණි සිටියා. ඔවුන් දකුණට පැමිණ තිබුණේ ජීවිතේ පළමු වතාවට.

පැය 13 ක ගමනකට පසු ඔවුන් පැමිණියේ තෙහෙට්ටුවෙන්.. කුස ගින්නෙන්. එනකොට රෑ දහයයි. අපි ඔවුන්ව පිළිගත්තේ විදුලි අාලෝකය නැති ඝන අඳුරේ. මැටි පහන් පෙළක් ඔවුන් අතින් එකින් එක දල්වමින්.

ඝනදුරට ගිනි තබා

අාලෝකය විහිදුවන

සොයුරු සොයුරියන් ලෙස

අපි පා නගමු

 

වැඩ සටහනේ එක් තේමාවක් වුුනේ එයයි. අන්ධකාරයට ශාප නොකර එක පහනක් හෝ දැල්වීම යහපත් කියන කියමන තදින් දැනුනු පිළිගැනීමක්. අපි හිතුවේ වෙහෙස සමඟ ඔවුන් ඉක්මනින්ම නින්දට යාවි කියලයි. එ්ක එහෙම වුනේ නෑ. පැය භාගයක් යන්න පෙර අපි දෙගොල්ලෝ සමීප වුණා. භාෂාව නොදැන සිටියත් මිනිස්කමේ පොදු භාෂාව අපිව එකතු කළා කිව්වොත් නිවැරදියි.

වැඩ සටහන ගැන හුඟාක් දේවල් කියන්න තිබුණත් අපි තුන්දෙනාට හුඟාක්ම වැදුනු දේ තමයි මොන මොන තත්වය තුළ උනත් යොවුන් බව එහෙමයි කියන දේ. එහි සිටිය අැතැමුන් යුද්ධයේදි අම්මා තාත්තා දෙන්නම නැති වු අය. එ්ත් ඔවුන් මේ ගමන තුළ උපරිම සතුටක් වින්දා, හැම පුංචි විවේකයකදීම බෙර ගහමින් නැටුවා, සතුටු වුණා. ඔවුන් තුළ අපි වගේම යොවුන්බව උතුරා ගලා ගැලුනා.

පුදුමත් හිතුනා. යුද්ධයක අමිහිරි වේදනාවන් මේ තරම් තිබේන මිනිසුන්ට මෙහෙම සතුටුවෙන්න පුළුවන්ද ?

"එ් දේවල් අපේ මතකයෙන් මැකෙන්නේ නෑ. සදාතනිකව අපේ මතකයේ තිබේවි. එ්ත් අපි ඉදිරියට යා යුතුයි. අායෙත් එ් වගේ දේවල් නොවෙන්න අපි අත්වැල් බැද ගත යුතුයි."

එහෙම කිව්වේ ඔවුන් අතර සිටි වැඩිමල්ම තරුණයා.

දින තුන පුරාවට "අපි, මිනිස්සු" එකම ජාතියක් කියලා දැනුනා. නටන, ගයන, දුවන, පනින, දඟලන හැඩය එකම මිනිස් හැඩයක් නේද ? භාෂාවේ විවිධත්වය හැරුනම අන් සෑම විටම එකම ශරීරයක්, එකම හදවතක්, එකම විඳිමක්, ඔව් එකම මිනිස් රිද්මයක්.

jesustodaysl 2 වන වසර 13 වන සතිය 2018 ජූනි 03

 

 

Comments powered by CComment