"අපිට එකතු වෙලා උෟව ගොඩ දාන්න බැරි නම් මම මේ යාළුකම අතහැරලා දානවා" ෂෙහාන් කිව්වම කට්ටිය තවත් හොල්මන් වුනා.

අපේ ටීන් සෙට් ඒක වාර විභාගයේ ලකුණු ගැන කථා කළා. අපේ එකෙක්ට සිංහල භාෂාවටත් ලකුණු 8 යි.

සෙට් එකම අප්සට් ගැහැව්වේ ෂෙහාන්ගේ වචන නිසා "මචං අපේ ඒකෙක් සිංහලත් ෆේල් වෙනවානම් මොකක්ද අපේ යාළුකමේ අර්ථය." 

කට්ටියම නිහඩ වුනා. "යාළුකම කියන්නේ අපිට පුළුවන් වෙන්න ඔින ඒ්කවත් ගොඩ දාන්න"

"අපේ යාළුවන්ට ලකුණු අඩුවුණේ අැයි? කියලා කථා නොකර වෙන වෙන වල්පල් කථා කරන ඒකද අපේ බොක්කේ පිට් ඒක ?"

ෂෙහාන් ඒ් ටික කිව්වේ බොක්කෙන්ම. ඒ්කයි අපිටත් සද්දේ වහලා ඉන්න උනේ.

"හැමෝටම ඉගෙන ගන්න බෑනේ මචං"

මම නිහඩතාවය බිදින්න එහෙම කිව්වා. ෂෙහාන්ට කේන්ති ගියා.

"වැරදි අදහසක්නේ මචං ඔිනම මිනිහෙක්ව තමන්ගේ භාෂාවත්  යම් ප්‍රමාණයකට ඉගෙන ගන්න බැරි වෙන්න නම් බෑ."

"ඉගෙන ගන්න බැරි උන් නෑ. හැමෝටම හැම දේම බෑ. ඒ් වුනාට හැමෝටම මොකක් හරි පුළුවන්"

මීට කලිනුත් අපි අතර පාඩම් කිරීම ගැන කථා බහක් අැතිවුණු වෙලාවේ ෂෙහාන් ඒ් වගේ කථාවක් කිව්වා මට මතකයි.

එදා අපේ කථාව වුණේ පාඩම් නොකරන එක පාපයක්ද ? කියන ප්‍රශ්නය

"අපිට එකතු වෙලා උෟව ගොඩ දාන්න බැරි නම් මම මේ යාළුකම අතහැරලා දානවා" ෂෙහාන් කිව්වම කට්ටිය තවත් හොල්මන් වුනා.

ඊට පස්සේ අපි හැමෝම එකග වුනා පාඩම් කිරීමට කාල සටහනක් හදලා ඒ්ක ක්‍රියාත්මක කරන්න. ෂෙහාන් භාරගත්තා ඒ්ක හොයා බලන්න.

"මේ ප්ලෑන් එක ගෙදර අයටත් කියන්න ඔිනි. එතකොට තමයි ක්‍රියාත්මක වෙන්නේ?

ෂෙහාන් තවත් කොන්දේසියක් දැම්මා. "ඊළග දවසේ සෙට් වෙන කොට හදපු ප්ලෑන් එක ගේන්න ඔිනා. නිදහසට හේතු කියන්න බෑ"

හෝම් වර්ක් එකක් ෂෙහාන්ට දුන්නා.

අැත්තටම අපේ ටීන් සෙට් එ්කේ හමුවීම් මුලින් මුලින් වල්පල් දෙඩවිමි. ඒ්ත් දැන් ටික ටික වෙනස් වෙලා. සුපර් ස්ටාර්ලා ගැන අනුන්ගේ ඔිප දූප ගැන නොවෙයි අපි ගැන කථා කරන්න අපටත් අරන්.

අපේ "ටීන් ටෝක්ස්" කියවන ඔයාලත් හිතලා බලන්න. ඔගොල්ලන්ගේ සෙට් ඒකේ උන්ගේ ලකුණු කොහොමද ? එකට හේතු මොනවාද? කියලා. ඒ් වගේ කථා බහක් මතු නොවෙනවා නම් ඉස්කෝලේ සෙට් ඒකක් ලෙස එතන අඩුවක් තියෙනවා.

6cac3e4af71ab8dda6dba234a97e4887 නිසල්

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

 

Comments powered by CComment