"අපේ සර් දවසක් කිව්වා මොකක්ද පොතක තිබුනලු අපේ පාසල් හරියට රෝගින්ව පිට මං කරලා නිරෝගීත්ව තියාගෙන ඉන්න ඉස්පිරිතාල වගේ කියලා"

2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිලිබඳ කතාබහ දැන් නම් අැත්තේම නැති තරම්. ප්‍රතිඵල අා විගස එ් කතා බහට ලැබුනේ ලොකු ඉඩක්. අපේ ටීන් සෙට් එක සා පෙළ ගැන කථා බහ කළේ ටිකක් පමා වෙලා.  විභාග කියන්නේ ජීවිතේ නාෙවෙයි. විභාග වලට වඩා ජීවිතේ හුගාක් විශාලයි.

අපේ ටීන් සෙට් එකේ හිටියා ගණිතය දෙවැනි සැරේටත් අසමත් තුන් දෙනෙක්. ඉන් දෙන්නෙක් කොහොම හරි පාස් වෙලා තිබුණා. අැත්තටම අවුරුදු 11 ක් පාසල් අැවිත් ගණිතයට සමත් ලකුණු ගන්න බැරි වෙනවා කියන්නේ (ඔීනෑම විෂයකට) එතැන මොකක් හෝ ලොකු වරදක් තියෙනවා කියන එක පැහැදිලියි.

"ගණිතය නොවෙයි මචං ඔක්කෝම විෂයන් අසමත් අය 7308 ක් ඉන්නවා. එ් කියන්නේ අාගමත් අසමත්, භාෂාවත් අසමත්."

"කව්රු හරි හොඳ ගුරුවරු ටිකක් හිටියා නම් මේ ළමයි යාන්තම් හරි විභාගය පාස් වෙන තැනට පත් වෙනවා"

"අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ පුළුවන් උන්ව අරගෙන යන්න. බැරි උන්ව හලා දාන්න"

"අපේ සර් දවසක් කිව්වා මොකක්ද පොතක තිබුනලු අපේ පාසල් හරියට රෝගින්ව පිට මං කරලා නිරෝගීත්ව තියාගෙන ඉන්න ඉස්පිරිතාල වගේ කියලා"

"එ්ක නම් අැත්ත. එ්ත් සමහරු කොච්චර කිව්වත් වැඩ කරන්නේ නෑනේ එ් අය ගැන ගුරුවරු මොකද කරන්නේ "

"පෞද්ගලිකව අවධානය දීලා උගන්වන්න පුළුවන් නම්, වැටුනු තැනදි කල් නාෙයවා ප්‍රතිකාරය දෙනවා නම් මේ තත්වය මඟ හරවා ගන්න පුළුවන්"

ඊට පස්සේ අපේ කතා බහ යොමුවුනේ කෙල්ලෝ හා කොල්ලෝ ගැන. මීට පෙරත් උසස් පෙළ ප්‍රතිඵල අැසුරින් කොල්ලෝ හා කෙල්ලෝ ගැන අපි කතා කළා.

"කෙල්ලෝ ඉගෙන ගන්නවා. කොල්ලෝ පිස්සු කෙලිනවා." එ් කතා බහේ සාරාංශය එ්කයි.

සා පෙළ ගත්තත් එ් තත්වය එ්කමයි. ලංකාවේ 1 හා 2 වන ස්ථානය ගත්තු 15 දෙනාගෙන් පිරිමි ළමයි 3 යි. ගැහැණු ළමයි 12යි. එ් කියන්නේ 20% පිරිමි ළමයි. 80% ගැහැණු ළමයි.

මේ තත්වය වෙනස් විය යුතුමයි.

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

Comments powered by CComment