”අපි හුඟ දෙනෙක් හිතුවට දෙමව්පියන්ට හොරෙන් වැඩිහිටියන්ට හොරෙන් මේ සයිබර් අහසේ සැරි සරන්න පුළුවන්. හොරෙන් දේවල් කරන්න පුළුවන් කියලා. ඒක මෝඩ අදහසක්. වෙබ්ගතව අපි කරන කියන හැම දෙයක්ම අදාල සේවාවන්හි ඉබේම ලේඛනගත වෙනවා”

ෆේස්බුක් ගිණුම් ඇති මිලියන 50 කගේ දත්ත අවසරයකින් තොරව අවභාවිතා කිරීමට තුන්වෙනි පාර්ශවයකට ලබා දීම පිළිබඳ ෆේස්බුක් ආයතනයට පසුගියදා චෝදනා එල්ල වුනා. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ට නිදහසට කරුනු කීම සඳහා සෙනට් මණ්ඩලයටද යාමට සිදු වුනා. ඔහු ෆේස්බුක් හි සිටින බිලියන දෙකක පමණ තම ගනුදෙනු කරුවන්ගෙන් සමාව ඉල්ලා තිබුණා.

”ඔබලාගේ තොරතුරු ආරක්ෂා කිරීමේ වගකිම තිබෙන්නේ අපට. ඒ වගකීම අපිට ඉටුකරන්න බැරිනම් අපට ඔබගේ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නෑ. ඇත්තටම මේ ඇති වී ඇති තත්වය ගැන අපි සමාව ඉල්ලනවා”

අපේ ටීන් සෙට් එකේ කතාබහ මෙවර යොමුවුනේ මේ ගැන.

අපේ ටීන් සෙට් එකේ ගැහැණු ළමයි දෙන්නෙක් හැරුනු විට හැමෝම මුහුණු පොතේ සැරිසරන්නෝ. හැමෝටම ෆේස් බුක් එකවුන්ට්ස් තිබෙනවා.

”කොහොමද අපේ තොරතුරු ෆේස්බුක් එකට ලැබෙන්නේ ?

අපි ෆෙස්බුක් එකවුන්ට් එකක් පටන්ගන්නකොට අපි ගැන යම් යම් තොරතුරු එ් ආයතනයට ලබා දෙනවා. ඒවා ඒ ආයතනයේ තැන්පත් වෙනවා”

”ඉතිං ඒකට කරන්න  ඕනැ නිර්නාමික ගිණුම් තබා ගන්න එකනේ එතකොට වැඩේ ඉවරයි.

” ”ඒ වුනාට නිර්නාමික, බොරු නම් වලින් පෙනී සිටියම අපි එක්ක බොහෝ අය සම්බබන්ධ වෙන්න එන්නේ නෑනේ” 

”ඒක ඇත්ත, එතකොට ලොකු අර්ථයක් නෑනේ.

”අනිත් එක නිර්නාමිකව බොරු නම් වලින් ඉන්න එක අපි වංචා කිරීමක්. බොරු කිමටත් වඩා ඒක පාපයක්”

”මට නම් තාම හිතාගන්න බෑ අපේ තොරතුරු අනිත් අයට ලැබෙන එක.”

”අපි හුඟ දෙනෙක් හිතුවට දෙමව්පියන්ට හොරෙන් වැඩිහිටියන්ට හොරෙන් මේ සයිබර් අහසේ සැරි සරන්න පුළුවන්. හොරෙන් දේවල් කරන්න පුළුවන් කියලා. ඒක මෝඩ අදහසක්. වෙබ්ගතව අපි කරන කියන හැම දෙයක්ම අදාල සේවාවන්හි ඉබේම ලේඛනගත වෙනවා”

”ඒ කොහොමද ?”

”දැන් හිතන්නකෝ ඔයා අන්තර්ජාලයට ගිහින් ගූගල් හරහා sex සර්ච් කරනවා කියලා. එතකොට ගූගල් සමාගම තුළ ලේඛනගත වෙනවා ඔයා අද කළේ sex සර්ච් කරන එක කියලා. ගූගල් සමාගමේ දත්ත ගබඩාවේ ඒක ලේඛනගත වෙනව.”

”ෆේස් බුක් එකට ගිහින් ඔයා  කා එක්කද චැට් කළේ කාගේ ගිණුම් වලටද ගියේ ඔයා වැඩිපුර බැලූවේ මොන මොනවාගේ දේවල් ද කියන දේත් ඒ විදිහට දැනගන්න පුළුවන්.”

”මාර වැඩක් නේ ඒක. එතකොට ඒ කිසිවක් රහසිගත නෑ.”

”ඔව් රහසිගත නෑ”

 6cac3e4af71ab8dda6dba234a97e4887නිසල්

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment