යාච්ඤා කරන්නයි කොපි කරන්නයි දෙකම කරන්න උඹට පුළුවන්ද?

“උඹ සන්ඬේ ස්කූල් ගිහින් මොනාද ඉගෙන ගත්තේ”

2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵළ ඇවිත් හැමෝගේම කතාව ලංකාවේ හොඳම ප්‍රතිඵල ගැන, හොඳම 10 දෙනා ගැන පත්තර, රේඩියෝ, ටෙලිවිෂන් තොර තෝංචියක් නැතිව ඒ ගැන කතා කරනවා.

හැබැයි ප්‍රතිඵල එන්න ඉස්සෙල්ලාම නිකුත් වුනු ප්‍රතිඵලය ගැනයි අපේ ටීන් සෙට් එකේ මෙවර කතාබහ.

“969 කගේ ප්‍රතිඵල අත් හිටවලා” “ඒ කියන්නේ උන් කොපි කරලා”?

“නැත්නම් ඉතිං හොඳටම උත්තර ලියල ද?”

“2804 දෙනෙක් ගැන පැමිණිලි තිබුනලු. අන්තිමට පරීක්ෂණවලින් වැරදිකරුවන් වෙලා තියෙන්නේ 969 ලු.”

ලූ කිව්වට ඒවා ඇත්තම සංඛ්‍යා දත්ත. “විභාගයට පෙනී හිටලා තියෙන්නේ 688.573 යි.

ඒ අනුව ප්‍රතිඵල අත්හිටවු ගණනන 1000 කට 1.4 ක්.

පැමිණිලි ලැබු ගණන 1000 කට 4 දෙනෙකුට වැඩියි“

අපේ ස්ටැට් පොර මලිත් දත්ත විශ්ලේෂණය කළේ එහෙම.

“පිස්සුද බ්‍රෝ කොපි කරන කට්ටිය ඔය වගේ දහගුණයකටත් වැඩියි. අපේ ශාලාධිපතිම අපිට කොපි කරන්න ඉඩ දුන්නා.”

එහෙම කිව්වේ O/L කරපු සජිත්.

“මම ගණන් පාස් වෙලා නෑ. ගිය අවුරුදු දෙකේම මම ගොඩ ගියේත් කොපි කරලා”

සජිත් එහෙම කිව්වටම කට්ටිය අප්සට් වුනා.

“ඒක වැරදියිනේ මචං. ඇයි එහෙම කළේ ?”

යාච්ඤා කරන්නයි කොපි කරන්නයි දෙකම කරන්න උඹට පුළුවන්ද?

“උඹ සන්ඬේ ස්කූල් ගිහින් මොනාද ඉගෙන ගත්තේ”

අපේ සමහර උන් සජියට දුන්නා හෙන ඇටැක් එකක්.

“මම විතරක් නෙවෙයිනේ බං කොපි කරලා පාස් වුනේ ” සජිය නිදහසට කරුනු කිව්වේ එහෙම.

දැන්නම් ලංකාවේ විභාග ප්‍රතිඵල කියන්නේ විහිළුවක්. ශාලාධිපතිලම කොපි කරන්න ඉඩ දෙන රටක් මේක.

ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල

කොහොමද විභාගයේ ප්‍රතිඵල

විකෘති නාට්‍යයේ කියනවා වගේ කොහොමද විභාගයේ ප්‍රතිඵල කියලා අහන කොට ප්‍රින්සිපල්ලාට පලාත් අධ්‍යක්ෂකලාට පවා උත්තර හොයා ගන්න වෙලා තියෙන්නේ ටිකක් කොපි කරන්න ඉඩදීලා.

එස් එකක් දා ගන්න ටිකක් කොපි කිරීම වරදක් නොවෙයි කියන තැනට ඉහළින්ම මතයක් ගොඩනැගිලා.

ඉතිං “සොරකං නොකරමි“ “සොරකම් නොකරව” දස පනත, පන්සිල් පද කඩ කරන, “කොපි කිරීමේ පාපය“ පාපයක් නොවන තරමට සාමාන්‍යකරණය වෙලා.

“පාපයටත් වඩා අපරාධය මේ සාමාන්‍යකරණය වීම”

 6cac3e4af71ab8dda6dba234a97e4887නිසල් 

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01

Comments powered by CComment