”නිහාල් සර් කියන්නේ නරක ළමයි කියලා පිරිසක් නෑ. ළමයින්ගේ නරක හැසිිරීම් තියෙනවා. වැඩිහිටි අපෙත් තියෙනවා. ඒ නරක හැසිිරීම් හදා ගන්න අපිට පුළුවන්.”

අපේ ඉස්කෝලේ අලූත් මිස් කෙනෙක් ආවා. මිස් තරුණයි. අපේ අක්කා කෙනෙක් වගේ. ඒ වුනාට මිස් ගානට මිම්මට අපි එක්ක කතා කරන්නේ.

අපේ සර් කෙනෙක් මේ අලූත් මිස්ට කියනවා ”අම්බානෙට නෙලන්නේ නැතිව මුන්ව හදන්න බෑ නංගී. මුන්ට ගහන්න ඕනි” කියලා.

මේක ඇහුන අපේ එකෙක් මේ කතාව ඇදලා ගනියි අපේ කථාබහට. ”මචං මේ ටිකේම පත්තරවල සර්ලා මිස්ලා ළමයින්ට ගහපු සීන් ගොඩාක් ගියා.

”දැල්පන්දු පුහුණුවට සහභාගි නොවුනායි කී‍්‍රඩා ගුරුවරයෙකු කළ පහර දීමෙන් ශිෂ්‍යාවන් රෝහලට”

”ගුරුවරයා තුන වසර සිසුවෙකුට මළමූත්‍රා පිට වනතුරු ම වඳ දීලා”

”සිසුවෙකුගේ පහරදීමකින් සිසුවෙකු මිය යාම ගැන විදුහල්පතිවරයා සැලකිල්ලක් නොදැක්වීම පිළිබඳව දෙමව්පියෝ විරෝධතාවයක.”

”විදුහල්පතිවරයා කළ පහරදීම හේතුවෙන් සිසුවෙක් රෝහල්ගත කරයි.”

”මුං ඇට නොකෑ දැරිවිය පෙර පාසල් ගුරුවරිය කළුවර කාමරයක දාලා” 

එ් පුවත් පත් වල ඵල වු ලිපි කීපයක ශීර්ෂ පාඨ 

”අපේ සර් කෙනෙක් ඉන්නවා කොල්ලෝ මාර බයයි. අහුවුනොත් පතුරු යන්න ගහනවා.”

”සර් හිතං ඉන්නේ එයා තමයි නියම ගුරුවරයා කියලා. මට ඊයෙත් ඇහුනා සර් කියනවා. මට නම් ප්‍රශ්නයක් නෑ. මම ගියාම සද්ද නෑ”

”ශාරීරික දඩුවම් නැතිව ළමයි හදන්න බැරිද ?”

කසුන්ගේ ප්‍රශ්නය එක්ක අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිහඬ වුනා.

”මේකනේ මචං අපි හරියට ඉන්නවා නම් සර්ලාට ගහන්න වුවමනාවක් ඇතිවෙන්නේ නෑනේ ?”

”ඒ වුනාට මචං ගහන්නේ නැති වුනාට අපි නිහාල් සර් කියන ඕනි දෙයක් අහනවානේ මචං. ඇත්තට සර් හින්දා අපේ හුඟ දෙනෙක් දැන් වැඩ කරනවා. පිස්සු කෙළින්නේ නෑ”

”ඒක ඇත්ත. එහෙමත් ළමයින්ව හදන්න පුළුවන්”

”ඩිසිප්ලින් කියන්නේ සර්ලාට බයේ කෑ නොගහ ඉන්න එක නොවෙයිනේ ”

”නිහාල් සර් කියන්නේ නරක ළමයි කියලා පිරිසක් නෑ. ළමයින්ගේ නරක හැසිිරීම් තියෙනවා. වැඩිහිටි ඇපෙත් තියෙනවා. ඒ නරක හැසිිරීම් හදා ගන්න අපිට පුළුවන්.”

”නිහාල් සර් අපේ ඒ ලෙවල් ක්ලාස් වලට කථා කළා. සර් දුන්නේ මාර ටෝක් එකක්”

”ළමයි මම කැමැති නෑ විනය රැකීම කියන්නේ වරදට දඩුවම් දෙන එක කියලා හිතන්න. ඒක නොවෙයි මම හිතන්නේ වැරදි ඇති වීම වළක්වා ගන්න එක තමයි විනය කමිටුවේ ප්‍රධාන වැඩය. අපි කථා කරපු කෙොහොමද වැරදි මඟ හරවා ගන්නේ කියලා”

”සර් විනය කමිටුවට ඇවිත් ටික කාලයයි. දැන් මචං පරක්කු වෙලා එන අය නෑ. කොල්ලෝ බොත්තම් අැරගෙන එන්නෙත් නෑ. සර් වේවැල ගේන්නෙත් නෑ.”

”අම්බානෙට නෙලන්නේ නැතිව මුන්ව හදන්න බෑ” කිව්ව අපේ සර්ට නිහාල් සර්ව මූණ ගස්වන්න ඕනා. ශාරීරික දඩුවම් නැතිව විනය හදන හැටි ඉගෙන ගන්න”

”අපිත් කැමැති නැනේ මචං ගුටි කන්න. අයි. ආර්. සි කාරයෝ කියලා නෝන්ඩි වෙන්න. අපිත් කැමැතියි වැදගත් විදිහට ඉන්න. ඒක කරන හැටි හරියටම දැන ගන්නයි අපිටන් ඕනැ.˜

esustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25

 

Comments powered by CComment