ඒ එක්කම අපි කතාවුනේ ෆේස්බුක් වැනි ීදජස්ක ඵැාස් හරහා එන දේවල් විශ්වාස කරන එක අපේ විශ්වාසයට පටහැනි වැරදි ක්‍රියාවක් නේද කියලයි ? අපිත් ඒ වගේ කිසි ලෙසින්වත් විiානුකූලව හා නිත්‍යානූකූලව ඔප්පු නොකළ අදහස් හුවමාරු නොකළ යුතුයි.

පසුගිය 8 - 9 දිනවල නුවර හරහා නුවරඑළිය, බදුල්ල ආදි ප්‍රදේශවල සංචාරයකට අප සූදානම් වෙලා හිටියා.

අපේ ටීන් සෙට් එක මවපු ලොකු හීනයක් ඒ ගමන.. ඒත් අපේ හීනය සුණු විසුණු වුනේ නුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවලා රටේම හදිසි තත්වයක් ප්‍රකාශ කිරිමෙන්.
ගමන අවලංගු කරන්න වෙනවා කියන තීරණය ලැබුණම අපේ සමහරු ඇඬුව. අපි කිසිසේත්ම සම්බන්ධ නැති වෙනත් පිරිසකගේ ක්‍රියාවක් නිසා අපේ බලාපොරොත්තු බිඳ වැටීම තුළ අපිට දැනුනේ මහා කළකිරීමක්.

සමහරු කිව්වේ “කමක් නෑ අපි යමු” කියලා “අපිට මුකුත් වෙන්නේ නෑ” තවත් අය කිව්වා. ඒත් ඊට පස්සේ අපි සන්සුන් වුනාම තමයි අපි අපේ ගුරුවරුන් සමඟ මේ තත්වය අවබෝධ කරගත්තේ.

මුලින්ම අපි අවදි වුනේ මේ ජාතිවාදි ගැටුම් නිසා මිනිස්සු කී දහසකගේ බලාපොරොත්තු අහිමි වෙනවද කියන එක. අපේ ටී්‍රප් එක වගේද? කොයිතරම් දෙනෙකුට තම දරුවන්, මව්පියන්, සහෝදර, සහෝදරියන්, ආදරවන්තයින් අහිමි වුනාද? අහිමි වෙනවාද?

කොයිතරම් දෙනෙකුට තම දේපල අහිමි වුනාද, අධ්‍යාපනය කඩාකප්පල් වුනාද එහෙම බලද්දී අපේ ගමන කොයිතරම් පුංචි දෙයක්ද?

අපි තේරුම්ගන්න ඕනි අපේ සිත් තුළ තිබෙන පුංචි හෝ ජාතිවාදි ආගම්වාදි සිතුවිල්ලක් වූවත් මේ වගේ දහස් ගණනකගේ ජීවිත දේපල බලාපොරොත්තු සුණු විසුණු කරන්න උදව් වෙන බව.

ඒ එක්කම අපි කතාවුනේ ෆේස්බුක් වැනි Social Media හරහා එන දේවල් විශ්වාස කරන එක අපේ විශ්වාසයට පටහැනි වැරදි ක්‍රියාවක් නේද කියලයි ? අපිත් ඒ වගේ කිසි ලෙසින්වත් විද්‍යානුකුල හා නිත්‍යානූකූලව ඔප්පු නොකළ අදහස් හුවමාරු නොකළ යුතුයි.

“ගැටුම් සංවේදි නව යව්වනයක්” අද රටට අවශ්‍යයි.

හැමෝම දෙවියන්ගේ දරුවෝ. විවිධ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත්, තිබුණාම ඒ විවිධත්වය තුළ අපේ ප්‍රධාන ඒකත්වය කුමක්ද? ඒ තමයි “අපි මිනිස්සු” කියන දේ.

අපේ ටීන් සෙට් එකේ හිටිය කළුතර හෝලි ෆැමිලි එකේ සොයුරියක් ඒගොල්ලන්ගේ ඉස්කෝලේ අපි මිනිස්සු කියන තීම් එක යටතේ කරපු වැඩසටහනක් ගැන අපි එක්ක අදහස් බෙදාගත්තා. ඒගොල්ලන්ගේ තේමා ගීතය ගයන්න එයත් එක්වෙලා තිබුණා.

මේ ගැටුම් මැද්දේ ජාතිය ආගම නිසා මරණය භීතිය හෝ වේදනාව වෙනස් වෙන්නෙ නෑ. ඒ මිනිස්සු ලෙස අපිට දැනෙන්නේ එකම විදිහට.

මේ තමයි ඒගොල්ලන්ගේ තේමා ගීතය.


සිංහල දෙමළ මුස්ලිම් අපි මිනිස්සු
බර්ග මැලේ ජා අනෙකුත් අපි මිනිස්සු
ඉන්දීය සාගරේ මුතු ඇටයේ වසනා අපි මිනිස්සු
නෙක නෙක භාෂා කතා කළත්, අපි මිනිස්සු
නෙක නෙක ආගම් ඇදහුවත් අපි මිනිස්සු
විවිධත්වයේ ඇති අපේ ඒකත්වය
අපි මිනිස්සු //

සත්‍යය සොයමු යුක්තිය රකිමු.
සමාව දීමෙන් සමඟිය වඩමු
ලේ ගංගා යලි ගලා නොයන්නට
සැම හට සුපහන් ජීවිතයක් දෙන
නව සම්මුතියක් ගොඩ නංවාාගෙන
උදා කරමු අපි යහපත් දේශය
අපි මිනිස්සු //

බිය සංකා අපි දියකර හරිමු
අපේ විභවයන් එක්කර ගනිමු.
එක රිද්මයකට හදවත ගැහෙනා
මුළු ලොව වසනා මිනිසුන් සමඟින්
සොයුරු දමින් අපි අත්වැල් බැඳගෙන
උදා කරමු අපි යහපත් ලෝකය
අපි මිනිස්සු //

 

  6cac3e4af71ab8dda6dba234a97e4887  නිසල්

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18

Comments powered by CComment