“ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උගුලා දමන්න” ජේසු එහෙම කියල තියෙනවා. ඇස් දෙකේ පෙනීම ඇතිව නරකාදියට යනවට වඩා ඇස් පෙනීම නැතිව ස්වරිගයට යාම යහපත් කියලත් එතුමා කියලා තියෙනවා.

මේ දෙව් වදන ගැන අපේ ටීන් සෙට් එක කථා කළේ අපි ටිකක් දන්න යාළුවෙක්ගේ අත්දැකීමක් නිසා. එයා ෆෝන් එකෙන් ීැං බලන්න ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් විදිහට එයා අතින් එයාගේ නංගී ප්‍රෙග්නට් වෙලා. මේ සීන් එක නිසා අපේ සෙට් එකත් හොල්මන් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ඒ ගැන කථාව ඇදිලා ආවේ.

“පුදුම වෙන්න දෙයක් නෑ, අවුරුදු ගානක් ලෝකෙන්ම වැඩියෙන්ම Sex සර්ච් කරන රට අපිනේ” මේ සැරේ නම් අපෙන් කප් එක බංගලාදේශය උදුරගෙන. අපිට තර්ඞ් ප්ලේස් එක.

“ඒ වුනාට වැඩියෙන්ම ීැං සර්ච් කරන ටවුන් එක අපේ හෝමාගම කොහෙන් හරි අපි කප් එක තියාගන්නවා”

Sex ගූගල් හරහා සර්ච් කරන පළමු රටවල් පහෙන් හතරක්ම දකුණු ආසියාවේ. බංගලාදේශය, ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, දෙවැනි තැන ඉතියෝපියාව, පළමු නගර තුනමත් දකුණු ආසියාවේ හෝමාගම, චෙන්නායි, ඩකා.

“හරි පැහැදිලියි යුරෝපයේ ලිංගික අධ්‍යාපනය හොඳ නිසා එහේ කොල්ලෝ කෙල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් Sex සර්ච් කරන්නේ අඩුවෙන් බව”

ආසියාවේ ආශ්චර්යයේ කොටසක් වගේ ලිංගික අධ්‍යාපනය සඟවන නිසා මේ උන්මාදයට ආසියාවේ අපි අහුවෙලා”

ඇත්තටම මේකෙන් මිදෙන්න අවශ්‍යයි. නිවැරදි විශ්වාසි සෙක්ස් එඩියුකේෂන් එකක් ලබන්න සකල ශ්‍රී ලංකාවාසි ටීන් ජෙනරේෂන්වරු ලෙස අපේ සංවිධාන තුළ සංවිධානය වී වැඩ කරන්න ඕනා.