එතකොට වැඩිවියට පත්වීම අසිරිමත් ක්‍රියාවක්. ඒකට දිව්‍යමය අරුතක් තිබෙනවා. අපි හැමෝම ස්ත්‍රියකගේ ඒ වැඩිවියට පත්වීමේ ක්‍රියාවලියට දෙවිදුන්ට තුති දිය යුතුයි. අපි මේ ලොවට ආවේ ඒ ක්‍රියාවලිය නිසා.

වැඩිවියට පත්වුනාම එක දෙයක් මතක තබා ගන්න ඕනි. ඒ තමයි ඔබගේ ශරීරය තුළ මවක් වීමේ, පියෙක් වීමේ හැකියාවක් තිබෙන බව, නමුත් එය පූර්ණ හැකියාවක් නොවෙයි ශරීරයෙන් පමණයි. මනසින් අධ්‍යාත්මයෙන් මවක්, පියෙක් වෙන්න ශාරිරික වර්ධනයට අමතරව තවත් මානසික, චෛතසික ආධ්‍යාත්මික වර්ධනයන් අවශ්‍යයි.

ඉතිං අර අවුරුදු දොලහයේදි දහතුනේදි ඇති වන හැඟිම් සිතුවිලි එක්ක අවුරුදු 15 ක් 18 ක් අරගල කර කර ඉන්න එක ලේසි ද ? නෑනේ. ඒක තමයි අපේ ටීන් සෙට් එකේ සමහරු අහන්නේ දෙවියන් අපිට මෙහෙම කළේ අපි මොනවරදක් කළාටද කියලා.

ඇත්තටම මේ වයසේදි පුතාලත් ලොකු ළමයි. ඒත් “ලොකු ළමයෙක් වෙනවා” කියලා ගෑණු ළමයින්ට වගේ කථාවක් නැති නිසා ‘පුතාලා ලොකු ළමයි කියලා හඳුනාගත්තේ නෑ මේ වයසේදී.

මේ සියල්ල තුළ මතුවන පොදු පණිවුඩය තමයි එකම අරමුණකින් එකතු වෙනවා නම් සියලු බේද ඉවතලා ජීවිතය වැදගත් කොට සලකා ක්‍රියා කරනවා නම් ලෝකය තුළ ජිවිතය විකසික කරන්න පුළුවන් කියන දේ. මේ ළමයි 12 වගේ මුළු මානව සම්මුතියම අද සිටින්නේ ලේසියෙන් ජීවිතය බේරාගන්න බැරි පවතින ක්‍රමය නැති උමං මාර්ගයේ අතරමං වෙලා. ඉන් මානව සම්මුතියෙන් මුදවා ගන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ වගේ, සැබෑ ගෝලීය මෙහෙයුමකට පමණයි.