තමාගේ ගේට්ටුව අසල සිටි අසරණ ලාසරස්ගේ තැන තමා සිටි නම් කියා ධනවතා කිසි විටෙකත් සංවේදිව හෝ ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි හෘදය සාක්ෂියෙන් විමසුවේ නැතිව පව් කළා මෙන්, අපිද අපේ ගේට්ටුව අසල සිටින අසරණයාට විරුද්ධව පව් කරමු.

සංගීත දමා මංගල ජය         පවසන්නේ

රන්මාලා දමා මුනිඳුන් රැව     සරසන්නේ

කඩපිල් දමා මුනිඳුන් රැව     විකුණන්නේ

මහත්වරුනි දෙවියන්වද       රවටන්නේ

කාන්තාරු මාස්ටර් කෙනෙකු වූවත් අයිවෝ ගේ පියා ඔහු සංගීතය හැදැරිම හා ගායනයට යොමුවීම කෙරෙහි පහත් සිතකින් නොබැලුවේය. සංගීතයට යොමුවීමෙන් ඔහුගේ ජීවිත ගමනට අයහපතක් වේ යැයි සිතූ පියා සුනිල් සාන්තයන් අැසුරේ සංගීතය ඉගෙනීමට තම යුතු කළ ඉල්ලීමට අනුකූලතාවයක් නොදැක්විය. එහෙත් අයිවෝ ඩෙනිසුන්ගේ වචන වලින් කීවොත් අම්මා මරියා තුමිය සේ මැදිහත් වී මංපෙත විවර කර දුන්නාය.

වර්තමාන කතාවද, අනාගත කතාවද එයම වන බව සිතන්නට සිදුවීමත් වේදනාවකි. අප මහන්සි විය යුත්තේ ඒ කතාව වෙනස් කරන්නටය. වෛරයේ, ද්වේශයේ, ආත්මාර්ථයේ කතාව වෙනුවට එකිනෙකා තේරුම්ගැනීමේ, පිළිගැනීමේ ආදරයේ කතාවක් බවට පත්වීමටය.

ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්.