අප හිතවත් චූලානන්ද සමරනායක සොයුරාගෙ නවතම පරිවර්තන කෘතිය වු මියැදුනු විල පසුගියදා රුසියානු සංස්කෘතික කේන්ද්‍රf්යදි එළි දුටුවා.

ආගමික සහජීවනය පිළිබඳවත් විවිධ ඇහිලිවතුන් අතර සංවාදය පිළිබඳවත් වන කිතුනු භාවිතාවේදි ශ්‍රී ලංකාව තුළ අඩුම අවධානය ඇත්තේ හින්දු දහම පිළිබඳවයි කීවොත් එය නිවැරදිය. එහිදිත් උතුරේ දී හින්දු ප්‍රජාව සමඟ තිබෙන සම්බන්ධය සමඟ සැසදීමේදි දකුණේ දී එවැනි සම්බන්ධයක් ඇත්තේම නැති තරම්ය. 2017 ඔක්තෝම්බර් 18 දීපවාලි දිනදි තබන මේ සටහනට නිමිත්ත වන්නේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා ලියු ගීයකි.

මගේ වීරයින් අතර ප්‍රමුඛයෙකි ස්ටීව් බීකෝ. දකුණු අප්‍රිකාව තුළ පීඩිත කළු මිනිස්සුන්ගේ විමුක්තිය සඳහා සටන් වැදුනු තරුණ නායකයෙකි.

බීකෝ නම් වීරයා මට මුලින්ම මූණ ගැසුනේ ලක්මිණ පුවත්පතිනි. සුනිල් මාධව ප්‍රේමතිලක ලක්මිණට බීකෝගේ කථාව කොටස් වශයෙන් ලිවිය. පසුව ‘හඬනු මැන නිදහස’ පොතක් ලෙස පලවිය. ඒ පොත තුන් වරකට වඩා මා මිලදී ගත්තේය. කා අතට හෝ පත් වී ආපසු නොලැබුණි. ඒ ගැන දුකක් නැත. කව්රු හෝ කියවනවා නම් සතුටුය.

මෙවර මෙම තිරයට ගරු මර්සලින් ජයකොඩි පියතුමාගේ කවියක් තෝරා ගතිමු. 

මෙය ඉතා සරල බසින් ලියවුනු නිදහස් කවියක්. පියතුමාගේ සුපුරුදු සාහිත්‍යමමය සුළලික භාෂාව මෙහි නැහැ. සාහිත්‍යමය ගුණය අතින් ගත්තම එය එතරම් පෝසත් නෑ.
නමුත් මේ සරල කවියෙහි ඇති අරුත ගැඹුරයි. අප ජීවත් වන වත්මන් සමාජය තුළ තමා වෙතටම යොමුවු ආත්මාර්ථකාමි මිනිසුන්ට ජීවිතය පිළිබඳ උස් සත්‍යයක් අලංකාරනයන්ගේන් තොරව කියාපායි.