මේ හැඳින්වීම පුරා අපට හමුවන්නේ මීප් ගේ අාධ්‍යාත්මිකවයයි. එ් අාධ්‍යාත්මිකත්වය අාගමික වහන්තරාවකින් වැසුනු එකක් නොවේ. එය මිනිස් අධ්‍යාත්මිකත්වයයි. ජන ඝාතක යුද්ධයකට පසුත් මිනිස්භාවය වෙනුවට ජාතිය අාගම මුල්කරගෙන නැවත නැවතත් අධිපතිවාදයම ව්‍යාප්ත කරන අප රටට මේ පොතෙන් උගත හැකි පාඩම් බොහෝය. එය කියවා ඉගෙන ගැනීමට කැමැති මිනිසුන්ට මෙය මා හැඟී ග්‍රන්ථයකි.

අැයි සමන් පිච්ච, සුදු අරලිය, රෝස ඩේලියා

තමාගේ ගේට්ටුව අසල සිටි අසරණ ලාසරස්ගේ තැන තමා සිටි නම් කියා ධනවතා කිසි විටෙකත් සංවේදිව හෝ ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි හෘදය සාක්ෂියෙන් විමසුවේ නැතිව පව් කළා මෙන්, අපිද අපේ ගේට්ටුව අසල සිටින අසරණයාට විරුද්ධව පව් කරමු.

සංගීත දමා මංගල ජය         පවසන්නේ

රන්මාලා දමා මුනිඳුන් රැව     සරසන්නේ

කඩපිල් දමා මුනිඳුන් රැව     විකුණන්නේ

මහත්වරුනි දෙවියන්වද       රවටන්නේ

කාන්තාරු මාස්ටර් කෙනෙකු වූවත් අයිවෝ ගේ පියා ඔහු සංගීතය හැදැරිම හා ගායනයට යොමුවීම කෙරෙහි පහත් සිතකින් නොබැලුවේය. සංගීතයට යොමුවීමෙන් ඔහුගේ ජීවිත ගමනට අයහපතක් වේ යැයි සිතූ පියා සුනිල් සාන්තයන් අැසුරේ සංගීතය ඉගෙනීමට තම යුතු කළ ඉල්ලීමට අනුකූලතාවයක් නොදැක්විය. එහෙත් අයිවෝ ඩෙනිසුන්ගේ වචන වලින් කීවොත් අම්මා මරියා තුමිය සේ මැදිහත් වී මංපෙත විවර කර දුන්නාය.