දෙවන වතිකානුව නොවන්නට මර්සලින් ජයකොඩි පිය මෙහෙවරට මේ පිළිගැනීම ලැබෙන්නේ නෑ. ගොන්සාල්වේල් හිමි සේම ජයකොඩි පියතුමාත් කළේ උඩුගංබලා පිහිනීමක්. එ්කට පිළිගැනීම ලැබුනේ දෙවන වතිකානු කතිකාවතින්. දෙවැනි වතිකානු කතිකාව ඉතිහාසයේ වරදක් යැයි කියන අය සභාව නැවත එක් සංස්කෘතියක අාධිපත්‍යයට නතු කරන්න හදන බව තේරුම්ගන්න අවශ්‍යයි.

"ලංකාවේ කතෝලික සාහිත්‍යයේ ලකුණු" ගැන කිතු අභිමන් සාහිත්‍ය උළේලේදි ප්‍රවීන රංගධර ජැක්සන් අැන්තනි පැවැත්වූ කතාව කියවූවෙමි. බොහෝ කරුණු කාරණා ගැන ඔහු හා එකඟ විය හැකි නමුත් ඔහුගේ අැතැම් මති මතාන්තර ගැන අදහස් දැක්වීම ගැන හරවත් හා නිරවුල් සංවාදයක් අවශ්‍ය යැයි හැඟේ.

ඔහු ගොන්සැල්වේස් සාහිත සේවාව ඉතා හොඳින්, නිවැරදිව අර්ථ දක්වනවා මෙහෙම. "සිංහල භාෂාව මැනවින් හදාරා, සිංහල භාෂාව පමණක් නොවෙයි සිංහල සංස්කෘතිය මැනවින් හදාරා උන්වහන්සේ කරනු ලැබුවේ බටහිර අාගමක් වෙච්ච ක්‍රිස්තු ධර්මය ශ්‍රී ලංකාව නැමැති සංස්කෘතිය යලි පැල කිරීමයි"

එ් අැත්ත පිළිගත්තම නිසැකම අපිට තවත් අැත්තක් පිළිගන්න වෙනවා. බටහිර භාෂාවටම ගැතිවෙලා කටයුතු කළා නම් මේ දේ සිද්ධ වෙන්නේ නෑ. ස්ව භාෂාවට ස්ව සංස්කෘතියට මාංශගත වීමට ඉඩ දුන්නම තමයි එ්ක වෙන්නේ. ගොන්සැල්වේස් පියතුමා මේක කළේ නිල සභාව තුළ එ් සඳහා ඉඩක් නුදුන් කාලයක. නමුත් නිල සභාව එ්කට ඉඩ දීම නිල වශයෙන් ම ඉඩදීම ඉතා යෝග්‍යය හා යුතු වෙනවා.

නමුත් අපේ දේශකයා පසුව මෙහෙම කියනවා.

"දෙවන වතිකාන සම්මුතියෙන් පසු එ්. එ්. ස්වරාජ්‍යවල ස්වභාෂාවෙන් ක්‍රිස්තු ධර්මය, පුජා පවත්වන්න අවසර ලැබුණා. එ් නිසා ලතින් භාෂාවෙන් තිබුණු දිව්‍ය පූජාව එ් එ් රටවල භාෂාවන්ට පරිවර්තනය වූණා. එ්ක ශුද්ධ වූ සභාව ගත් ජාත්‍යන්තර තීරණයක් මගේ මෝඩකමට මම තාමන් එ් තීන්දුව හොඳයි කියලා හිතන්නේ නෑ."

දෙවන වතිකානු තීන්දු තමයි ඔහු අර පෙරකි දේශිය සංස්කෘතියට මාංශගත වීමට දොරටු විවර කරන්නේ. ඉතිං තීන්දුව හා එ් හා බැදුනු දේශිය බසින් පූජාව තැබීම ගත් තීන්දුව "හොඳ" නෑ කියලා සිතීම අතර අැත්තේ නොගැලපීමක්.

ජැක්සන් අැන්තනි කියන්නේ විශිෂ්ඨ රංගධරයෙක්, දක්ෂයෙක්, හැබැයි ඔහු මෑත ඉතිහාසය පෙන්නුම් කළ උපයෝගිතවාදි අදහස් දැක්වීම මෙතනදීත් තිබෙනවා කියලා හිතන්න සාධාරණ හේතුවක් මේ පරිසරයේ තිබෙනවා. ලතින් පූජාව ගැන කාදිනල් හිමි දරන මතය සමඟ යම් විදිහක එකඟතාවයක් තමයි ඔහු ඵල කරන්නේ.

දෙවන වතිකානුව නොවන්නට මර්සලින් ජයකොඩි පිය මෙහෙවරට මේ පිළිගැනීම ලැබෙන්නේ නෑ. ගොන්සාල්වේල් හිමි සේම ජයකොඩි පියතුමාත් කළේ උඩුගංබලා පිහිනීමක්. එ්කට පිළිගැනීම ලැබුනේ දෙවන වතිකානු කතිකාවතින්. දෙවැනි වතිකානු කතිකාව ඉතිහාසයේ වරදක් යැයි කියන අය සභාව නැවත එක් සංස්කෘතියක අාධිපත්‍යයට නතු කරන්න හදන බව තේරුම්ගන්න අවශ්‍යයි.

ජැක්සන් අැන්තනිෙග් අැගයුමට ලක්වන මර්සලින් ජයකොඩි පියතුමා අතින් මේ සා වටිනා ගීතිකා සිංහල බසින් ලියැවෙන්නේ නෑ. ලතින් පූජාව මේ වනතුරු පැවැතියා නම්,

කාදිනල් හිමිපාණන්ද මේ උත්සවයේ කථාවේදි කියා තිබුණා. "පිටරටින් එන හැමදේම අපි වැළඳ ගත යුතු වන්නේ නැත. පිටරටින් එන අැඳුම් පැළඳුම් විතරක් නොවෙයි විදේශීය චින්තන වුනත් අපි වැළඳ ගන්න එක සුදුසු නෑ" කියලා හැබැයි එතුමා සැරසිලා සිටියේ සම්පුර්ණයෙන්ම පිටරටින් අා පූජක රදගුරු අැඳුමින්. පූජක ලෝගුවට අදාල සියළු අැඳුම් පැළදිය යුතු බවට අණ පණවන්නෙත් එතුමා.

ඉතිං මේ කතා අස්සේ එන පරස්පරයන් ඉසියුම්ව විමසිය යුතුයි. නැත්නම් මේ අාකල්ප සේවය කරන්ෙන් සංස්කෘතික, අාගමික. ජාතික විවිධත්වය අකාමකා දමන්න කැස කවන කාදිනල් හිමි මෙන්ම ජැක්සන් අැන්තනිත් පසුගිය කාලයේ ප්‍රවර්ධනය කරපු හා වරදාන ලබාගත් මහින්ද චින්තනය හෙවත් ජාතිවාදි චින්තනයට නමුත් කිසිලෙසකින්වත් සැබෑ ක්‍රිස්තු චින්තනය කාදිනල් හිමිගේම වචනයෙන් කියනවා නම් පාට නොවුනු පිරිසිදු ක්‍රිස්තු චින්තනය කිසිවිටකවත් ජාතිවාදයට එ්කාධිපතිවාදයට සේවය කරන්නෙ නෑ. 

Jesustodaysl 2 වන වසර 38 වන සතිය 2018 දෙසැම්බර් 02

Comments powered by CComment