නත්තලේ කටුක සීතලෙන් මිදෙන් හැමෝම ලොම් ඇඳුම් වලින් පොරොගෙන උණුසුම් තැන්වල විවේකයෙන් හිටියේ ඒ නිවාඩු මාසේ හින්දා. කොළ හැලිච්ච ගස්වල අඳුරු පාට අතු දිගේ හිම කැට දිය වෙමින් පහළට රූරාගෙන වැටුනා.

 

නත්තලේ කටුක සීතලෙන් මිදෙන් හැමෝම ලොම් ඇඳුම් වලින් පොරොගෙන උණුසුම් තැන්වල විවේකයෙන් හිටියේ ඒ නිවාඩු මාසේ හින්දා. කොළ හැලිච්ච ගස්වල අඳුරු පාට අතු දිගේ හිම කැට දිය වෙමින් පහළට රූරාගෙන වැටුනා. ඉදිරිපස වීදුරුවට වැටෙන ලා වැස්ස අතරින් මම මෝටර් රථය ඉදිරියට ධාවනය කළේ ඉක්මනින් ගෙදර ගිහින් දරු පැටවුන්ව තුරුළු කර ගන්න අදහසින්, ඇත්තටම ජීවිතේ මහ පුදුමාකාරයි. දරුවෝ ලැබුණට පස්සේ අපේ ජීවිතේ වැදගත්ම දේ වෙන්නේ අපේ දරු පැටව්. මොන දේක රත් ඉක්මන් කරලා දරුවෝ බලන්න ගෙදර දුවන්නයි හැම දෙමව්පියෙක්ම වෙහෙසෙන්නේ. 

පාට පාට විදුලි බුබුළු අතරින් යන්තමින් එළිය වැටුණ පාරේ වම් පැත්තේ එක විශාල රෙදිපිළි සාප්පුවක් පැහැදිලිව පෙනෙන්නට තිබුණා. ඒත් හිත ඇතුළේ අකුණක් පිපිරුවා මේ රෙදි විශාල සාප්පු සංකීර්ණය ළඟ අවුරුදු හයක විතර පුංචි පුතෙක් පාන්කඩ ඇඳුම් ඇඳගෙන කකුල්වලට සෙරෙප්පු දෙකක්වත් නැතුව තෙමි තෙමී පාර බලාගෙන හිටියා. පුළුවන් ඉක්මනින් මම වාහනය පැත්තකට කරලා නැවැත්තුවා. තමන් ළඟට නාදුනන වාහනයක් එනවා දැකපු පොඩි එකා තව තවත් කඩපිල ළඟට කිට්ටු වුණා. හරිහමන් කෑමක් බීමක්, හවුහරණක් නැතුව පොඩි එකා දුර්වල වෙලා අසරණ වෙලා හිටියේ. යටට ගිලිච්ච නිල් පාට ඇස් බයෙන් ඇකිලිලා තිබුණා. මං දරුවට ළං වෙනකොට බයෙන් වගේ පස්සට වුණා.

‘කවුරු එනකන්ද ඉන්නේ ...?’

පොඩි එකා කන්න වගේ මූණ බලාගෙන හිටියත් උත්තර දුන්නේ නෑ. මගේ දරුවෙක් මෙහෙම අසරණ වුණොත් කියන අනියත බයත් එක්ක මගේ පපුව වේදනාවෙන් පිච්චුණා. මං ආදරයෙන් පොඩි එකාගේ අවුල් වෙච්ච කොණ්ඬේ අත ගෑවා. බාගෙට බොත්තම් පියවුණ කම්සේ අතරින් මතුවුණ පුංචි පපුව අයිස් වගේ සීතල වෙලා. ජර්සියට උඩින් අමතර ලොම් කබායකුත් ඇඳගෙන හිටපු මමත් සීතලෙන් ගැහුනා නම්, කකුලට සපත්තු දෙකක් වත් නැති මේ පුංචි එකා කොහොම දරාගත්තද කියලා මං කල්පනා කළා. තවත් පරක්කු නොවී මම පොඩි එකාව එතන රෙදි සාප්පුවට එක්කගෙන ගිහින් සම්පූර්ණ සීත ඇඳුම් කට්ටලයක් අරගෙන දුන්නා. බ්ලැන්කට්, යට ඇඳුම්, තොප්පි සපත්තු පවා එතන තිබුණා. මම එතනින් නතර නොවී ළඟම තිබුණ පුංචි අවන්හලෙන් සැන්ඞ්විචස් හා සුප් තිබුණ රාත්‍රී කෑම පාර්සලයක් අරගෙන දුන්නා.

‘දැන් ගෙදර ගිහින් කෑම කාලා සනීපෙට ගුළිවෙලා නිදා ගන්න....”

පොඩි එකා පුදුමෙන් මගේ දිහාවේ බලාගෙන හිටියේ මේක හීනයක්ද කියලා තෝරාගන්න වගේ. අලුත් ඇඳුම් ඇඳපු පොඩි එකා හැබෑම ලස්සයි. ඒ ඇස්වල අසරණ බැල්ම මගේ පුතාගේ වගේ කියලා මට මොහොතකට හිතුණා. පාර්සලේත් තුරුළු කරගෙන පොඩි එකා මගේ දිහාවට හැරිලා උඩ බැලුවා.

“ඔයා දේව මෑණීයෝද..?”

මං හිනා වුණා. පොඩි එකා උත්තරයක් බලාපොරොත්තුවෙන් මගේ මූණ බලාගෙන ඉන්නවා.

“නෑ රත්තරං... මං දේව මෑණියෝ නොවෙයි... මං දෙවියන්ගේ දරුවෙක්......

“මට ඒත් හිතුණා..... ඔයා දෙවියන්ගේ නෑදැයෙක් වෙන්නැති කියලා.....” පොඩි එකා කිව්වා.

-ඩැන් ක්ලාක්- (අසිරි සිරිනි පොතෙන්)

Jesustodaysl 2 වන වසර 37 වන සතිය 2018 නොවැම්බර් 25 

 

 

Comments powered by CComment