දැන් ඉතිං ධනවතුනි ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න. ඔබගේ ධන ධාන්‍ය දිරා ගොස් ඇත. ඔබේ රන් රිදි මළකඩ කා ඇත. ඒ මලකට ඔබට විරුද්ධව සාක්ෂියක් වී ගින්නක් මෙන් ඔබගේ මාංශය කා දමනු ඇත. (ජාකොබ් 5-3)

මෙවර ප්‍රගීතාවලෝකන සරසන්නේ අගිතරු මෝසැසි පෙරේරා හිමිපාණන් විසින් විරචිත ගීතිකාවකනි. 

“ධනය” මත ජීවිතයේ අරුත හෝ විමුක්තිය රැඳි නැති බවට වන දේව වචනය මත පදනම් ව එතුමා රචනා කරැති මෙම ගීතිකාව, ජීවිතය හා මරණය අතර ධනය කොතැනද? යන්න සියුම්බ ඉදිරිපත් කරයි.

ගීතාවලියේ 49 වැනි ගීතිකාව හා ජාකොබ් හසුනේ 5/1-6 දක්වා කොටස් මේ ගීතිකාවට පසුබිම් වී තිබේ.

දැන් ඉතිං ධනවතුනි ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න. ඔබගේ ධන ධාන්‍ය දිරා ගොස් ඇත. ඔබේ රන් රිදි මළකඩ කා ඇත. ඒ මලකට ඔබට විරුද්ධව සාක්ෂියක් වී ගින්නක් මෙන් ඔබගේ මාංශය කා දමනු ඇත. (ජාකොබ් 5-3)

ගීතාවලියේ 49 ගීතිකාවේ මෙසේ සඳහන් වේ.

"නුගතුන් හා අනුවණයන් යන දෙගොල්ලෝම වැනසෙන බවද ඔවුන්ගේ ධනය අනුන්ට තබා යන බවද නොදන්නො කෙනෙක් නැත." ගීතාවලියේ (49/10)

මෙම දේව වාක්‍ය මත පදනම් ව මෝසැසි පියා තම ගීය මෙසේ පබැඳ ඇත.

ඉසුරු සැපත් විඳිමින් අප
ගෙවන ජීවිතේ
තාවකාලිකයි ඒබ ව සිතව් මිනිසුනේ
හරි නුවණක් නොමැතිව ගත කරන ජීවිතේ
අතුරුදහන් වෙයි තිරිසන් සතුන්ගේ වගේ

කුමට බියෙන් සැලෙන්නේ මා
විපත් වතාවේ
අඳමිටුකම් මා ලුහුබැඳ
වටකරු ගන්නේ

ධනය කෙරේ විශ්වාසය උන් රඳවන්නේ
වස්තුව ගැන පුරසාරම් ඔවුන් දොඩන්නේ

මෙලොව බදාගෙන හැමදා ඉන්නේ කව්දෝ ?
නැණ ඇති නැති සියලු දෙනා මියැදි යන්නෝ
අනුන් හටම සිය සම්පත අතහැර යන්නෝ
මිනිවළ යැ උන් සතුවන එක මැ නිවහනේ

ඇතත් ඔවුන් නම් සටහන් පෙදෙස මුළුල්ලේ
සොහොන් තුළ යැ සඳහට වැතිරැ නිදන්නේ
මේ ගමනින් නෑ කිසිවෙක් මිදි රැකෙන්නේ
යන විට නෑ කිසිවක් පොදි බැදැගෙනැ යන්නේ

ජීවිතය හා මරණය පිළිබඳ පෙරදිග ආභාෂයට අදාල දහමක් බයිබලීය වඳන් මත පදනම් ව ගොතා ඇති බව මේ පද වැල් විමසන විට පෙනේ.

ක්‍ාකොබ් සදෙස තුල ඇති ධනවතුන් ට කෙරෙන තරවටුව වෙනුවට සියලු මිනිසුන් ට කෙරෙන අවවාදයක ස්වරූපය ගීතිකාවේ ඇත.

එය ගීතාවලිය වැකිය හා ගැලපුනද ජාකොබ් සදසේ ඇති විමුක්තිදායක හරය ඉස්මතු කිරීමට තරම් ප්‍රබල නොවේ.

“ධනවතුන්ටමැයි හරියන්නේ” වැරදි කරන අයමැයි පෝසත් වෙන්නේ” කියන මතය තුළ සිටිමින් තමන්ද ධනය පසු පස හඹායාමට පෙළ ගැසෙන ජනයාට ගීතිකාවේ අවසන පද දෙක ඉතා ප්‍රබල පණිවුඩයක් ඉදිරිපත් කරයි.

උතුරන විට බිය නොවන්න
අනුන් ධන රැසින්
නොයන්නේ යැ රැස් කළ දෑ
ඔවුන් පසු පසින්

Jesustodaysl 2 වන වසර 34 වන සතිය 2018 නොවැම්බර් 04

 

 

Comments powered by CComment