ලංකාව තුල කිතුනු ගීතය හා සිංහල සංගීතය පිලිබඳ මෙතෙක් පූජක තුමෙකු විසින් සම්පාදිත පර්යේෂණාත්මක හා සන්සන්දනාත්මක කෘතිය ලෙස සැලකිය හැකි "චිරන්තන සිංහල සංගීතයේ ප්‍රවනතා" කෘතිය එතුමන් කළ ප්‍රශස්ථ මෙහෙවරකි.

සිංහල කිතුනු ගීතයේ පැවිදි නිර්මාණකරුවන් අතර සුවිශේෂි ලකුණක් සටහන් කර තිබුනද එතරම් මතුකොට තථාබහ නොකරන නිර්මාණකාර පැවිදි පියතුමකෙුගේ ජනප්‍රිය ගීතිකාවක් මෙවර ප්‍රගීතිකාවලෝකන සඳහා තෝරා ගතිමු.

ඒ, මයිකල් සිල්වා නි. ම. නි . පියතුමාගේ "දුක්බර දිවියක රහසක් ඇත මට" නම් වු ගීතිකාවයි. එම ගීතිකාව රස අරුත් විමසීමට පෙර පියතුමන්ගේ සංගීත භාවිතාව ගැන සැකවින් හෝ යමක් කිම අවැසිය.

ලංකාව තුල කිතුනු ගීතය හා සිංහල සංගීතය පිලිබඳ මෙතෙක් පූජක තුමෙකු විසින් සම්පාදිත පර්යේෂණාත්මක හා සන්සන්දනාත්මක කෘතිය ලෙස සැලකිය හැකි "චිරන්තන සිංහල සංගීතයේ ප්‍රවනතා" කෘතිය එතුමන් කළ ප්‍රශස්ථ මෙහෙවරකි.

කිතුනු සජ්ඣායනා නමින් තමා විසින් රචිත ගීතිකා 33 ක් හා ඒවායේ ස්වර ප්‍රස්ථාර සංග්‍රහයක්ද එතුමා විසින් නිර්මාණය කර ඇත.

සිංහල සංගීතය ඇසුරින් සිංහල ගීතිකා විග්‍රහ කිරිමේ පුරෝගාමියා ලෙස එතුමාව හැදින්විය හැක.

අපි දැන් දුක්බර දිවියක ගීතිකාවේ රස අරුත් විමසමු.

දුක්බර දිවියක රහසක් ඇත මට
ජය බිම සිකුරු නිසා
විඳ ගැනුමට ඇත දහසක් කරදර
සිතුවිලි හොඳ හින්දා
අපවාදය පිරි රැවුම් බැනුම් මැද
නොසැලෙන ගතිය නිසා
සතුරන් මැද්දේ දිවිය ගෙවන්නෙමි
සමිඳුගේ මහිමේ නිසා

ගීතිකාවේ පද වැල රචනා වි ඇත්තේ ලතෝනි ගීයක ස්වරූපයෙනි. පද සංඝටනාව තුළ දිව යන්නේ යහපත කරන්නට හොඳ හිතින් ඉදිරිපත් වුවෙකු අපවාදයට අවමානයට පාත්‍ර විමක් තුල විඳින වේදනාවයි. නමුත් ඒ වේදනාව දරාගන්නට ශක්තිය ඔහු සතුවේ. "සත්‍යය කවදා හරි ජය ගන්නවා" යන සිතුවිල්ල තුල සමිඳුන් කෙරෙහි වු අචල විශ්වාසය ඉන් ප්‍රකාශ වේ.

සියල්ල තුල ඔහුට වැදගත් වන්නේ සමිඳුන්ට මහිමය ලබා දීමයි. තමා අපවාදයට ලක් වුවත් ඒ තුලින් සමිඳුන් මහිමයට පැමිණ වීමයි.

කුසගින්නත් ඇත නිවහනක් නැත
හැදුනුම නොලත් නිසා
සේවය ලැබුමට සැම දෙන ආවේ
ශක්තිය ඇතැයි සිතා
සමිඳුන් සෙව්වේ සේවය පැතුවේ
කිතු හිමි දකිනු පතා
දුබල වු මා ළඟ කිතු හිමි සිටියේ මගේ පණ රකිනු සොඳා.

පුද්ගලයෙකු සතු වු පෞද්ගලික අනුභුතියක් පොදු බවට පත් කිරිමට පද රචනාව සමත් වේ. කුසගින්නට ආහාරයද තමා සිටින නිවසද අහිමි වි ඇත. තමා වෙත සේවය පතා ආ බොහෝ දෙනා තමා ගැන විශ්වාසය කළ බවත් තමා තුළින් කිතු හිමි ප්‍රකාශ විය යුතු බවත් මේ අන්තරා කොටස පවසයි. තැලෙන බිඳෙන හදවතක් අමතක නොකරන සමිඳුන් දුබල මොහොත තුළ තමාව රකිනු පිණිස තමා හා සිටියි.

තනිවි සිටියෙමි මිතුරන් නොමැතිව
බොරුවක් නොකළ නිසා
යහපත් වදනින් හිංසා නොමැතිව
ඉවසමි සැබැ වඩා
සමිඳුගේ ජීවිතේ මීටත් කටුකයි
ගැලවුම් කරු වු නිසා
කිතු හිමි නොවන්න මා ඇත තනිවි
දහිරිය නැතිව සදා

 

 

 

 

 

කිසියම් සිදුවීම් මාලාවක ප්‍රතිඵලය වශයෙන් මිතුරන් ද ඔහුව අතහැර ගොසිනි. එහෙත් ඔහු සාමය පිලිබඳ පාරමිතා ඇත්තේ වෙයි. ඒ නිසා හිත් රිදුම් දෙන වචන භාවිතයට අකමැතිය. අත්දැකිම් කටුකය. තනි භාවය ප්‍රීතියක් නොව කාලකන්නි මනෝභාවයකි. ඔහුට සැනසිම ගෙන දෙන්නේ කිතු සමිදුන් වෙත ඇති බැඳියාවයි. ගැලවුම්කරු වු සමිඳුන්ගේ ජීවිතය මීට වඩා කොරම් කටුක වීද? එසේ නම් සමිදු හමුවේ දූවිලි තරම් නොවටිනා මම මේ තනිකම ගැන තැවි තැවි සිටිම නිශ්ඵලය. ඒ සිතුවිල්ල ඔහුව තනි නොකරන බලය වේ.

පෞද්ගලික අත්දැකිමක් පොදු බවට පත් කරන අපූර්වත්වයකින් යුතු මේ ගීතිකාවේ සංගීතය ඌබි කරිටාස් නැමැති සජ්ඣායන ගීතයේ හා වැලපුම් ගී හඬේ ආභාෂයෙන් නිර්මාණ වි ඇත.

දුක් පිරිපතට පත්වූවන්ට ශක්තියක් ලබා දෙන ගීතමය ඔසුවක් වන් මේ ගීතිකාව බොහෝ දෙනෙකුට ශක්තියක් වි තිබේ. සරල පද රචනාව මෙන්ම ඊට උචිත තනු නිර්මාණය ගීතයේ සාර්ථකත්වයට හේතු වි තිබේ.

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28

 

Comments powered by CComment