මේ හැඳින්වීම පුරා අපට හමුවන්නේ මීප් ගේ අාධ්‍යාත්මිකවයයි. එ් අාධ්‍යාත්මිකත්වය අාගමික වහන්තරාවකින් වැසුනු එකක් නොවේ. එය මිනිස් අධ්‍යාත්මිකත්වයයි. ජන ඝාතක යුද්ධයකට පසුත් මිනිස්භාවය වෙනුවට ජාතිය අාගම මුල්කරගෙන නැවත නැවතත් අධිපතිවාදයම ව්‍යාප්ත කරන අප රටට මේ පොතෙන් උගත හැකි පාඩම් බොහෝය. එය කියවා ඉගෙන ගැනීමට කැමැති මිනිසුන්ට මෙය මා හැඟී ග්‍රන්ථයකි.

මීප් ගීස් විසින් රචිත "Anne Frank Remembered" නම් මා හැ‌ඟී කෘති අප මිත්‍ර චූලානන්ද සමරනායක විසින් සිංහලයට නඟා අැත්තේ "අෑන් ෆ්‍රෑන්ක් මතක සුවඳ" නමිනි. මේ සටහන ලියැවෙන්නේ එය කියවා හමාර වූ විගසිනි.

2018.08.02.08

අෑන් ෆ්‍රෑන්ක්ගේ දින පොත ගැන සටහන් කීපයක්ම අප විසින් ලියනු ලැබුවේ අප පසුකර අා 30 වසරක ජන ඝාතක යුද්ධය අතර තුරය. අෑන් ෆ්‍රෑන්ක් නැමැති නව යව්වනියගේ දින පොත හිට්ලර් නම් අාඥාදායකයා දේශප්‍රේමයේ නාමයෙන් කළ දැවැන්ත ජන සංහාරය විස්තර කරන්නක් නොවන නමුදු තිරශ්චීන යුද්ධය මිනිස් දිවිය මත පතිත කරන බේදය පිළිබඳ හද සසල කරවන්නකි. 

මීප් ගීස් නම් චරිතය අපට සමීප වූයේ අෑන් ෆ්‍රෑන්ක්ගේ දින පොතටත් වඩා Freedom Writers චිත්‍රපටිය හරහාය. එ් අප රටේ 30 වසරක ජනඝාතක යුද්ධය (ඊට අදාල වු ප්‍රශ්නය නොවේ) නිමා වූ පසුවය. මෙම පොත මගින් එකී චිත්‍රපටියේදි එක් චරිතයක් ලෙස හමුවූ මීප් ගීස් ප්‍රධාන චරිතය ලෙස අපට හමු වේ.

මීප් ගීස් යනු කවරෙක්ද ?

මීප් ගීස් යනු 1909 වසරේ ඔිස්ට්‍රියාවේ වියානාහි දී උපත ලද්දියකි. ඉතා කුඩා වියේදි පළමු ලෝක සංග්‍රාමයට ඔිස්ට්‍රලියාව ගොදුරුවීම සමඟ අැති වූ දුක්ඛිත තත්වය හමුවේ නිසි පෝෂණයක් හා අාරක්ෂාවක් නොමැතිකමින් ඔිස්ට්‍රිලියාවට රැකබලා ගැනීමට නොහැකි බැවින් තවත් ඔස්ට්‍රියා ළමුන් සමඟ පෝෂණය හා අාරක්ෂාව පිණිස ඔිලන්දයට අැයව එවනු ලබයි. යුද්ධයෙන් බැට කා දරුවන්ව තමන්ගේ දරු පවුල් සමඟ රැකබලා ගැනීමට කාරුණික හදවත් තිබු ඔිලන්දයේ සාමාන්‍ය පවුල්වල මිනිසුන් භාරගත්තෝය. අැතැමුන් හැදී වැඩුනු පසු අාපසු ඔස්ට්‍රියාවට ගියත් මීප් ඔිනලන්ද වැසියෙකු සේ එහි ජීවත් වීමට තීරණය කරන්නීය.

ඔිලන්දයේදී සුන්දර යුවතියකව තාරුණ්‍යයට පිවිසෙන අෑ දෙවන ලෝක මහ යුද්ධයට මැදිවෙයි. ඔිලන්දයේ ජීවත්වන ඔටෝ ෆ්‍රෑන්ක් නැමැති යුදෙව් ජාතිකයාගේ ව්‍යාපාරික ස්ථානයේ සේවිකාවක ලෙස බැදෙන අැය ෆ්‍රෑන්ක් පවුල් සමීපතයෙකු වේ. අෑන් ෆ්‍රෑන්ක් යනු එ් පවුලේ බාල දියණියයි.

නාසි ජර්මානුවන් ඔිලන්දය අාක්‍රමණය කරන අතර ඔවුන් හා එක්වන ඔිලන්ද නාසින් ඔිලන්දයේ සිටින යුදෙව්වන් ටිකෙන් ටික විනාශ කිරීමේ නාසි ව්‍යාපෘතියට එක් වෙයි. ඉතා බියකරු කුරිරු තිරශ්චීන ජන ඝාතක යුද්ධයක තුළ ජුදෙව් ජනයාට උපකාර කිරීම වග විභාගයකින් තොරව නිසැක මරණයට හේතුවක් විය.

"නාසි අාක්‍රමණය හමුවේ හිසනයට සහ ඝාතනයට ලක්වන යුදෙවු ජනයා හට පිහිට වීම තම වගකීමක් කොට සලකන මීප් සහ අැගේ සැමියා හෙන්ක්, ඔටෝ ෆ්‍රෑන්ක් පවුලේ අය සහ ඔවුන්ගේ මිතුරන් පිරිසක් ඔිලන්දය තුළම සැඟව සිටීමට ගත් තීරණයකට සහය ඵල කරන්නේ නම් දිවියට එල්ල විය හැකි අනතුරු නොතකා ඔවුන්ගේ සැඟවුම් ස්ථානයෙහි සියළු පහසුකම් සලසන්නන් වශයෙන් කටයුතු කරමින් නිර්භීත ලෙස යුද්ධයට මුහුණ දෙති. සැඟව සිටි පිරිස පාවා දෙනු ලැබීමෙන් පසුව අෑන් ෆ්‍රෑන්ක් ගේ දිනපොත සුරැකීව තබා ගනිමින් එය පසුව ඔටෝ හට භාර කරන අවස්ථාව දක්වා මීප් විසින් කරන ලද කැප කිරීම සුවිශේෂි එකකි. පසුව මේ අත්දැකිම් අලලා අැය විසින් රචිත කෘතිය පල වීමෙන් පසුව පවා අැය අතීශය නිහතමානී ලෙස පසුවන්නී තිරයෙන් පිටුපස සිටීමට කැමති චරිතයක් ලෙසිනි. අැගේ කතාව යනු සැබැවින්ම දරුණු යුද සමයක මනුෂ්‍යත්වය උදෙසා කරන ලද අති මහත් පරිත්‍යාගයන් පිළිබඳ පුවතයි."

මේ සා වීර්යවන්ත මීප් ගීස් තම පොතේ හැඳින්වීම අාරම්භ කරන්නේ මෙසේය.

"මම වීරවරියක නොවෙමි. සාක්ෂිදරන්නන් බවට පත් අපගේ හදවත්වලට වසර ගණනාවකට පෙරාතුව නොව මේ ඊයේ දවස බඳුව දැනෙන්නා වූ එම අඳුරු සහ බියකරු කාලපරිච්ඡේදය තුළ ම විසින් කරන ලද්දා වු, නැතිනම් ඊටත් වඩා, ඊටත් වඩා බොහෝ සෙයින් වැඩි කාර්යභාරයක් ඉටුකළ යහපත් ඔිලන්ද ජාතිකයන්ගේ පෙළක අන්තිමටම මම රැඳී සිටිමි."

අැය තම හැඳින්වීම අවසන් කරන්නේ මෙසේය.

"මගේ කතාව යනු අසාමාන්‍ය කාලයක දිවි ගෙවු ඉතා සාමාන්‍ය පුද්ගලයෙකුගේ කතාවකි. එ් කාලය යනු මා නැවත නිසි දිනෙක හෝ නොඑළඹේවායි මුළු හදින්ම පැතු කාලයකි. එසේම එවන් කාලයක් යළි උදා නොවන අාකායරට වග බලාගැනීම ලොව පුරා වෙසෙනා අප වැනි සාමාන්‍ය ජනයාගේ වගකිම වන්නේය"

මේ හැඳින්වීම පුරා අපට හමුවන්නේ මීප් ගේ අාධ්‍යාත්මිකවයයි. එ් අාධ්‍යාත්මිකත්වය අාගමික වහන්තරාවකින් වැසුනු එකක් නොවේ. එය මිනිස් අධ්‍යාත්මිකත්වයයි. ජන ඝාතක යුද්ධයකට පසුත් මිනිස්භාවය වෙනුවට ජාතිය අාගම මුල්කරගෙන නැවත නැවතත් අධිපතිවාදයම ව්‍යාප්ත කරන අප රටට මේ පොතෙන් උගත හැකි පාඩම් බොහෝය. එය කියවා ඉගෙන ගැනීමට කැමැති මිනිසුන්ට මෙය මා හැඟී ග්‍රන්ථයකි.

අප මෙහි, සටහන් කරන්නේ ඉන් අංශුමාත්‍රයකි. අැවිදින අැට සැකිලි බවට පත්ව සිටි බහුතරය සේම අාක්‍රමණිකයාට එරෙහිව දිවි පරදුවට තබා ක්‍රියා කළ අැතැම් අයද නාසියන්ගේ පරාජය සටහන් වූ මොහොතේ ගිනිමැල පත්තු කරගෙන විවිධ විදිහට පාරට පිවිස සතුට භුක්ති විදි. මේ පිරිසට එක්වීමට මීප් තම සැමියාට අාරාධනා කරයි.

"එන්නකෝ හෙන්ක්, අපිත් ගිහිල්ලා අර උත්සව වලට එකතු වෙමු"

මම ඔහුගේ අතින් අැද්දෙමි.

"ඔහු සිය හිස වනා අකමැත්ත පළ කළේය. "බෑ" ඔහු කීවේය. "මං මෙහෙට වෙලා ඉන්නං. මට ඔය විදියේ සතුටුවෙන අයත් එක්ක එකතු වෙන්න හිතක් නෑ. මේ පස් අවුරුද්ද පුරාවට..." එහු දිගටම කියාගෙන ගියේය. "මගේ රටේ වෙච්ච දේවල් හොඳටම වැඩියි. මොනතරමක් මිනිස්සුන්ව මෙහෙන් අරං ගියාද, එ් අයගෙන් කවදාවත් අාපසු නොඑන සංඛ්‍යාව කීයක් වෙයි ද කියලා කියන්න පුළුවන් කාටද ? අැත්ත, යුද්ධෙ ඉවරවුණ එක ගැන මටත් සතුටුයි තමා. එ් වුණාට ගෙදරට වෙල පාඩුවේ ඉන්නයි මට ඔිනෑ"

එ් මෙම ප්‍රබල ජයග්‍රහනය ගැන සිතූ අයුරුය.

ඔිලන්දය රටක් ලෙස සිදු කරන්නේ "ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඉතිහාසය නැවත සිදු නොවීය යුතු බව පොදු මතකයට නැංවීමයි." ඔිලන්දය ශෝක වන්නේ ඔිලන්ද තුළ ජීවත් වූ ජුදෙව්වන්ට අත්වූ ඉරණමත් යුද්ධය පොදු වේ ඔිලන්දය කියන රටට හා ලෝකයට අැති කළේ ජයක් නොව ශෝකයක්ම බව එ්ත්තු ගැන්වමිනි.

"ඔිලන්ද නිල ශෝක දිනය වූ මැයි 4 වැනි දින අපි කිසිවිටෙකත් නිවෙසින් පිට නොයන්නෙමු. රැජින ද අැතුළුව බොහෝ අය එදින දේවස්ථානයට යන්නෝය. නාසින්ට එරෙහි ඔිලන්ද සටන් සගයන් පුළුස්සා දමන ලද හෝ මරණීය දණ්ඩනයට ලක් කරන ලද ස්ථානයන් කරා යන අැතැම් අය ඊට පුෂ්පෝපහාර දක්වන්නෝය. වේල්ල වීදිය චතුරශ්‍රයෙහි සමරු උත්සවයක් පවත්වනු ලබන අතර එහි වූ ජාතික සමරු ස්මාරකය අභියස රැජින සහ අැගේ සැමියා මල් කළඹක් තැන්පත් කරන්නෝ ය. හරියටම පස්වරු අටට සියලුම වීදි පහන් දල්වනු ලබන්නේ ට්‍රෑම් රථ සහ දුම්රිය නතර කරනු ලබයි. කාර් සහ පාපැදි පවා නතර කරනු ලබයි. ජනයා නිහඬව සීරුවෙන් සිට ගනිති. පහන් දල්වන්නා හා සමඟම බාෙහෝ අය නිවෙස්වලින් පිටතට ගමන් කරති. ශෝක සංගීතයක් වාදනය කෙරෙන්නේ අනතුරුව ඔිලන්ද ජාතික ගීය වාදනය කෙරෙයි. මුළු දවසම සියලු ධජ අඩකඹු කර තැබෙයි. සෑම  දෙනාම නිහඬව සිටීමට වගබලා ගනිති "

jesustodaysl 2 වන වසර 22 වන සතිය 2018 අගෝස්තු 05

Comments powered by CComment