අප හිතවත් චූලානන්ද සමරනායක සොයුරාගෙ නවතම පරිවර්තන කෘතිය වු මියැදුනු විල පසුගියදා රුසියානු සංස්කෘතික කේන්ද්‍රf්යදි එළි දුටුවා.

විශේෂත්වය වුනේ එහි කර්තෘ ප්‍රකට රුසියානු උස්බෙක් ලේඛක හමීඞ් ඉස්මායිලොව් එම අවස්ථාවට සහභාගී වීම. එය ලංකාව තුළ දුර්ලබ අවස්ථාවක්.
හමීඞ් ඉස්මායිලොව් සරල සොඳුරු මිනිසෙක්. ඔහු ඒකාධිපතිත්වයට එරෙහිව හඬ නඟන්නෙක්. තර්ගිසියාවේ උපන් ඔහු පසුව උස්බෙතිස්ථානය තම වාසස්ථානය කරගත්තෙක්. එහෙත් අද ඔහුට ඒ වාසස්ථානය ද තහනම් භූමියක් වී තිබෙනවා. ඔහු පිටුිවහල් ලේඛකයෙක්.

ඔහුගේ අදහස් දැක්වීම් නිරවුල් හා සෘජුයි. මියැදුනු විල කථා කරන්නf් ඇමරිකා - රුසියා සීතල යුධ සමයේ යුධ උන්මාදයෙන් රුසියාව සිදු කරන න්‍යෂ්ටික පර්යේෂණයන්හි සඟවන ලද බියකරු බවයි. එමගින් පරිසරයට හා මනුෂ්‍යත්වය සිදුවන ඛේදයයි.


අප යොවුන් කළ කියවුයේ රුසියානු විශිෂ්ඨත්වය පවසන ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති පමණි. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ මිනිස් වටිනාකම් අස්සේම රුසියාව වෙළාගත් අධිපතිවාදය ඇමරිකානු අධිපතිවාදය සේම බියකරු බව අද අපිට කියවාගන්නට හැකිව තිබෙනවා.


වර්ථමාන රුසියාව යනු අපි අතීතයේදි කියවු සෝවියට් දේශය නොවන බව අපි කව්රුත් දන්නවා. එසේ කීමෙන් රුසියාව මිනිස් වර්ගයාට ලබාදුන් විශ්ෂ්ඨතා අවතක්සේරු වන්නේ නෑ.
එකල අපි බෙහෙවින් ඇළුම් කළ “සෝවියට් දේශය” සඟරාව දැන් නෑ. ඊට හේතුව සෝවියට් දේශය බිඳ වැටීම. දැන් තියෙන්නේ “රුසියාව’ සඟරාව.
‘රුසියාව’ ආසන්න කලාප දෙක කියවද්දි සිතට දැනුනු පුවත් දෙකක් ගැන කෙටි සටහනක් තැබිය යුතුයි කියා සිතුනා.


රුසියානු ජනතාවගේ විශ්වාසවන්තකම ආයතනය හමුදාව දෙවෙනි අයක් ඕතඩොක්ස් පල්ලිය බැලු බැල්මට මෙය අන්ත දෙකක්. නමුත් ආගම හා රාජ්‍ය කොයිතරම් සමීපද. අතින් අතට රාජ්‍ය ආගමක් නැති රටක වුවද ආගම ජන ජීවිතයෙන් පලා ගොස් නෑ.


තවමත් ලෝකය තුළ ආගම් නොසලකා හැරිය නොහැකි කොටසක්. යහපත් සමාජයක් පතන සැමට එය සැලකිල්ලට ගන්න සිදුවෙනවා.
දෙවැනි පුවත තමයි ලොව වියදම් වැඩීම මංගල උත්සවය. රුසියාවේ පැවැති බවට වු පුවත. රුසියානු ධන කුවේරයෙකුගේ දියණියකගේ මංගල උත්සවය මංගල ගවුම පමණක් ශ්‍රී ලංකාවේ මුදලින් රු කෝටි 9 ක් (90 000 000 ක්) අධි පරිභෝජනය පිටු දකින සමාජවාදි වටිනාකම් හා සමානතාව අපේක්ෂිත කල රුසියාව තුළ ධනවාදය රජ වී ඇති ආකාරය ඉන් කදීමට ප්‍රකාශ වෙනවා. ලෝකය යහපත් තැනක් කිරිමේ සටන එදාට වඩා අද දුෂ්කරයි. එහෙත් එය අත් නොහල යුතුයි.

jesustoday 33 සතිය 2017 ඔක්තෝම්බර් 15

 

 

Comments powered by CComment