කාන්තාරු මාස්ටර් කෙනෙකු වූවත් අයිවෝ ගේ පියා ඔහු සංගීතය හැදැරිම හා ගායනයට යොමුවීම කෙරෙහි පහත් සිතකින් නොබැලුවේය. සංගීතයට යොමුවීමෙන් ඔහුගේ ජීවිත ගමනට අයහපතක් වේ යැයි සිතූ පියා සුනිල් සාන්තයන් අැසුරේ සංගීතය ඉගෙනීමට තම යුතු කළ ඉල්ලීමට අනුකූලතාවයක් නොදැක්විය. එහෙත් අයිවෝ ඩෙනිසුන්ගේ වචන වලින් කීවොත් අම්මා මරියා තුමිය සේ මැදිහත් වී මංපෙත විවර කර දුන්නාය.

අයිවෝ ඩෙනිස් නම් වූ විශිෂ්ඨ ගායකයා තනු රචකයා, රංගන ශිල්පියා, වාදකයා, ගුරුවරයා එ් සියල්ලටම වඩා නිර්ව්‍යාජ, නිරහංකාර, නිහතමානි මිනිසා ජූනි 18 වනදා සිය දිවියේ 86 වෙනි වියේදි අප හැර ගියේ ලාංකේය ගී කෙතට මෙන්ම කිතුනු ගීත කලාවටද පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි.

1932 මැයි 28 වනදා සීදුව ශාන්ත මරියා දෙව් මැදුරේ කන්තාරු මාස්ටර් වූ දොන් ප්‍රැන්සිස් අැලෝසියස්ට දාව මරියා රැදිගුගේ කුසින් මෙලාෙව එළිය දුටු පැස්කුවෙල්ගේ දොන් ඔගස්ටින් අයිවෝ ඩෙනිස් පසුව සුනිල් ශාන්තයන්ගේ අග්‍ර ගෝල රත්නය ලෙස ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ගායකයෙකු බව පත් විය. 

දේව සැලැස්ම

අයිවෝ ඩෙනිස්ගේ අැදහිල්ල අනුව දෙවියන් වහන්සේ ඔහුගේ සාංගික ගමන සැලසුම්කර තිබුණේ සුනිල් සාන්තයන්ගේ සංගීත භුමිකාව සමඟ සමාන්තරව යන්නටය. 1952 දී විසි හැවිරිදි ඩෙනිස් තරුණයා එවකට  ගුවන් විදුලියේ වෙළඳ සේවයේ අාධුනික පැය වැඩ සටහනකට සහභාගී වී සුනිල් ශාන්තයන්ගේ "වරෙන් හීන් සැරේ රිදි වළාවෝ" ගීතය ගායනා කරද්දී අහම්බෙන් එය අසන සුනිල් ශාන්තයත් එ් ගායනයෙන් විශ්ම පත්වීම ඔහුගේ සංගීත දිවියේ හැරහුම් ලක්ෂය විය.

තම හඬට සමාන හඬින් තමා හා බොහාේ සමානව ගැයු මේ තරුණයා කව්දැයි සුනිල් ශාන්තයන් සොයා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස අයිවෝ සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හැදැරීම අරඹන්නේය.

අම්මාගේ අාදරය.

කාන්තාරු මාස්ටර් කෙනෙකු වූවත් අයිවෝ ගේ පියා ඔහු සංගීතය හැදැරිම හා ගායනයට යොමුවීම කෙරෙහි පහත් සිතකින් නොබැලුවේය. සංගීතයට යොමුවීමෙන් ඔහුගේ ජීවිත ගමනට අයහපතක් වේ යැයි සිතූ පියා සුනිල් සාන්තයන් අැසුරේ සංගීතය ඉගෙනීමට තම යුතු කළ ඉල්ලීමට අනුකූලතාවයක් නොදැක්විය.

එහෙත් අයිවෝ ඩෙනිසුන්ගේ වචන වලින් කීවොත් අම්මා මරියා තුමිය සේ මැදිහත් වී මංපෙත විවර කර දුන්නාය. පියාගේ අනුබලය නොලැබුනද ජීවිතයේ මුල්ම ගීතය වූ අම්මාගේ අනුබලයෙන් ඔහු තමාගේ කැඳවීමට පිළිතුරු දීම අැරඹුවේය.

කිතුනු භාෂාවෙන් කීවොත් අයිවෝ ඩෙනිසුන්ගේ ජීවිත මෙහෙවර වූයේ සංගීතමය දූත මෙහෙවරකි. 

සුනිල් ශාන්තයන්ගේ ගීයක් ගයමින් අැරඹු සංගීත චාරිකාවේ ඊළඟ පියවර තබමින් ඔහු තමාගේම වූ මුල්ම ගීතය වූ "කුරුළු පාරාදීසයේ  කුරුලු ගීත සාගරේ" ගායනා කළේද සුනිල් සාන්තයන් ගුවන් විදුලියට ඉදිරිපත් කළ රන් වලාව සංගීත වැඩ සටහනකටය. තිලක සුධර්මන් රචනා කළ අයිවෝ ලකුණ සළකුණු කළ එම ගීතයේ තනුව හා සංගීතය සුනිල් ශාන්තයන්ගේම විය. එතැන් සිට මිය යන තෙක්ම අයිවෝ ඩෙනිසුන්ගේ සන්නාමය බවට "කුරුළු පාරාදීසේ" පත් විය.

ලෙස්ටර් ගේ ඉල්ලීම පළමුව ඉවත දමා මර්සලිනු ජයකොඩි පියතුමාගේ නැවත නැවත කළ අැවිටිල්ල නිසා භාරගත් හෙළ සිනමාවේ හැරහුම් ලක්ෂ්‍ය වූ රේඛාවේ සංගීතය හා ගායනය සුනිල් ශාන්තයන් වෙනුවෙන් ඉන්දියාවට ගොස් මෙහෙය වූයේ අයිවෝ ඩෙනිසුන්ය. රේඛාව සඳහා " අනුරුපුර, පොළොන්නරුව, සීගිරය මන බන්ධනීය" ගීතය ගයමින් අයිවෝ ඩෙනිසුන් අාරම්භ කළ චිත්‍රපට පසුබිම් ගායනය 1985 වසරේදි හොඳම චිත්‍රපටි පසුබිම් ගායකයා සම්මානය දක්වා විස්තාරණය විය. ඔහු එ් සම්මානය හිමි කර ගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ට හිමකතර චිත්‍රපටිය වෙනුවෙන් ගැයූ "කන්ද එහා වැස්ස වහිනවා" ගීතයටය.

ශ්‍රී ලංකාවේ අග්‍ර ගන්‍ය සංගීතඥයෙකු වන ප්‍රේමසිරි කේමදාසයන් ස්වකීය නිර්මාණ සඳහා අයිවෝ ඩෙනිසුන් සම්බන්ධව කර ගැනීම ඩෙනිසුන්ගේ සුවිශේෂ ප්‍රතිහාවට ලබාදුන් සම්මතයක් බඳුය. ඩෙනිසුන් කේමදායන්ගේ "මානස විල" "මගේ කාලේ මව්නි" "පිරිනිවන් මංගල්‍යය" අාදි ඔපෙරා සඳහාද "රජ වැඩ" කැසට් පටය සඳහාද ඩෙනිසුන් සම්බන්ධ කර ගත්තේය.

කිතුනුවෙකු ලෙස ඩෙනිසුන් ඉතා සතුටට පත් වු ගායනයක් වන්නේ කේමදාසයන් විසින් සංගීතවත් කළ "අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ" ගීතය සඳහා  ටී. එම්. ජයරත්න සමඟ එක්වීමයි. රවින්ද්‍රනාත් තාගෝර්යන්ගේ එකි විශිෂ්ඨ ගීතය ප්‍රේමදාස අලවත්තයන් විසින් සිංහලට නැගු අතර සංගීතය නිර්මාණය කේමදාසයන්ගේය.

රජයේ සංගීත ගුරුවරයෙකු වූ ඩෙනිසුන් ජන සංගීතය පිළිබඳ ගුරු උපදේශක තනතුරද දැරිය. ඔහු සෙවනේ හැදුනු වැඩුනු විශිෂ්ඨ ගෝල පරපුර අතර එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, මාලනි බුලත්සිංහල, බන්දුල විජේවීර අාදින්ද සිටි.

කිතුනු සංගීතයට කළ දායකත්වය.

අයිවෝ ඩෙනිසුන් කිතුනුවෙකු ලෙස කිතුනු ගීතිකාවට හා සංගීතයට කළ දායකත්වය සුවිසල්ය. එය දීර්ඝ නිබන්ධනයකින් විමසිය යුත්තකි. ප්‍රස්තුත කාරණයේදි ඔහු කිතු දන පුබුදුව අැසුරින් නිර්මාණ කළ ගී රචනා හා විශේෂයෙන් තනු රචනා සුවිශේෂිය. එ් හැරුනු විට බොහෝ පියතුමන්ලා තමන්ගේ ගීතිකා නිර්මාණ වලට අයිවෝ හඬ එකතු කරගෙන අැත.

ජනප්‍රිය බව හඹා නොගිය මේ නිරහංකර සංගීත දේව දූතයාගේ දිව්‍යමය හඬ මාධුර්ය තව බාෙහෝ කල් නොනැසි අැසෙනු අැත. ඔහු ලාංකේය සංගීත ඉතිහාසයේ වෙසෙස් පරිච්ඡේදයකි.

 

jesustodaysl 2 වන වසර 16 වන සතිය 2018 ජූනි 24

 

 

Comments powered by CComment