මේකෙන් මොකක්ද ඔහේ කරන්ඩ හිතාගෙන ඉන්නේ ? 

අඳ දැරිය ඉන් ද වු පසුව බිරිඳ මගෙන් ප්‍රශ්න කළාය. දැරිය අප‍්‍රාණවාචිකව හදුන්වනු ඇසු මගේ යටි සිත කීරිගැසි ගියේය. මගේ කෝපය පාලනය කරගනු වස් මට සෑහෙන ආයාසයක් දරන්නට සිදු විය. කෙසේ වතුදු මා මගේ අතිශය නිශ්චල එමෙන්ම දීර්ඝ වු භාවනාවේ ගැළී හුන් බැවින් මම මා පාලනය කරගෙන එක අතක් දැරිය මත තබාගෙන අප වටා සිටි ඔවුන් දෙසට හැරුණෙමි.

”මම මංමුළා වු බැටළු පැටවා රැගෙන ආවෙමි”
හැකි උපරිම සංයමයෙන් යුතු ව කියා සිටියෙමි. 

සාධු සංධ්වනිය

නොබෙල් ත්‍යාගලාභි ප්‍රංශ මහ ගත්කරු අන්ද්‍රේ ෂිද් ගේ  LA SYMPHONIE PASTORALE  (සාධු සංධ්වනිය) කෘතිය ගැඹුරු කි‍්‍රස්තියානි අවලෝකයකට මඟ පාදන විශිෂ්ට කෘතියකි.

අන්ද්‍රේ් ෂිද් ට අනුව මෙය නව කථා ගණයට නොව රචනා (RECIT) ගණයට අයත් වන කෘතියකි. අන්ද්‍රේ ෂිද් ලෝක සාහිත්‍ය තුල දුර්ලභ ගණයේ අදීන සාහිත්‍ය කරුවෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වේ. ඔහුගේ සාහිත්‍ය ඇතැම් විචාරකයින් ”ෂිදියානු මහා සාහිත්‍යය” ලෙස හඳුන්වයි. මේ මහා සාහිත්‍යවේදියා ව්‍යාජ සදාචාරවාදිත්වය පසෙකලා තමා දැරු හා භාවිතයේ යෙදු නිදහස් ජීවන දර්ශනය හා සෞන්දර්යාත්මක සංකල්පය අදීනව හා විවෘතව කියා පෑවෙකු ලෙස සලකනු ලබයි.

ෂිදිගේ කෘතිවල දැකිය හැකි යැයි විචාරකයින් පවසන ෂිදියානු සදාචාරය වනාහි අන් කිසිවක් නොව හැම දෙයකටම දක්වන අවංක බව හා විවෘත බව හෙවත් මිනිසත්බව යන්න සාධු සංධිවනිය තුළින්ද මොනවට විශද වේ.

ෂිද්ගේ මෙම කෘතිය තේරුම් ගැනිමේදි ඔහුගේ පවුල් පසුබිම යම් පමණකට හදුනා ගැනිම වැදගත් වෙයි. ෂිද් පැවත එනුයේ රෙප‍්‍රමාදු සභාවන්ට අයත් පවුලකිනි. ඔහුගේ මව කලින් කතෝලිකව සිට පියුරිටානු සභාවට හැරුනු කෙනෙකි. උග්‍ර ප්‍රතිපත්ති ගරුක පියුරිටානු පවුලක ඔහුගේ ජිවිතය හැදි වැඩි ඇත.

සාධු සංධ්වනිය ගලා යන්නේද රෙප‍්‍රමාදු පූජක තුමෙකුගේ ආත්ම කථනයක් විලාසයෙනි.

ලෝකය දකින්නට දෑසක් නොමැතිව අන්ත දිළිඳුභාවයේ පතුළටම වැටි කාත් කවුරුත් නොමැති අසරණ දැරියකට පිහිට වීමට රෙප‍්‍රමාදු පූජක තුමෙකු ගන්නා අවංක උත්සහයත්, පූජක ස්වාමි පුරුෂයාගේ එම උත්සහයට දායක වීමට වන පූජක බිරිඳගේ චින්තභ්‍යන්තරත් දැස නොපෙනුනද යෞවනෝදයෙන් පිබිදෙන යුවතියගේ හැඟිම් සමුදායත්. එම යෞවනිය වෙත ඇදියන පූජකවරයාගේ එකම පුතුගේ කි‍්‍රයා කලාපයත්, ඊට ප්‍රතිචාර දක්වන පූජක පියාගේ චින්තාභ්‍යන්තරයත් මෙම කථාව මගින් විවරණය කරන්නේ අතිශ්‍ය රමණිය ආකාරයකට ජීවිත අවබෝධය වෙත පාඨකයා ගෙන යමිනි.

පූජක තුමාගේ දීර්ඝ දින සටහන් පෙළක් ලෙස කථාව දිග හැරේ. වර්ණනා වලින් තොරව කෙලින්ම කථාව පටන් ගන්නා අතර තමා කව්ද? කථාව කුමක්ද? යන්න ආරම්භයේදීම පවසයි.

දින තුනක් තිස්සේ අනවරතයෙන් සිදුවන මහා හිම පතනය හේතුකොටගෙන මංමාවත් වැසිගිය අතර, වසර පහළොවක පටන් මසකට දෙවරක් මා විසින් දේව මෙහෙය පැවැත්වෙන ‘රේ’ කරා මට යාගත නොහැකි වුයේය. බ්‍රෙවින් හි දෙව් මැදුරට අද උදේ රැස්ව සිටියේ ද බැතිමතුන් තිස් දෙනෙකු පමණ වු පිරිසකි.

මා වෙත බලෙන් මෙන් ආරෝපණය වි තිබෙන මෙම විවේකය උපයෝගි කරගෙන අතීතය කරා ගමන් කරමින් ගෙර්තා හදා වඩා ගැනිමේ වගකිම මා වෙත පැවැරුණු ආකාරය කියන්නට මම බලාපොරොත්තු වෙමි. මගේ මෙම දින සටහනෙහි මෙම බැතිමත් ආත්මය ට ඉගැන්වීමත් ඇගේ වැඩිමත් සම්බන්ධයෙන් සියලූ ම විස්තර ලියා තබන්නට මම අදහස් කරමි. මට හැඟි යන්නේ මෙම ජිවියා මා විසින් අන්ධකාරයෙන් ආලෝකය වෙත ගෙනෙනු ලැබ සිටින්නේ ඇගයීමට සහ ආදරය කිරිමට පමණක් බවය. මෙම උතුම් කාර්යය මා වෙත පැවැරිම ගැන දෙවියන් වහන්සේට ස්තුති වේවා !

පූජකවරයාට ගෙර්තා (අන්ධ දැරිය) හමුවුනු ආකාරය ඉහත ජේද දෙකෙන් පසු විස්තර කරනුයේ හැකි තරම් සංක්ෂිප්තව නමුත් ප්‍රබල හැඟිම් දනවන ආකාරයෙනි.

මෙයින් දෑවුරුදු සමසකට පෙර දිනක මා ෂෝද්ෆොං සිට ආපසු පැමිණේද්දි මා නාදුනන දැරියක් තම කඩිසර දෙපා පොඩි තබමින් මා සොයා පැමිණයා ය. ඇ පැමිණ සිටියේ මයිල හතක් දුරින් පිහිටි ගමක මරණ මඤ්චකයේ වැදහුන් දුප්පත් මහලූ ස්තී‍්‍රයක කරා මා කැඳවාගෙන යාම සඳහාය. ඒ අවස්ථාවේ අශ්වයා සිටියේ රියේ බැඳ ගමන්ම ය. බිම් කළුවර වැටෙන්නට පෙර ආපසු එන්නට නො ලැබෙන බව හැගී ගියෙන් ලත්තෑරුම ද රැගෙන මම දැරිය රියට නංවා ගතිමි.

ඉතා නොදියුණු ගැමි පරිසරයක මිනිස් වාසයක් ඇතැයි නොසිතන තරම් වු දිළිඳු පැල්පතක් තුළදි පියතුමාට රෝගියා දැකිය හැකිවන විටත් ඇය මිය ගොස් සිටියාය. ඔහු කැඳවාගෙන යාමට පැමිණි සිටියේ මියගිය මහලූ ස්ති‍්‍රයගේ මිනිබිරිය ලෙස තමා සිතුමුත් ඇගේ සේවිකාවයි. මිනිය අසල රැදි සිටියේ අසල්වැසි කාන්තාවකි.

අවසාන මොහොතේදි පූජකයෙකුගේ යාච්ඥාව කි‍්‍රස්තියානින් අපේක්ෂා කරයි. පූජක තුමාව කැඳවා ඇත්තේ ඒ වෙනුවෙනි. නමුත් ගැහැණිය මිය ගොස් ඇති නිසා පූජක තුමාගේ කාර්යභාරය වෙනස් වෙයි.

එම මහලූ කාන්තාව දුක් නොවිද පරලෝ සැපත් වු බව එම අසල්වැසි කාන්තාව පැහැදිලි කළාය. අපි එකතු වි අවමංගල චාරිත්‍ර සහ භූමදාන කටයුතු පිලිබඳව එකඟතාවයකට එළඹුණෙමු. බොහෝ අවස්ථාවල සිදුවන පරිද්දෙන් මෙම පිටිසර ගම්මානයේ දි ද සියල්ල ම තීරණය කිරිමේ වගකිම් මා වෙත පැවැරුණී. දුගී පෙනුමැති එම පැල්පත සේවක දැරියටත් අසල්වැසි කාන්තාවටත් පවරා යාම මට තරමක් අපහසු කරුණක් වු බව මෙහි ලා සඳහන් කළ යුත්තේය. එම දිළිඳු පැල්පතේ මුල්ලක සැඟ වු කිසියම් ධනයක් ඇතැයි සිතිම පවා අසීරු විය. මා කළ යුත්තේ කුමක්ද? කොහොම නමුත් මහලූ ස්තී‍්‍රය කිසියම් උරුමයක් ඉතිරිකර ගොස් ඇද්දැයි මම විමසීමි. එකෙනෙහි අසල්වාසිනිය ඉටිපන්දමක් අතට ගත්තාය. එය රැගෙන පැල්පතේ මුල්ලකට ගියාය. නිදා සිටිතැ යි හැඟෙන පැහැදිලිව හඳුනාගත නොහැකි ජීවියෙකු උදුන අසල වැතිරි සිටිනු මගේ නෙත ගැටුණේය. ගණව වැඩිගිය කෙස් වැටියෙන් එම ජීවියාගේ මුහුණ මුළුමනින්ම ම පාහේ වැසිගොස් තිබුණි.

පූජක තුමාට අන්ධ දැරිය හමුවන්නේ එසේය. ඇය ගැන අසල්වැසි කාත්තාව කරන විස්තරය පූජකතුමා තුළ අමනාපයක් ඇති කරයි. අන්ධ අසරනියක ගැන සමාජ ආකල්පය සංවේදි සිතක් හිර වට්ටන සුළුය. අප අතර එවැනි නිගමන කොතරම් තිබේද?

”මේ අන්ධ කෙල්ල ඇගේ ලේලියක්, මෙහෙකාරියට කියලා තියෙන්නේ එහෙමයි. දැනට මුළු පවුලෙන්ම ඉතුරු වෙලා ඉන්නේ ඔච්චරයි. මං හිතන්නේ ඒකිව අනාථ මඩමකට යැව්වොත් හොඳා කියලයි. එහෙම නොකොළොත් මේකිට මොන ඉරණමක් අත්වෙයිද කියලා හිතාගන්ඩත් අමාරුයි.

පූජක තුමා දැරිය තමා භාරයකට ගැනිම ගැන විස්තර කරන්නේ අවංකමය. තමා තුළ පළමු නිමේෂයේ එවැනි හැඟීමක් නොතිබු බව පවසමිනි. නමුත් අසරණයා වෙත පිහිටවීමේ සැබැ කිතුනු ආධ්‍යාත්මිකත්වය එම බාර ගැනිම තුළින් ඉස්මතු වේ.

මෙම අසරණ අනාථ දැරියගේ වගකීම මා විසින් බාරගත යුතුව ඇතැයි යන අදහස එකවිට ම මා සිත තුළ ජනිත නොවිය. නමුත් ඇඳ විට්ටම අසලට වි අසල්වැසි ගැහැණියත් ළමා සේවාකාවක් මාත් දණ ගාගෙන යාච්ඥාවේ යෙදි සිටියදි වඩා නිවැරදි ව කිවහොත් මා යාච්ඥාවේ යෙදි සිටියදි දෙවියන් වහන්සේ මගේ ගමන් මගෙහි මා වෙත එක්තරා යුතුකමක් පවරා ඇති බවත් බියගුළු කමකින් තොරව එම යුතුකම පැහැර හරින්නට නොහැකි බවත් මට එක්වර ම ඇඟි ගියේය.

ඈ කැටුව ගොස් මා කළ යුත්තේ කුමක් ද? ඈ බාර කළ යුත්තේ කාට ද? වැනි ප්‍රශ්න කිසිවක් නොනගා ම නැගි සිටි මම එම සන්ධ්‍යාවේ ම දැරිය කැටුව යාමට තීරණය කළෙමි.

පූජක තුමා තම අස්රියේ දරුවා දමාගෙන ඒ රාතී‍්‍රයේදිම පූජක නිවහන බලා පිටත් වේ. ඒ එන අතර තුර ඔහු ඒ ජීවිතය ගැන මෙනෙහි කරයි. සෑම ජීවියෙකු තුළම දිදුලන ආත්මයක් ඇත.

විනිවිද දැකිය නොහැකි මෙම ශරිරය තුළ ආවරණය යු ආත්මයක් නිසැකයෙන් ම පැවැතිය හැක්කේය. දෙවියනි නුඹ වහන්සේගේ කරුණාවේ ආලෝක ධාරාවෙන් මෙම ආත්මය තෙමියේවා. දෙවියනි ඇ මෙම බියජනක වු මහා අන්ධකාරයෙන් මුදවා ගැනිම පිණීස මගේ පේ‍්‍රමයට අවස්ථාව සලසා දෙන සේක් ද?

ඒ මෙනෙහි කිරිම අතර තුර පූජක තුමාගේ සිත දිවයන්නේ තම නිවස වෙතටයි. බඹසර රකින කතෝලික පූජකයෙකු මෙන් නොව විවාහ ජිවිතයක් ගත කරන රෙප‍්‍රමාදු පූජකවරයෙකුට තම ජනතාව සේම තමාගේ පවුලක්ද පෝෂණය කිරිමට සිදුවේ. මෙම කථාව තුල ප්‍රබල භූමිකාවක් බවට පත් වන පූජක තුමාගේ බිරිය ගැන ප්‍රථම වරට අවධානය යොමු වන්නේ මෙතැනදීය.

අශ්වකරත්තය දක්කමින් සිටින අතර තුර මා කල්පනා කළේ අප දෙදෙනා නිවස කරා ළඟාා වන විට සිත් බිඳවන සහ කෝපය දනවන ආකාරයේ පිළිගැනිමක් සිදු නොවන්නට වගබලා ගත යුත්තේ කෙසේද යන්න ගැනය. මා තුළ සැබවින්ම ඒ පිලිබඳව දැඩි නොඉවසිල්ලක් ද හටගෙන තිබුණි.

මගේ බිරිඳ යහගුණය පිරි තැනැත්තයකි. අප දෙදෙනාට පසු කරන්නට සිදු වු අපමණ දුෂ්කර අවස්ථාවල දි පවා ඇගේ උත්කෘෂ්ට වු හදවත ගැන මා තුළ කිසි ම සැකයක් පහළ වි නොතිබුණි. නමුත් ඇගේ නෛසර්ගික දයාශීලිත්වය හදිසි කැළඹීම්වලට ඔරෝත්තු නොදෙන්නේය. සකසුරුවමට හා අරපිරිමැස්මට හුරු වු තැනැත්තියක වන ඕ යුතුකම් ඉටු කිරිමෙහිලා වු ව ද ඈ පිළිගත් ඇගේ ක්‍රමය ඉක්මවා වෙනත් ආකාරයට කි‍්‍රයා කිරිමට ඉදිරිපත් නොවන්නීය. ඇගේ දයාශීලිත්වය පවා පදනම් වී ඇත්තේ පේ‍්‍රමය සිඳි වියලී යා හැකි උල්පතක් ය යන සිතුවිල්ල මතය. අප දෙදෙනා අතරැති එක ම ප්‍රතිවිරෝධතාව ද එය ම වන්නේය. එම අන්ධකාර සන්ධ්‍යාභාගයේ මා මෙම දැරිය කැටුව එනු දුටු මගේ බිරිඳ තුළ පහළ වු සිතිවිලි පහත සඳහන් වදන් මගින් පිටවන්නට විය.

”මොකක්ද ඔයා ඔය ආයේ කරගහ ගත්තේ?”

බිරිඳගෙත් වැඩිහිටි දරුවන්ගෙත් ප්‍රතිචාරයටත් වඩා පවුලේ බාලය වු ෂර්ලොක් සැබැ මනුෂ්‍ය ප්‍රතිචාරයක් දක්වයි. වැඩිහිටි සමාජය විසින් යටපත් කරන තරු කුඩා දරුවා තුළ සැබැ මිනිසා ජීවත් වෙයි.

සැබැවින්ම මා බලාපොරොත්තු වුවාට වඩා මෙම පිළිගැනිම කොපමණ නම් වෙනස් ද? මගේ හුරතල් කුඩා දියණිය ෂර්ලොක් අලූත් යමක් අලූත් ජිවමාන යමක් රථයෙන් පිටතට පැමිණෙන බව දුටු වහාම අත්පොඩි තලමින් නටන්නට පටන් ගත්තාය. එහෙත් ඒ වන විට මවගේ බහට නැඹුරුව සිටි සෙස්සෝ ඇ නිහඬ කරවා පාලනය කළහ.

බිරිඳගේ විරෝධය මැද අසරණ වන පූජක තුමා තමා කළ දේ සාධාරනීකරනය කරන්නේ කිතු තුමන්ගේ උපමාවක් ඇසුරිනි. කිතුනුවෙකුගේ විශේෂයෙන් කිතුනු පූජකයෙකුගේ වටිනාකම රැුදි තිබෙන්නේ නැති වු, මංමලාවු බැටළුවා කෙරෙහි දක්වන කැපවීම මතය.

මේකෙන් මොකක්ද ඔහේ කරන්ඩ හිතාගෙන ඉන්නේ ?

අඳ දැරිය ඉන් ද වු පසුව බිරිඳ මගෙන් ප්‍රශ්න කළාය. දැරිය අප්‍රාණවාචික හදුන්වනු ඇසු මගේ යටි සිත කීරිගැසි ගියේය. මගේ කෝපය පාලනය කරගනු වස් මට සෑහෙන ආයාසයක් දරන්නට සිදු විය. කෙසේවතුදු මා මගේ අතිශය නිශ්චල එමෙන්ම දීර්ඝ වු භාවනාවේ ගැළී හුන් බැවින් මම මා පාලනය කරගෙන එක අතක් දැරිය මත තබාගෙන අප වටා සිටි ඔවුන් දෙසට හැරුණෙමි.

”මම මංමුළා වු බැටළු පැටවා රැුගෙන ආවෙමි”
හැකි උපරිම සංයමයෙන් යුතු ව කියා සිටියෙමි.

ජූජකවරයා තම බිරිඳගේ වේදනා පිරිපත අවබෝධ කර ගනි. ඇය තම වෙහෙස මහන්සිය ගැන කියන කථා පූජක තුමා තුල ඇති කරන හැඟිම කථාකරුගේ අවංක බව කදිමට නිරූපණය කරයි.

ඈ කෝපයෙන් පිට කළ පළමු වදන් මගේ දෙසවන වන් කළ මගේ හදවත ජේසු ස්වාමි දරුවන්ගේ වදන් කීපයක් මා මුවගට නැංවිය. එහෙත් නිරන්තරයෙන් ශුද්ධ වු ග්‍රන්ථයේ පිහිට සොයා යාම අනුවිත යැයි සිතු මම ඒ වදන් වහා ගිලගත්තෙමි. කෙසේ වෙතත් ඈ හෙම්බත් වු බව පවසමින් තම මහන්සිය ගැන කරුණු ඉදිරිපත් කළ මොහොතේ මම ලජ්ජාවෙන් මිරිකුණෙමි. එසේ වූයේ මගේ නොසැලකිළිමත් අධික උද්යෝගය හේතුකොටගෙන කීපවරක් මා බිරිඳට අමතර බරක් ඇති කර තිබුණු හෙයිනි. කෙසේ නමුත් මෙම දෝෂාරෝපන හේතුකොටගෙන මට මගෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි විය.

තව දුරටත් පූජක තුමාගේ විවෘත හා අවංක හදවත නිරූපණය කිරිමට කතුවරයා ගන්නා උත්සහය විශිෂ්ටය. තමා කොයිතරම් යහපත් අයෙකු දැයි කිමට මිනිසෙකු තුල ඇතිවන හැඟිම පූජක තැන නොවලහා පවසයි.

ඒ රාතී‍්‍ර ආහාරය වළදන වේලාවයි. අපගේ මහලූ රොසාලි අපට ආහාර පිළිගන්වන ගමන් මගේ රැකවරණය පතා පැමිණ සිටින අලූත් දුවණිය දෙස ඉතා අමනාප බැල්මක් හෙළුවාය. මේ අතර මා අපේ අලූත් අමුත්තිය වෙත දිගු කළ සුප් පිඟාන ඕ එක් වරම ගිල දැම්මාය. ? බොඳුන නිහඬව ගෑනුණි. මට මගේ නිර්භීත කි‍්‍රයාව ගැන කෑම මේසයේ දි කථා කරන්නට සිතක් පහළ විය. මගේ දරුවන් අමතමින් ඔවුන්ගේ සිත් සසල කරවා මගේ කි‍්‍රයාවේ උසස්කම ඔවුනට වටහා දෙන්නට ඕනෑ විය. මෙවැනි පරිපූර්ණ අද්දැකිමක අපුර්වත්වය විදහා පාමින් ඔවුන්ගේ අනුකම්පාව සහ දයාව දේව මැදිහත්වීමෙන් මගේ අලූත් දැරිය කෙරෙහි යොමු කරවාලීමට මට සිතුණි. නමුත් අමෙලිගේ කෝපය ඇවිස්සෙතැයි බියෙන් මම නිහඬවීමි. එම සිදුවීම අමතක නර වෙනත් දෙයක් ගැන සිතන්නට අණ දී ඇති බවක් පෙනුණ ද අප කිසිවකුහටත් වෙනත් දෙයක් ගැන සිතන්නට කිසිසේත ම නොහැකි විය.

විවාහක පූජක ජීවිතයේ පවතින අරගලයන් සාධු සංධ්වනිය තුල ඉතා මැනිවින් සිත්තම් වේ. විශේෂයෙන් දැඩි ප්‍රතිපත්ති රාමුවක කි‍්‍රයාත්මක වන එකි ජිවිතය ආර්ථික වශයෙන් සශී‍්‍රක නොවේ. අනෙක් අතින් ජනතාව සඳහා කැපවීමේදි තම පවුල පිලිබඳ කැපවීම ගිලිහියාමට ඇති ඉඩකඩ ඉහළය. එවිට පූජකවරයාගේ බිරිඳ පූජකවරයාටත් වඩා දැඩි කැපවීමකට නිතැතින්ම උරුම කම් කියන්නියක බවට පත් වේ. ගෙර්තා ගැන ගන්නා තීරණයේ වැඩි වගකීම තම බිරිඳ පිට පැටවිම කොයිතරම් සාධාරණද යන සිතුවිල්ල පූජකවරයා පෙළයි.

මෙම අඳ දැරිය ගෙදරට කැඳවාගෙන ආ මොහොතේ ඇය අප නිවසේ කිනම් විධියේ ස්ථානයක් හිමිකර ගනි වී දැයි සිතා ගැනිම මට අසිරු වු බව මම කලින් සඳහන් කෙළෙමි. මගේ භාර්යාවගේ සුළු විරෝධය මට වටහාගත හැකි විය. අප සතුව තිබෙන සම්පත් ප්‍රමාණයේ සීමිත කමත් දැරියට අප නිවසෙහි ලබා දිය හැකි ස්ථානය ගැනත් මම අවබෝධයෙන් සිටියෙමි. මා නිතර කරන පරිදි නෛසර්ගිකව හා ප්‍රතිපත්ති පදනම් කරගෙන කි‍්‍රයාත්මක වීමි. එමෙන් ම ඒ ආකාරයෙන් කි‍්‍රයා කරද්දි මා අපහසුවේ හෙලන සුළු සුලූ වියදම් ගැන කිසිසේත් නොතැකුවෙමි. (මගේ මෙම ස්වාභාවය දහම් පොතේ එන ඉගැන්වීම්වලට එකඟ නොවෙතැය යි මට බොහෝ අවස්ථාවල සිතුණි) අනෙක් කරුණ නම් දෙවියන්වහන්සෙ කෙරෙහි විශ්වාසය තැබිම සහ අනිකෙකු කෙරෙහි වගකිම පැවරිමය. අමෙලිගේ කර මත ඉතා බරපතල කාර්යභාරයක් ම විසින් පවරණ ලදැයි මට වැටහි ගියේය.

අපිරිසිදු බවින්ද නොහික්මුණ බවින්ද යුතු වු අඳ දැරිය දක්වන ප්‍රතිචාර ඉදිරියේ පූජක තුමා පවත්වන අපේක්ෂාභංගත්වයද නොසඟවා අනාවරණය කිරිමට කතුවරයා උත්සුක වෙයි.

ඇගේ අවධානය යොමු කර ගනු පිණිස ගන්නා සුළු හෝ උත්සාහයක දි ඈ කරන්නේ තිරිසන් සතෙකු කරන්නාක් මෙන් කෙඳිරිමය. බුම්මාගෙන සිටින ඇගේ එම ඉරියව්ව යටපත් වි යන්නේ අහර කිස සඳහා වේලාව එළැඹී විටදී පමණි. ඇගේ ආහාරවේල සැපයෙන්නේ මාතින් ම ය. බලාගෙන සිටිමට බැරි තරම් අපි‍්‍රය ජනක ආකාරයට තිරිසන් සතෙකු පරිද්දෙන් කෑදරකමකින් යුතුව ඈ ආහාර බඳුන වෙත පනීන්නීය. ආදරය ආදරයට පමණක් ප‍්‍රතිචාර දක්වන්නක්සේ මෙම ජිවියා ප්‍රකට කරන දැඩි ප්‍රතික්ෂෝපය හේතුවෙන් මා තුළ එක්තරා ආකාරයක අප්‍රසන්න හැඟිමක් ලියලන බවක් මට වැටහෙන්නට විය. සැබවින් ම පළමු දින දහය තුළ මා වෙත ඉතා මහත් වු බලාපොරෙොත්තු සුං විමක් ඇති වු බව මා පිළිගත යුතුය. එපමණක් නොව ඈ කෙරෙහි මා තුළ පැවැති උනන්දුව කොපමණ දුරට අඩු වුවාද යත් ඈ කැටුව පැමිණිම පිලිබඳව පසුතැවිල්ලක් වැනි සිතිවිල්ලක් ද මා තුළ උපන්නේය. මෙම සිතිවිල්ල මා සිත කොනහන්නට පටන් ගත්තේය.

දෙව් ගැති වරයාට මේ දැරියගේ ජීවිතය ගොඩනැගිම සඳහා සුවිශාල කාලයක් කැප කිරිමට සිදු වේ. ඒ කැපවිම ඵල රහිත බව බිරිඳ සිතයි. ඇ ඒ බව නිතර ප්‍රකාශ කිරිම ඔහුගේ සිත තදින් බිඳ දමනු ලබයි. බිරිඳගේ දෝෂ දර්ශනය තේරුම් ගෙන ඉවසීමට දෙව් ගැතිවරයාට හැකි වුවත් ප්‍රයන්තය ප්‍රතිඵල රහිත යැයි කිම ඔහුව වේදනාවට පත් කරයි.

”ඔයා ඕකෙන් ප්‍රතිඵලයක් ගන්න කොට බැරියැ”

කොපමණ වාර ගණනක් ඇ මට මෙසේ කියන්නට ඇත්ද

තමා හා තම පවුල වෙනුවෙන් යෙදිය යුතු කාලය කිසිදු ප්‍රතිඵලයක් නැති කි‍්‍රයාවක් වෙනුවෙන් වැය කිරිම ගැන බිරිඳ තුල ඇති ව හැඟීම් විවාහක දෙව්ගැතිවරයෙකුගේ සැබැ පූජක කාර්යය සමඟ විවාහක ජීවිතය හරස් වන ආකාරය පෙන්වයි. අනිත් අතට කිතු තුමන් කියා පෑ නැති වු බැටළුවා පිලිබඳ කථාවේ ගැඹුර කොතරම් ද යන්න දෙව්ගැතිතුමා තම අත්දැකිම මගින් අවබෝධකරගනි.

”ඔයා කවදාවත් ඔයාගේ දරුවන් වෙනුවෙන් මෙහෙම කැප කිරිමක් කරල නෑ”

එය සැබෑවකි. මා මගේ දරුවන්ට දැඩි සේ ආදරය කළත් ඔවුන් වෙනුවෙන් කැප කිරමක් කරන්න්ට මම කිසි දා නොසිතුවෙමි.

උග්‍ර කිතුනුවන් යැයි තමන් ගැන සිතන සමහරුන්ට මං මුළා වු බැටළු පැටවා පිළිබඳ දෘෂ්ටාන්තය පිළිගැනිමට අසීරු වන බව මම බොහෝ අවස්ථාවල අද්දැක ඇත්තෙමි. මුළු බැටළු රැළෙන් එක් එක් බැටළු පැටවා වෙන් වෙන්ව ගත් කල බැටළු පල්ලාට මුළු රැලටම වඩා වෙනම ගත් පැටවා වැදගත් සේ පෙනී යන අවස්ථා තිබේ. ඔවුන් බොහෝ දෙනෙකුට වටහාගත නොහැක්කේ මෙන්න මේ කාරණයයි.

කෙනෙකුට අයත් වන බැටළු පැටවුන් සියයක් අතරින් එකෙකු මං මුළාව ගියහොත් ඔහු එම පැටවා සෙවිම පිණිස සෙසු පැටවුන් අනුනම දෙනාම කඳුකරයේ තනිකර දමා නොයතිද?

(සියලූ උපුටා ගැනිම් මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ සාධු සංධ්වනි සිංහල පරිවර්තනයෙනි)

jesustodaysl 2 වන වසර 13 වන සතිය 2018 ජූනි 03

 

Comments powered by CComment