(චීන කවියෙකුවන "‍බේයි හෝ" ගේ කවියක්)

 

දිනෙන් දින දුප්පත්කම

දස දහස් ගණනින් ජනතාව ගිලගනී.

යෝධ සර්පයෙක් පොළොවේ පතිත වූ වියලි කොළ අස්සේ

පුඩුවක් ගසා සැඟවී සිට පාදයේ පටන් මුළු සිරුර ගිල දමන්නාසේ

මේ සර්පයාගෙන් බේරීමට කිසිවෙකුටත් බැරිය.

මුලින් ලේ උරා බී පසුව හපද ගිල දමයි.

මේ කුරිරු සර්පයාගෙන් කෙසේ ගැලවෙන්නද

කඳු මුදුනෙහි දේවස්ථානයට ගිය එක මිනිෙසක් දෙවියන් යැද්දේය.

"දෙවියනී අපගේ මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද සියළු

සහෝදරියන්ද සහෝදරියන්ද දුප්පතකමේ කුරිරු සර්පයා ගිලගනි.

ඔබ වහන්සේට මේ රුදුරු අපරාධය නොපෙනෙන්නේද ?

දෙවියනි අප සැම ගලවනු මැනවි.

දෙවියනි මේ විපතින් අප මුදවා ගනු මැනවි"

පිලිතුරක් නම් නැත. දෙවියන් දෑස් පියාගෙනය.

තවත් කීපදෙනෙක් ගොස් අැසුහ "අැයි දෑස් පියාගෙන"

එහෙත් දෙවියන්ගෙන් පිළිතුරක් නැත.

තවත් බොහෝ දෙනෙක් ගොස් කන්නලව් කලහ.

දෙවියන් නිශ්ශබ්දය.

රටේ සියලුම දුප්පත්තු එක් රැස් වී කතිකාකර ගත්හ.

ඔව් හූ දෙවියන් ඉදිරියට ගියහ.

සියල්ලෝ එක හඬින් මෙසේ කීහ.

"දෙවියනී ඔබවහන්සේට අපි පුද පූජා පවත්වන්නෙමු

එහෙත් ඔබ වහන්සේ කිසිම පිහිටක් අපට නැත.

මින් ඉදිරියට ඔබ වහන්සේට පුද පූජා නොපවත් වන්නෙමු.

අප‍ගේ දුකේදි නොබලන ඔබවන් දෙවියෙකුගෙන් 

අපට අැති ඵලය කිම්ද ?

දෙවියන් සිනාසුණේය.

සියලු දෙනා විශ්මයෙන් දෙවියන් දෙස බැලුහ.

දෙවියන් වහන්සේ රැස්ව සිටින සියළු දුප්පතුන් අැමතු සේක.

"දුප්පත් ඔබ සියලු දෙනා එකාමෙන් නැගී සිට

මා ඉදිරියට එනතුරු කොපමණ කාලයත් මම බලා සිටිමයම් ද?

මීට පෙර මා ඉදිරියට අාවේ එක් දුප්පතෙකි.

පසුව කීපදෙනකි.

මෙය තනිව හෝ කීප දෙනෙකුට කල හැකි දෙයක් නොවේ.

ඔබ සියලු දෙනාම දැන් මා වෙත පැමිණ අැත.

වේලාව පැමිණියේ දැන්ය.

කල යුත්තේ මෙයයි.

සියලු දුප්පතුන් එකා මෙන් එක් වී

සිංහයන් මෙන් එඩිතර වව් 

ඉන්පසු දුප්පත්කමේ යෝධ රුදුරු සර්පයා අල්ලා

ගෝනියකට දමා කට බැඳ

සියලු දෙනාම එකතුව වේගවත් පා පහරක් දෙනු

ඉඟිලි ගොස් පහළ ගලායන ගඟට වැටීමට.

බියෙන් හා සාගින්නෙන් වෙලි සිටි දුප්පත්තු

ඔල්වරසන් දුන්නෝය. ඔව් හු එකාමෙන් එකම දේ සිතුහ.

සියල්ලෝ සිංහයන් වී පා පහර දුන්නාේය.

දුප්පත්කම ගංගාවෙනක් මුහුදට ගසාගෙන ගොස්

නැවත කිසිදා නොඒන්නට

මුහුදු පතුලට කිඳා බැස්සේය.

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

 

Comments powered by CComment