ශිෂ්‍ය ලෙස්ටර් විදුහල්පති පියතුමාගේ අනුශාසනා පිළිගත්තේ නම්, පියාෙග් කැමැත්තට යටත් වූයේ නමු සිංහල සිනමාෙව් ගමන් මඟ ද මෙය නොවන්නට තිබුණි. ලෙස්ටර් නම් මහා සිනමාවේදියා අපට ලැබුනේ ඔහු මුරණ්ඩු වූ නිසාය. අකීකරු වූ නිසාය.

මිනිසෙකු මිය ගිය විට කෙරෙන කතා බහේදි ඔහුගේ අාගම, ජාතිය ඔසවා තැබීම එතරම් වැදගත් කරුණක් නොවේ. ඉතා වැදගත් වන්නේ ඔහුගේ භාවිතාවේ අැති මානව හිතවාදිත්වය උසස් මානව ගුණයන්ගෙන් ඉගෙනීමයි.

පසුගිය අප්‍රේල් 5 වනදා 99 වැනි වියට එළඹුනු අාචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 100 වන සැතපුම පසු කිරීමට පෙර අප්‍රේල් 29 වැනිදා දිවි සැරිය නිම කළේය.

දෙහිවල කිතුනු පවුලක 1919 අප්‍රේල් උපත ලැබු ඔහු දෙහිවල සාන්ත මරියා විදුහලින් අධ්‍යාපන ගමන අාරම්භ කළ අතර පසුව බම්බලපිටිය සාන්ත පීතර විදුහලට අැතුලත් විය. ඔහුගේ පියා රාජකීය විදුහලේ අාදි සිසුවෙකු වූ නමුත් මවගේ කැමැත්ත වුයේ අාගමික පරිසරයක අධ්‍යාපනය ලබා දීම වූ නිසා ඔහුව සාන්ත පීතර විදුහලට අැතුලත් කෙරුනි.

ලෙස්ටර් වැනි මහා පුරුෂයින් සතු ලක්ණයක් වන තම ගමන තීරණය කීරිමේ හිතුවත්කාරකම ඔහුටද පොදු විය.

දොස්තර තාත්තාට තිබු තම පුතු දොස්තරෙකු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු කිරිමේ සිහිනයටද, විදුහල්පති පියතුමාට තිබු ඔහු ව පූජකවරයෙකු කිිරීමේ සිහිනයටද පිටු පෑ ඔහු ලේඛකයෙකු වීමේ මාවත තෝරාගත්තේය. 

දෙමාපියන් ඔහුගේ මේ ලිවීමේ මාර්ගයට පිවිසීම වෙනස් කිරීම සඳහා බලපෑම් කිරීමට තෝරාගත්තේ සාන්ත පීතරයේ ඔහුගේ විදුහල්පතිව සිටි පියතුමාවයි. පියතුමා වෙත ඔහුුව දෙමාව්පියන් යොමු කළේ ඔහුගේ තීරණය වෙනස් කිරීමට අවවාද අනුශාසනා දීමටයි. පියතුමා ලෙස්ටර් ට පෙන්වා දුන්නේ ලේඛකයෙකු වීමෙන් ලබාගත හැකි දෙයක් නැති බවයි. ලෙස්ටර් එ් මතකය මෙසේ අාවර්ජනය කළේය.

"පියතුමා ලේඛකෙයකු ලෙස ලබාගත හැක්කේ මොනවාදැයි මගෙන් අැසුවා. එතුමා මගේ සිත වෙනස්කිරීමට මොන තරම් උත්සහ කළත් එය එතුමාට කළ නොහැකි වුනා. ඉන් සිදුවුයේ මම පාසල් ගමන නවතා දමා මා කාමරයේ දොර ජනෙල් වසා ගැන ලිවීමට පෙළඹවීමයි."

ශිෂ්‍ය ලෙස්ටර් විදුහල්පති පියතුමාගේ අනුශාසනා පිළිගත්තේ නම්, පියාෙග් කැමැත්තට යටත් වූයේ නමු සිංහල සිනමාෙව් ගමන් මඟ ද මෙය නොවන්නට තිබුණි. ලෙස්ටර් නම් මහා සිනමාවේදියා අපට ලැබුනේ ඔහු මුරණ්ඩු වූ නිසාය. අකීකරු වූ නිසාය.

"රේඛාව" සමඟ සැබෑ සිංහල සිනමාවක පදනම දමද්දිී ලෙස්ටර්ට තවත් එවැනීම මුුරණ්ඩු මිනිසෙකුගේ සහය අවශ්‍ය විය. එ් මිනිසා නම් සුනිල් ශාන්තයන්ය. රේඛාවට සංගීතය සපයා ගැනීමට ලෙස්ටර්ට සුනිල් ශාන්තයන්ව අවශ්‍ය විය.

"සිංහල සිනමාවක් කොහිද අනුකාරක සිනමා කෘති සඳහා මගෙන් සහයක් නැත" සුනිලුත් ලෙස්ටර්ගේ  ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ලෙස්ටර් අත්හැරියේ නැත. සුනිලුන් නම්මවා ගත හැකි අයෙකු සොයාගත් ලෙස්ටර් ඔහු සමඟ දෙවන වතාවේ සුනිලුන් හමුවන්නට ගියේය. එ් මර්සලින් ජයකොඩි පියතුමා සමඟය. සුනිලුන් එවරද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඉන්දීය අනුකරණ සිනමාවට තමා සම්බන්ධ නොවන බව පවසමිනි. 

පියතුමාද ලෙස්ටර් ද කරුනු පැහැදිලි කිරීමෙන් පසු සුනිලුන් ඊට එකඟ වීම නිසා දේශීය සිංහල සිනමා සංගීතයක් උපන්නේය.

ලෙස්ටර්ගේ විදුහල්පති හා මර්සලින් ජයකොඩි පියතුමා සිහිවෙද්දී එවැනීම තවත් කථාවක් මතකයට එයි. එ් ලතා වල්පොල ගැනය. ලතාවල්පොල පාසල් වයසේදීම ගුවන් විදුලිෙයේ ගීතයක් ගැයීමට ගියාය. විදුහල්පති කන්‍යාසොයුරිය අැය අගය කළේ කම්මුල් පහරක් දී වහාම ගී ගැයීම නතර කළ යුතු බව පවසමිනි. නැත්නම් පාසල ගමන නවතන ලෙස පවසමිනි. 

ලතාගේ මව්පියන්ට විදුහල්පතිනියට කරුණු පැහැදිලි කිරිමට කෙනෙකු අවශ්‍ය විය. ඔවුන්ගේද තේරීම වූයේද ලෙස්ටර්ගේ තේරීමයි. එ් මර්සලින් ජයකොඩි පියතුමාය. එදා ලතා විදුහල්පතිනියගේ නියෝගයට අවනත වූවා නම්, හෙළයේ ගීත කෝකිලාවිය අපට හමු නොවේ.

තවත් කතාවක් මීට එක් කළ යුතුය. එ් තවත් අපුරු මිනිසෙක් ගැනය. ඔහු ක්ලැරන්ස් විජේවර්ධනය. ක්ලැරන්ස්ගේ ගුරුවරයා ක්ලැරන්ට පවසන්නේ සංගීත පිස්සුවට වහාම තිත තබා ෂෝට් හෑන්ඩ් හා ටයිපිං ඉගෙන ගන්නා ලෙසය. ක්ලැරන්ස්ගේ බාප්පා හා අම්මා ඔහුට සොයාදෙන්නේ වතු පාලක රස්සාවකි. ක්ලැරන්ස් ගුරුවරයාට මෙන්ම බාප්පාටද අකීකරු විය. එසේ නොවුනා නම් සිංහල සංගීතය කොතරම් දුප්පත් වනු අැත්ද.

කිතුනු සිනමාකරු, කිතුනු ගායිකා, යැයි වර්ණනා මුඛයෙන් හඳුන්වන ලෙස්ටර්, මෙන්ම ලතා ද ක්ලැරන්ස්ද අකීකරු වු සිසුන්ය. එහෙත් කීකරු වූ කී සීයක් දරුවන්ගේ ජීවිත ඉරණම ගුරුවරු විදුහල්පතිවරු විසින් වෙනස් කරන්නට අැත්ද ?

jesustodaysl 2 වන වසර 10 වන සතිය 2018 මැයි 13

Comments powered by CComment