බොහෝ ආගමික සම්ප්‍රදායන් (ධර්මය නොවේ) පුරුෂ මූලිකයි. ස්තී‍්‍රයට ලබා දෙන්නේ ද්වීතීය බවක්. එවරස්ට් ගේ කවි අතර ඉතා ප්‍රබල කවියක් වන්නේ ජේසුගේ ජීවන ගමනේ ස්තී‍්‍රන්ගේ දායකත්වය සිත්තම් කරන යථ නම් කවියයි.

ජී. එවරස්ට් ආරච්චිගේ ‘කුකවි’ කාව්‍ය සංග්‍රහය අතපත් වු සැනින් එය කියවා හමාර කිරීමට මා පෙළඹවු සාධකය වූයේ කේ. කේ. සමාන් කුමාරගේ පසුවදනයයි.

නූතන කිතුනු සාහිත්‍ය පිළිබඳ කිසියම් කතිකාවක් ගොඩ නඟමින් සිටින මොහොතක ඒ සඳහා කුකවි උපකාරයක් වේ යැයි දැනුනේ පසු වදනේ පහත සඳහන නිසාවෙනි.

”එවරස්ට් කිතු දහමේ සංකල්පවේදය නූතනවාදි චින්තනයන් එක්ක මුහු කරන බොහිමියානුවක් කාරණය ඒක නොවෙයි. ඔහු ඒකට මොන තරම් සප්‍රමාණික ද කියනවා නම් ඒ සංකල්පවේදය අපේ බොදු සංකල්පවේදයක් කියන විශ්මයාහභාවයක් ඔහු ඒ එක්කම ග්‍රහනය කරන එකයි.

අපේ මේ කෙටි විමසුමේ අවධානය දන්නේ එවරස්ට්ගේ කවිය තුළ හමුවන කිතුනු සංකල්පවේදය ගැනයි.

කුකුවි හි පිදුම, රියල් පිදුම 1, රියල් පිදුම 2, ලෙස පිදුම් තුනක් තිබෙනවා. රියල් පිදුම 1 ජේසුස්ට එය මේ වගෙයි.

ලොව පළමු වරට

ඔලූ ගෙඩි ගාණකින්

දස දහසකට

අඩු වූවද

සමාජවාදි

සමානාත්මතාවාදි

පොදු දේපළ උරුමය

භුක්ති විදි

කොමියුනයක් බිහි කෙරුමට

පිටිය සකස් කෙරූ

නාසරිය ජේසුන්

නම් වූ

ඒ මනුෂයොත්තමයාණන් හට 

කවියට යටින් පරිකතාවන්ද වේ ඒ මෙලෙසිනි.

රෝම අධිරාජ්‍යයේ නියෝජිතයෙකු වු ‘සැවුල්’ ගේ අනුදැනුම මත පළමු කොට ස්තෙපන් (STEPHEN) ඝාතනය කොට ඒ කොමියුනය විසුරුවා හැරිනි.

(ශුද්ධ වු බයිබලය ක්‍රියා පරිච්ෙඡ්දය 41,44,55/4 32-37, 8/1-3)

එවරස්ට් ජේසුසගේ මෙහෙවර සමාජවාදි සංකල්පවේදයක් තුළ ප්‍රතිඅර්ථකථනය කරයි. මේ අර්ථකථනය සම්ප්‍රදායික කිතුනු විශ්වාසිකයාට හුදු දේශපාලනික අරුත් ගැන්වීමක් වූවද එහි සත්‍යය ගැබ්ව පවතී.

පළමු ක්‍රිස්තු ශ‍්‍රාවක සංඝය සාංඝික ජීවිත ක්‍රිමයක් අනුගමනය කළාහු වෙතී. එය සමාජවාදි කොමියුනය ක ලක්ෂණ පෙන්නුම් කරයි.

සාවුල් විසින් එම කොමියුනය මර්ධනය කරන්නට යෙදුනු බවද ඇත්තකි. දේශපාලන අරුතින් ගත් විට ජේසුගේ ශ‍්‍රාවක සංඝය තුළ වූ කොමියුන ලක්ෂණ පිළිබඳ සාධක රැසක් තිබේ. එය හුදෙක් පරිභෝජනය සාංඝික වු කොමියුනයක් විනා නිෂ්පාදනය සාධක සාංගික වූවක් නොවීම  ඊට සමාජවාදි අරුතින් එල්ලවන ප්‍රධාන විවේචනයයි. 

මේ විකල්ප ජීවිත ක්‍රමය විනාශ වුනේ එහි නායකයින්ව මෙන්ම සාමාජිකයින්ව මරා දැමීම නිසා පමණක් නොෙවි. එහි තිබුණු සාරය වෙත මතවාදිව මැදිහත් වීමෙන් එකි සාරය පවතින ක්‍රමයට අනූගත කරමින් දුර්වල කිරීමෙන්.

ඒ සඳහා දායක වන්නෙක් සාවුල්. සාවුල් කියන්නේ යුදෙව් න්‍යායචාරයවරයෙක්. ඔහු විකල්ප ජීවන ක්‍රමයක් ගත කරන කිතුනුවන්ව මර්ධනය කිරීමට පෙරමුණ ගත්තෙක්. ඔහු කිතුනුවන් මර්ධනයට දමස්කය බලා යන ගමනේදි ජේසු තුමන්ව දර්ශනය වීමෙන් ජේසු තුමන්ගේ ශ‍්‍රාවකයෙකු බවට පත්වෙනවා. ඉන් පසු ඔහුගේ තම පාවුළු ලෙස වෙනස් වෙනවා.

ජුදයාවෙන් එපිටට කිතු දහම ප්‍රචලිත කිරිමට පුරෝගාමි වන්නේ පාවුලු. කිතුනුවන්ගේ බයිබලය නව ගිවිසුම තුල ඔහුගේ ලිපි ලේඛන රාශියක් තිබෙනවා. මේවා ජේසු වදන පිළිබඳ පාවුළුගේ අර්ථ කථන වලින් පිරි තිබෙනවා. ඉතිහාසය පුරා ඔහුගේ කාර්යභාරය විවාද සම්පන්නයි.

කිතුනු සභා ඔහුව සාන්තුවරයෙකු ලෙස සලකන අතර ඔහු කිතු දහමේ සාරය එහි විමුක්ති අරුතින් හීන කළාය කියන මතයද තව අතකින් ඉස්මතු කෙරෙනවා.

එවරස්ට්ගේ ‘ඝාතනය’ නම් කවියෙන් සිදුවන්නන් පාවුළු ගේ භූමිකාව විමුක්ති අරුතින් යලි අර්ථකථනය කිරීම.

ඝාතනය කළා

නාසරිය ජේසුන්ව

ජුදෙව්වන්

පළමු වරට

 

ඝාතනය කළා

නාසරිය ජේසුන් ව

සාවුල් (පාවුළු)

දෙවැනි වරට

මෙය අදහස සමඟ කිතුනු ලෝකය කිසිසේත් එකඟ වෙන්නේ නෑ. නමුත් කිතු දැක්මේ විමුක්ති හරය පිළිබඳ සලකා බැලීමේදි මෙය සිත රිදවන නමුත් සලකා බැලිය යුතු අදහසක්.

එවරස්ගේ මේ මත වාදය මීට පෙර විචාරාත්මතකව ලියු ලේඛකයින් රැසක් සිටිනවා

’කුකවි’ සඳහා පෙර වදනක් ලියන නිල් ලකි ක්‍රිස්ටෝපර් මෙහෙම සඳහනක් කර තිබෙනවා. ”එවරස්ට් ගේ කුකවි ආයතනගත ක්‍රිස්තියානි සංස්ථාවන්ට එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

”නීල්ගේ සඳහ නම් හරියට හරි තවමත් මේ පොතට විරුද්ධව ආයතනගත සභාවන් යමක් ලියා නැත්තේ ඔවුන් පොත් කියන්නේ නැති නිසා එය විය යුතුයි. ඇත්තටම ඔහුගේ කුකවි ගී හමුවන කිතුනු සංකල්ප ආශ‍්‍රිත කවි මරාගෙන මැරෙන බෝම්බ වගේ සම්ප්‍රදායික විශ්වාසයන් පුපුරවා හරිනවා. මේ ඒ වගේ නිදසුන් කීපයක්

ජෝසප්පුවාගේ කුකව

ඇත්තටම 

‘ෂුවර්’ ද උඹට

උඹ

ඔය බඩ දරන් ඉන්නේ

දෙයි හාමුදුරුවනේ

දරුව බව 

හැබැට ?

 

අභියෝගය

මග්දලේනාවෙනි

ඔබ අබිසරුලියක යැයි

කිතුනුවෝ පවසති.


බැරි ද ඔබ හට

බොදුනු මා හට

පෙන්නා දෙන්න

එකම එක තැනක්


ශුද්ධ බයිබලයේ පමණක්

එ් වගට

මගේ කුහුල

සන්සිදුවන්නට

ලොත් ගේ විප්ලවය

අැවැසි නම්

නුඹලාට

මගේ මේ නෑඹුල්

කන්‍යා දූවරුන් දෙදෙනාට

කැමැත්තක් කරාපන්න

මුදා හැර

මගේ අාගන්තුකයන්

දෙදෙනා

 

එවරස්ට් ගේ කවි වලට පදනම් වන්නේ ක්‍රිස්තියානි පිලිබඳ ඔහුගේ පරිකල්පනීය අදහස් පමණක් නොවෙයි. ඔහු ඒ පිළිබඳ කිසියම් කියවීමක් සහිත බව පෙනි යනවා. ඒත් ඔහුගේ කියවීම තුළ තිබෙන අඩුවක් විසින් ඔහුගේ කවියේ යම් සීමාවන් සළකුණු කරන බව පෙනෙනවා. ඒ අඩුව ලෙස අපට පෙනී යන්නේ ඔහුට ක්‍රිස්තියානියේ විමුක්ති කතිකාවට අදාල වු දේව ධාර්මික කියවීමක් නැතිකමයි.

බොහෝ ආගමික සම්ප්‍රදායන් (ධර්මය නොවේ) පුරුෂ මූලිකයි. ස්තී‍්‍රයට ලබා දෙන්නේ ද්වීතීය බවක්. එවරස්ට් ගේ කවි අතර ඉතා ප්‍රබල කවියක් වන්නේ ජේසුගේ ජීවන ගමනේ ස්තී‍්‍රන්ගේ දායකත්වය සිත්තම් කරන යථ නම් කවියයි.

යථ

පිරිවරා පිටිය ද 

අග සව්වන්

දුසිමක් ද

දස දහස් ගණන් වු

ශ‍්‍රාවකයින් ද

ජේසුනේ 

ඔබේ අවසන් සුසුම් පොද

වා තලයට මුසුවන මොහොතේ

ඔබ තනි නොකොට

සිටියෝ ඔබ අස

පිරිමි පුළුකට

ඔබ වඩා පෙම් කළ

යොහාන්

අැරුණු කොට

 

මරියා වරු ම

තිදෙනෙක් නොවේද ?


ගෙවී ගිය සඳ

දින තුනක්

ඔබේ සොහොන වෙත

පැමිණියෝද

මරියාවරු

දෙදෙනෙක්ම නොවන්ද

එය මරණය මංචකය තුළ ජේසු හා රැඳී සිටි ස්තී‍්‍රන් ගැන හුදු වාර්තාකරණයක් නොවී ස්ත්‍රියගේ ශක්තිය හා දායකත්වය ප්‍රබලව ඉස්මතු කරන කවියකි.

එවරස්ට් ගේ කුකුවි තුළ තව කවි කීපයක්ම ක්‍රිස්තියානි සිතිම් වලට මඟ හසර විවර කරනවා. ඒවා ගැන කතා බහ කිරීමක් මෙහිදි සිදු නොවන්නේ ලිපියේ ඉඩකඩ සලකා.

මේ ලිපියේ ආරම්භයකදී උපුටා දක්වා කේ. කේ. සමන් කුමාරගේ පෙර වදන පැහැදිලිව පෙන්වා දෙන ලෙස කිතුනු සංකල්පවේද බොදුනු සංකල්පවේද සමඟ සැසදීම අතින් එවරස්ට්ගේ ප්‍රවේශය ඉතා විශිෂ්ඨයි මේ ඊට නිදසුනක්

අතඳ හිමි

බුදුනට පෙම් කළ

යොහාන්

ජේසුනට පෙම් කළා


පිරිනිවන විට බුදුන්

අසලම පිටියේ

අතඳ තෙර
උත්ථාන වන විට ජේසුන්

අසලම සිටියේ

යොහාන්


එවරස්ට් ගේ කවි ඔහු කුකවි ලෙස නම් කිරීම හොඳ යැයි කාව්‍යාලංකාර ගැන සිතන ඇතැමුන් කියත හැකිය. මන්ද ඔහුගේ කවි බස ඇතැම් තැන්හිදි හුදු වාර්තා කරණ භාෂාවකට ඌනනය වනු දැකිය හැකි නිසාත් ශ‍්‍රාම්‍ය බස් වහරක් ඇතැම් තැන්වල ඔහු උපයුත්ත කර ගන්නා නිසාත්ය. එහෙත් ඔහු කවි ලෝකයට රැගෙන එන සංවාදය නම් කිසිවෙකුට බැහැර කල හැකි වෙතැයි අපි නොසිතමු.

jesustodaysl 2 වන වසර 6 වන සතිය 2018 අප්‍රේල් 15

Comments powered by CComment