පහන් රුක

මතට 

තවත් 

පහනක්

සුළඟට අවනත රස විඳින අතර එහි පළමු පිටුවේ මංජුලගේ කවි ලකුණ ගැන මහින්ද නාමල් කර තිබු  පහත සඳහන කොතරම් ඇත්ත දැයි හැගුනි.

“කිතු සමයේ විමුක්ති හරය විශද කරන සාහිත්‍ය ශානරය සිංහල කවි හරහා පොදු සාහිත්‍යට රැගෙන ආවේ මංජුල වෙඩිවර්ධන කවියාය.  එය එතෙක් පැවැතියේ චූල සම්ප්‍රදාය තුළ සිරගතවය. කිතු තුමන්ගේ ම වචන වලින් කිවහොත් බදුනකින් වැසු පහනක් ලෙසය. එය පහන් රුක මත තැබුවේ මංජුලයි”

“සුළඟට අවනතව” කවි පොතේ එන පහන පලවන කවිය පමණක් වුවද මංජුල සටහන් කරන කිතුනු ලකුණු පෙන්නුම් කරයි.

කොන්ත තරුවට

“ඕකට කුරුස තරුව කියලත් කියනවා.

දැල ඇදල වියර වෙලා ඕකට තියාගත්තම කෙලින්ම දූපතේ” (බත්තලංගුණ්ඩුව)

කොන්ත තරුවට ඇහැකි සංසාරේ එළි බිඳෙක තවරන්න

අන්ද අඳුරට ඇහැකි කන්තාරුවක් දෙතොල මතුරන්න

නින්ද බිඳගත් රැයට ඔරසමක ඉවසීම අතුරන්න

චණ්ඩ සුළඟට වුණත් සන්සුන්කමෙහි අරුත විඳගන්න

හිත රිදුණ වලාකුළකුදු පවා දැක ගන්න බැරි අහසේ

පරමණ්ඩලේ කොහොම පින්තාරු කරගන්නවද දෙනෙතෙ

බෙන්තිඤ්ඤෙ වදිනතුරු හෑරිලා පතුරු ගැළවුණු පපුවේ

නිච්චියට දකින්නෙමි පින්තූරයක් වගේ දුටු සිහිනේ

ඔබට මට ඇහැකි එහෙ මෙහෙ යන්න ඕනේ නම් යළි එන්න

අකමැතිම අකුරු අරගෙන කවක හදබසට රිදවන්න

කැමති නම් රළ බිදෙන රිද්මයෙන් පපුව පුරවන් ඉන්න

පිය ලකුණු මැකෙන බව දැන දැන ම වෙරළකදි හමුවන්න

 

jesustoday 31 සතිය 2017 ඔක්තෝම්බර් 01 

Comments powered by CComment