ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ලෝක සාම දිනය වෙනුවෙන් බෙදාහරින ලද තැපැල් පතේ සඳහන් ඡායාරූප ගැන අපි මීට කලිනුත් න්‍ැිමිඑදා්හික වෙබ් අඩවියෙන් කතා කලා.

මේ සටහනත් ඒ ගැනමයි. එදා අපි කතා කළේ ඒ ඡායාරූපය පාප්තුමන් යොදාගත්තේ ඇයි කියන කාරණය අද අපි මෙහි උපුටා දක්වන්නේ ඒ ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා ඒ ගැන කියන කතාව.

 

Joe O'Donnel

දෙවන ලෝක යුද්ධයේදි යුද වාර්තාකරුවෙකු ලෙස සේවය කළ බි්‍රතාන්‍ය ජාතිකයෙකි. හිරෝෂිමා නගරයට ඇමෙරිකානු පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල වී දිනකට පසුවු ඔහු එම නගරයට ඇතුල් විය. ලෝක ප්‍රසිද්ධියට පත් වු මේ දසුන ඔහුගේ කැමරා කාචයට හසු කර ගනු ලැබුවේ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පිළිස්සුනු මිනිසුන් සමූහ ලෙස ආදාහනය කරන සූසාන භූමියකදීය.

“වසර දහයක පමණ කුඩා පිරිමි ළමයෙකු මා අසලින් ගමන් කරනු දුටුවා. ජපානයේ බොහෝ දරුවන් තම කුඩා සොහොයුරෙකු හෝ සොහොයුරියක පිටේ එල්ල ගෙන කෙළි සෙල්ලම් කිරීම සුලබ දසුනක් වූවද මා දුටු පිරිමි දරුවාගෙන් දිස් වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැසීරීමක් මා ඔහුගේ හැසිරිම් දෙස ඉතා ඕනැකමින් බලා සිටියා. ඔහුගේ මුහුණෙන් සිනහවක ලකුණක් හෝ මා දුටුවේ නෑ. තම පිට මත එල්ලා ගෙන ආ කුඩා සොහොයුරා ගේ බෙල්ල එල්ලා කඩා හැලෙන ආකාරයක් මා දුටුවා.

සුදු පැහැති මුහුණු ආවරණයක් සහිතව පැමිණි ජපන් ජාතිකයෙකු ඔහුගේ කර මත එල්ල රැගෙන ආ කුඩා දරුවා දෝතට ගන්නා ආකාරය මා දුටුවා. ඉන් මා සිදු වී ඇති දේ ක්ෂණිකව වටහා ගත්තා. බුර බුරා නැගෙන ගිනි දැල් වෙත මියගිය සිඟිත්තා වීසි කරන අයුරු මා බලා සිටියේ හදවතේ නැගෙන ගිනි දැල් අතරින්, අනතුරුව මාගේ දෙනෙත ඇදී ගියේ මියගිය කුඩා සිඟිත්තා රැගෙන ආ දරුවාගේ හැඟිම් බර මුහුණ වෙතය. තම සොහොයුරා ගින්නට වීසි කිරිමෙන් පසුව ඔහු තමාගේ යටි තොල ලේ එනතුරු සපා ගන්නා ආකාරය මා දුටුවා. අනතුරුව ජපන් සම්ප්‍රදායට අනුව ඔහුගේ හිස ගිනි උඳුන වෙත පාත් කර සෙමෙන් සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගියා.

මේ සත්‍ය සිදුවීම අලලා 1988 දී Grave of the Fireflies නමින් ජපන් බසින් විශිෂ්ඨ සිනමා කෘතියක් නිර්මාණය විය. මෙම සිනමා කෘතිය ලොව පුරා මහත් ජනාදරයට පත් විය.

(2018.02.11 ලංකා පුවත්පතෙන් උපුටා ගැනුමෙකි)

jesustoday 53 සතිය 2018 මාර්තු 04

 

Comments powered by CComment